කෝටිටෙ සාහිත්‍ය යුගය
කෝටිටෙ නගරය අගනුවර වශයෙන් පැවති ඵෙතිහාසික යුගය මෙයට අයත් වෙ. (ක්‍රි. ව. 1415 - 1565) රජවරුන් දස දෙනෙකුගේ කාලය මීට අයත් වුව ද, සාහිත්‍ය පුනර්ජීවනයක් ඇති වූයේ හයවන පරාක්‍රමබාහු රජුගේ කාළය තුළ දී ය. සිංහල සාහිත්‍යයේ ස්‌වණර්යමය යුගය වශයෙන් සැලකෙන මෙම යුගය තුළ දි ආගමික, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික පුනර්ජීවනයක් ඇති විය. විද්‍යා ස්‌ථාන ගණනාවක් වැඩි දියුණු වූ අතර ගිහි පැවිදි පඬිවරු ග්‍රන්ථ කරණයෙ හි නියැලුණ හ. තොටගමුවෙ ශ්‍රී රාහුල හිමි, විදාගම මෛත්‍රී හිමි, වෑත්තෑවෙ හිමි, තිලක පිරිවෙන්පති හිමි ආදී පැවිදි පඬිවරු ද හයවන පැරකුමිබා රජු, නත්නුරතුනයා ඇමති, පනික්‌කි ඇමති ආදී ගිහි පඬිවරු ද සාහිත්‍ය උන්නතිය කෙරෙහි විශාල මෙහෙයක් කළ හ.
මෙකල, ගද්‍ය පද්‍ය කෘති ගණනාවක් ම බිහි විය. සිංහලයේ දෙවන මහා කාව්‍යය වු කාව්‍යශේඛරය පළමුවන උපදේශ පද්‍ය කාව්‍ය වු ලෝ වැඩ සඟරාව, ගුත්තිල කාව්‍ය, පැරකුමිබා සිරිත, එළු සිලෝ සතකය, පංචිකා ප්‍රදීපය, එළු අත්තනගලු වංශය වැනි කෘතීන් හා සන්දේශ කාව්‍ය ගණනාවක් ද මෙම යුගය තුළ ලියැවිනි. කෝෂ ග්‍රන්ථ ද, ගැටපද හා සන්න ද අඩුවක් නො වී ය. උගතුන් සංඛ්‍යාව වැඩි වීම ද, භාෂා සාහිත්‍ය දියුණූව ද, ග්‍රන්ථ කරණය ද වර්ධණය වූයේ රටෙ සාමකාමී හා සෞභාග්‍යමත් වාතාවරණයක් පැවති නිසා ය.