ගුත්තිල පඬිවරයා
ගුත්තිල කාව්‍යයේ ප්‍රධාන චරිතය යි. බරණැස් රජුගේ රාජ සභාවෙ ගාන්ධවර්යයා වු මොහු, අන්ධ දෙමාපියන් රක්‌ෂා කළ සත්පුරුෂයෙකි, නුවණැති ය, වෙණ වැයුමෙහි දක්‌ෂ ය. දේහ ලක්‌ෂණ විද්‍යාව පිළිබඳ හසලයකු වු ඔහු, මුසිලගේ දුදන ගති හදුනා ගත්තේ ය. දෙමවිපියන් ට ගරු කළ ඔහු, මූසිලට ශිල්ප දීමට පසුව කැමති විය. රාජ සභාවෙ ගාන්ධර්වයෙකු වීමට අවශ්‍ය වු මූසිල සම වැටුප් ද ඉල්ලීය. වීණා වාදන තරඟයකට මග පෑදුයේ බඹදත් රජු ය. මෙහි දී කවියාට නො දැනී ම බෝසත් චරිතයට ආවෙණික කරුණාව, මෛත්‍රීය, ඉවසීම, අනුකමිපාව, පරාර්ථය, වැනි උසස් ගුණාංග වෙනුවට, නොමනාපය, නො ඉවසීම, ආත්මාර්ථය, පසුතැවිල්ල, යන චිත්ත ස්‌වභාවයන් ඉස්‌මතු වීම ය. සක් දෙව්ගේ පිහිට ලැබ වීණා තරඟයෙන් දිනුයේ ද වංචාවකින් මෙනි. කිසිදු පිළිසරණක් නො ලද මුසිල, පැරදී මරණයට ද පත් වූයේ අසාධාරණ ලෙසිනි. මෙ නිසා කවියා ට නො දැනීම ගුත්තිල ඇදුරුගේ චරිතයේ දුර්වල තැන් ඉස්‌මතු වී ඇත.
එය බෝසත් සිරිතට ගැලපෙන්නේ ද ?
මුසිල
උදේනි පුරවරයේ දක්‌ෂතම ගාන්ධර්වයා වු ඔහු, ධෛර්ය සම්පන්න, වීර්යවන්ත අනතිමානි පැවතුමිවලින් හා ඉවසීමෙ ගුණයෙන් ද, ශාස්‌ත්‍ර ලෝභයෙන් හා උපායශීලි බැවින් ද පිරිපුන් එඩිතර තරුණයෙකු ලෙස නිරූපණය වෙ. බරණැස්‌පුර වෙළදුන්ගෙන් ගුත්තිල වර්ණනාව අසා, ශාස්‌ත්‍ර පිපාසාවෙන් පීඩිත වූ ඔහු, බරණැසට ගොස්, උපායශීලි හා අප්‍රතිහත ධෛර්&යයෙන් යුක්‌ත ව, සිය පරමාර්ථය මුදුන්පත් කර ගත්තේ ය. ගුත්තිල ඇදුරු අභිබවා යාමට මුල දි ඔහුට අවශ්‍ය වූයේ නැත. බඹදත් රජුගේ නිග්‍රහය නිසා ම ඔහු සම වැටුප් උදෙසා වීණා වාදන තරඟයට ගුරුවරයා සමග එළඹිණි, සත්‍ය වශයෙන් ම, ගුත්තිල ඇදුරුට බාහිර බලවෙගයේ පිහිට නො ලැබුණි. නමි මූසිල ජය ගනු නිසැක ය. අසාධාරණයට ලක් වු මුසිලට සමාජ බලවෙගය ද එරෙහි ව මරණය අත් විය. මෙ අනුව මූසිල පවිටු දුදනෙකු වෙන් නො ව, සමාජ අසාධාරණයට ලක් වු අවාසනාවන්ත තරුණයෙකු ලෙස නිරූපණය වෙ.
බඹදත් රජු
ගුත්තිල කාව්‍යයේ එන රාජ වර්ණනයේ දී කාරුණික, ඉතා ඥාණාන්විත, තේජෝ බල පරාක්‍රමයෙන් යුත් නිරිදෙකු ලෙස වර්ණිත වුව ද, ඔහුගේ අභ්‍යන්තරය කෙසේ දැයි පසුව නිරූපණය වේ. ගුත්තිල ඇදුරුට පක්‌ෂග්‍රාහී වු බඹදත් රජු මූසිලට නින්දා කොට වීණා වාදන කරවීම සඳහා මග පෑදුවෙ ය. තමන්ගේ, තෙද බල හා ඉසුර විදහා පෙන්වීමට, ඔහුට මෙය කදිම අවස්‌ථාවක් විය. අසරණ වු මූසිලට මරණය අත්වන්ට නො දී බෙරා ගැන්මට ඔහු නො සිතුවෙ ය. එය රජෙකුට තරමි නො හොබි.
සක් රජු
සදෙව් ලොවට ම අධිපතියා ය. බෝසතුන්ගේ ගැලවුමිකරුවා ඔහු බව බොහෝ ජාතක කතා වලින් පෙනේ. වෙස් වලාගෙන ද නියම වෙශයෙන් ද මනු ලොවට එයි. ගුත්තිල ඇදුරුගේ දුක දැක ඔහුගේ ගල් ආසනය උණු විය. වීණා වාදන තරඟයෙන් වංචනික ව දිනීමට ඔහු ගුත්තිල ඇදුරුට උදවි හා උපදෙස් දෙයි. දෙවඟනන් රැඟුමට යොදවා ඔහු ද දෙවියන් සමග අහස් කුස සිටී. මූසිල අවාසනාවන්ත ඉරණමකට බදුන් වූයේ, සක්‍රයාගේ අසාධාරණ ක්‍රියා කලාපය නිසා ය. අසරණයන්ට පිහිට වන දෙවියෙකු නො ව, අසාධාරණය කරවන දෙවියෙකු ලෙස නිරූපණය වෙ. බෝසත් චරිතයට කැලලක් මතු කරවන්නේ සක්‍රයාගේ ක්‍රියා කලාපය යි.