කතුවරයා හා කාලය
 

ජන ප්‍රවාද අනුව ගුත්තිල කාව්‍යය ලියන ලද්දේ තොටගමුවෙ විජයබා පිරිවෙන්පති ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකු වු වෑත්තෑවෙ හිමියන් විසිනි. කෝටිටෙ යුගයේ සිටි, සවැනි පැරකුමිබා රජුගේ අවසාන කාලයේ, හලාවත ජයපාල මැතිදුන්ගේ ඇරයුමෙන්, මෙය ලියැවුණු බව ග්‍රන්ථයෙහි ම සඳහන් වෙ. පන්සිය පනස්‌ ජාතක පොතේ, දෙසිය හතලිස්‌ දෙවන ජාතක කතාව වු, ගුත්තිල ජාතකය වස්‌තු විෂය කොටගෙන ලියැවුණු ගුත්තිල කාව්‍යය, සිහලයේ පළමුවන ජාතක කතා කාව්‍යය ද වෙ. එසේම ඉතා සරල, සුගම, විශිෂ්ටතම ජාතක කතා කාව්‍යය ද මෙයයි. ජාතක කතා පුවත හකුළුවමින්, විහිදුවමින්, රසවත් ව ගලායන්නේ ජල ප්‍රවාහයක්‌ මෙනි.



ගුත්තිල ජාතක කාව්‍යයේ කතා සාරය යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත රජු කල, බෝසතාණෝ ගාන්ධර්ය කුලයෙහි ඉපිද, වියපත් ව, ශිල්ප ඉගෙන, රාජ සභා වීණා වාදකයා ලෙස සේවය කරමින්, අන්ධ දෙමාපියන් රක්‌ෂා කරමින් විසූහ. මෙකල බරණැස සිට, වෙළදුන් පිරිසක්‌ උදේනි පුරයට වෙළඳාම සඳහා පැමිණෙන විට, එහි මහත් සැණකෙළියක්‌ විය. ප්‍රමෝදයට පත් වෙළෙන්දෝ විණා වාදකයෙකු කැඳවා සතුටු වන්නට තැත් කළ ද, එම මූසිල නමි ගාන්ධර්වයාට එය ඉටු කළ නොහැකි විය. මෙහි දී බරණැස වසන ගුත්තිල නමි දක්‌ෂ ගාන්ධවර්යයා පිළිබඳව, මුසිලට වෙළදුන්ගෙන් අසන්නට ලැබුණු අතර, මූසිල ඔවුන් සමග බරණැස ගොස්‌ ගුත්තිල ඇදුරු හමු විය.

ඔහුගේ දුදන ගුණ දුටු ගුත්තිල ඇදුරු ශිල්ප දීමට අකමැති වුව ද, උපක්‍රමශීලී වු මූසිල, ගුත්තිල ඇදුරුගේ අන්ධ දෙමවිපියන් ලවා කියවා, සිය ආශාව ඉටු කරවා ගෙන දක්‌ෂ ගාන්ධවර්යයෙක්‌ විය. බඹදත් රජුගේ වීණා වාදකයා වීමට, මූසිලට අවශ්‍ය වූ අතර, ගුත්තිලයන්ගේ වැටුපෙන් අඩක්‌ තරමි ගෙවීමට රජු ද එකවී විය.


එහෙත් ගුරුවරයා හා සම වැටුප් ඉල්ලූ මූසිල, වීණා වාදන තරඟයකට මග පාදා ගත්තේ ය. සත්වෙනි දවස ශිල්ප දැක්‌වීමට සිදු විය. තැවුලට පත් ගුත්තිල ඇදුරු දිවි නසා ගැනීමට වනයට වන් අතර, සක්‌ දෙවි බෝසත් දුක දැක එතැනට පැමිණ, ගුලි තුනක්‌ ද උපදෙස්‌ ද ගුත්තිලයන්ට දී ඔහුව දිරිමත් කළේ ය. සක්‌ දෙව්ගේ උපදෙස්‌ පරිදි ක්‍රියා කළ ගුත්තිල ඇදුරු වීණා වාදක තරඟයෙන් දිනු අතර, සතුටට පත් ජනයෝ මූසිල ව යම පුරයට ම නෙරපූ හ. ගුලි තුන අහසට විසි කල විට, දෙවඟනන් නවසියයක්‌ රාජ සභා භූමියට බැස රවඟන්නට වූහ. ගුත්තිලගේ වීණා නාදය සදෙවි ලොව දක්‌වා ම පැතිරුණූ අතර  දෙවඟනන්ගේ බලවත් ඉල්ලීම පරිදි, ඔවුන්ට වීණා වාදන මිහිර ලබා දීම සඳහා, ගුත්තිල ඇදුරු ද දෙවිලොවට ගියේ ය. ඒ වෙනුවට, දෙව්ලොව ඉපැදීමට ඔවුන් පෙර බැවි හී කළ පින්කමි ගැන අසාගෙන ගුත්තිල ඇදුරු නැවත මනු ලොවට පැමිණ, මහත් පින්කමි කොට මිය පරලොව ගියේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017