ශ්‍රව්‍ය ගෝචර වු කර්ණ රසායන වු බස් වහරකි. උගතුන් හට කියවා රසවිඳීමට ද, නූගතුන් හට අසා රස විඳීමට ද සුදුසු ය. විවිධ වාක්‍ය රටා මෙහි අන්තර්ගයත ය. සමහර තැනක පිටු ගණන් දිග වාක්‍යයකි. තවත් තැනක ඉතා කෙටි වැකි ය. ඇතැමි විට දිග වැකි මැද අන්තර වාක්‍ය වෙයි. "එසේ වෙ දැ යි- විචාරා -කි කල්හි" වැනි යෙදුමි වලින් ඒවා ප්‍රධාන වාක්‍යකට සමිබන්ධ වෙ. කතා මැද කතා ද මෙහි සුලභ ය. ප්‍රශ්න විසදු ආකාරය ගැන කියැවෙන කතා එ බදු ය.
උපමාලංකාර බස විචිත්‍ර වී ඇත. රූපකාලංකාර හා අනුප්රාසය ද බහුල ය. උපමා ඖචිත්‍ය ගුණයෙන් යුක්ත ය. සංවාද බහුල වීම නිසා නාට්යානුසාරයක් ද දක්වයි. මෙයින් අවස්ථා නිරූපණය කදිමට සිදු වෙ. කතුවරයාගේ වර්ණනා චාතුර්යය ද බස රසවත් කරයි. ව්‍යවහාර භාෂාව යෙදීම නිසා බස සජීවී බවක් දක්වයි. ද්‍රවිඩ, සංස්කෘත හා පාලි වචන ද අතරින් පතර ද දක්නට ලැබෙ. හාස්‍ය රසය උපදවන තැන් ද එමට ය. ඇතැමි විට නූතන කෙටි කතා වල බස්වහරට සමාන නිර්මාණශීලි බස් වහරක් ද දක්නට ලැබෙ. මෙ අනුව, ඉතා රසවත් ලෙස උමංදාකරු භාෂාව භාවිතා කරන අතර, එයින් සහෘදයාගේ සිත පිනා යයි. වෙහෙසකින් තොර ව කියවා ගෙන යා හැකි ය.
අභ්‍යාස
1. අවස්ථා සමිභන්ධය ලියන්න. (i. කවුරුන් විසින් ii. කවරෙකුට iii. කුමන අවස්ථාවක දී කියන ලද ද ? යන්න )
11. අසා ඇති ප්‍රශ්නයට ද පිළිතුරු ලියන්න.
1. "මෑණීයන් වහන්ස, මෙ ඖෂධය ඇරැ ගෙනැ, යමි කිසි රෝගයකින් පීඩිත කෙනෙකුට දෙවු ව මැනව"
11. ප්රශ්නය : මෙහි සඳහන් ඖෂධය කුමක් ද?
2. 1."මෙ ගෙය වඩුවෙකු තමා නුවණ බලයකින් කළ දෙයක් නො වෙයි. සිරිවඩිඪන සිටාණන්ගේ පුතණු වු මහෞෂධ පණ්ඩිතයන්ගේ විධානයෙන් උන් කී සැටියේ කරන ලදැ."
11.ප්රශ්නය : මෙහි සඳහන් ගෙය හා ඒ ආශ්රිත වෙනත් කර්මාන්ත මොනවා ද?
3. 1."දරුවන් කෙරෙහි වැදුවන්ගේ ළය මොළොක් ද? නො හොත් නො වැදුවන්ගේ ළය මොළොක් ද?.
ප්රශ්නය : මෙහි සඳහන් ස්ත්රින් දෙදෙනා කවරහු ද ?
4. 1. "දරුවෝ තවම ළදරුවෝයැ. අද දක්වා ත් දරුවන් තුඩැ කිරි සුවඳ අමයි. වැඩී ගත් කලැ"
11.ප්රශ්නය : මෙම සංවාදය සඳහන් කොටස උමංදාවෙ කුමන නමකින් හදුන්වා ඇද් ද?
5. 1."මාගේ දෙමවිපියන් විසින් පාවා දෙන ලද සමයනි දෑ කෙනෙක් ඇත. ඔහු වනාහි මා මෙ ගස උඩ හිදුවා, හැරැ පියා පැලෑ ගියේ ය."
11.ප්රශ්නය : ඉහත සඳහන් ප්‍රකාශය කළ තැනැත්තිය පසුව ලද තනතුර කුමක් ද?
6. 1. "ස්වාමීනි, ගිය දවස වෙවයි, මතු දවස වෙවයි, දැන් වෙවයි සමස්ත ලෝකයෙහි යමෙක් ඇත්නමි ඒ මම වෙමි."
11.ප්රශ්නය : මෙය කියු තැනැත්තියගේ ඉරණම කුමක් ද?
7. 1."මෙ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නමි වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේ යැ"
11.ප්රශ්නය : මෙ මන්ත්‍රණය පසු ව අට කනකට ගියේ කෙසේ ද ?
8. 1. "මෑණියන් වහන්ස, මා දන්නේ මෙ පමණක් මැ යැ, ඉදින් නුඹ වහන්සේ අමුත්තක් දන්නා සේක් වි නමි පසි\දුව මැනැ වැ"
11. ප්රශ්නය : යුක්තිය විසඳීමෙ දී ඉහත තැනැත්තියගේ කෙබදු ගුණයක් මතු කර පෙන්වයි ද ?
9. 1. "නුවරට වී සාල් නමි පිටතින් මැ වන්නේ යැ, ඒ වී සාල් වැද්ද නො දෙමි හ. බතින් පීඩිත වු මනුෂ්‍යයෝ දොර ඇර පියන්නා හ. එවිට අල්ලා ගෙනැ කැමාත්තක් කරමි හ."
11.ප්රශ්නය : ඉහත කී උපක්‍රමය අසාථර්යක වූයේ කෙසේ ද ?
10. 1. "නැගී සිටුව, ආචාරිනී, නැගී සිටුව, ආචාරීනී, මම බාලයෙමි, තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි, මා නො වදුව,"
11.ප්රශ්නය : මෙසේ තෙපලූ තැනැත්තා මීට පසුව කුමක් කළේ ද ?
11.1. බමුණ, මහත් කොට නො දොඩ, අරගල නො කොටැ බැණ නො නැගි ගොළුවෙකු සේ කරබා ගෙනැ නැගී වර, අද අපගේ ස්වාමීහු තෙලක් වැළදූ සේකැ, එ බැවින් මහත් කොටැ දෙඩීමි හා අරගල කිරීමි නො කැමැත්තේ යැ.
11.ප්රශ්නය : මෙහි සඳහන් ස්වාමීහූ කවරහු ද ?
12.1. "මිළිගයට නැගෙන්නේමි හිණී පා මුල සිට මාලිගයේ නව කර්මාන්ත බැලීමි. සෙසු
මා දුටු නපුරෙක් නමි නැති, නැගෙන හිණැ යන්තමි වරදෙක් ඇති"
11.ප්රශ්නය : මොහු විසින් දකින ලද "නැගෙන හිණැ" යන්තමි වරද කුමක් ද ?
13.1. "තෝ උමගින් යන්නට කෝණමක් නො හැදැ දණඩක රෙදි නො බැඳැ, තා සැරහෙන යමි අලංකාරයකින් සැරැහී කැමති වාහනයකට නැගි රජ්ජජුරුවනට පළමු නික්මෙව,"
11.ප්රශ්නය : කෝණමක් අදින්නට තැත් කළේ කුමක් නිසා ද ?
14.1. "මැදිරියෙහි හසු වු ලිහිණියන් සෙයින් ද, දැලැ බැදි මසුන් පරිදිදෙන් ද, සතුරනට අත්පත් වු අප හැම දෙන මැ මහෞෂධ පණ්ඩිතයෝ ගලවා ඇරපි හ"
11.ප්රශ්නය : මෙහි සඳහන් උපමා යුගලය ඔබෙ වචනයෙන් ලියන්න.
15.1. චූලනී රජ්ජුරුවෝ තමන්ගේ වැඩූ මෑණියන් ඇතුළු වු අවශ්‍ය බන්ධූන් පස් දෙනා, තුමූ තමන්ගේ ජීවිතයන් සදෙනා ජල රාක්ෂයාට බිලි දී වත් මෙ මහෞෂධ පණ්ඩිතයන් රකිත් ව.
11.ප්රශ්නය : මහෞෂධ පණ්ඩිතයන් දිය රකුසාට බිලි නො දීමට සිතූයේ ඇයි ?
පහත දැක්වෙන පද්‍ය පාඨවල යටින් ඉරි ඇඳි පදවල අථර්ය ද නැවත සමස්ත අථර්යය ද ලියන්න.
1."සෙණ්ඩුවාළුව ඇතුළෙහි සතර පවුරු කොණැ නාඹ තල් කඳ සා ගිනිකඳ සතරෙක් පවුරෙහි කලතටිටුව උසට නැගි දිළිසෙන්නේ යැ, ඒ ගිනිකඳ සතරට මධ්‍යයෙහි කදෝපැණියකු සා ගිනි පුපුරක් නැගී එමැ ඇසිල්ලෙහි සතර කොණැ සිට ගිනි කඳ සතරෙහි ආලෝක මැඩ ගෙනැ බඹ ලොව උසට සක්වල මුළුල්ලෙහි ආලෝක පතුරුවමින් දිලිසුණේ ය,"
2. "බැණැ නැගි කල් හි ඒ ගෝරිමන් ද සිටාණන්ගේ දෙකොළින් කෙළ ධාරාත් වැගිරෙන්නේ යැ. එසේ වැගිරෙන්නා වු කෙළ ධාරාන් දෙව්ළියන් හා සමාන රූ ඇති සවර්යාලංකාරයෙන් සැරසුණූ ගෑනු දෙන්නෙක්, සුපිපි නිලුපුල් කලජ දෙකක් ගෙනැ දෑළයෙහි සිටැ, නිලුපුල් මලින් පිස වීථියට දමන්නා හ."
3. "එමිබා, මාගේ කලවයේ අසාධ්‍ය කිලාස කුෂ්ඨයක් ඇත්තේ ය. මාගේ මළණුවෝ උදෑසනක් සේ මැ, කිසි කෙනෙකුත් නො දන්වා මැ ඒ කිලාසය කසට පැනින් සෝධා පියා බෙත් ගල්වා උලා, මත්තෙහි මොලොක් කොටැ කඩ රෙදි වසා බඳනා හ."
4.- දිව්‍ය මෞෂධයකින් අසාධ්‍ය ව්‍යාධියක් සන්සිදුවන්නාක් මෙන් තමන් වහන්සේගේ මෞෂධයෙන් රජ්ජුරුවන්ගේ කෝප ව්‍යාධිය සන්සිදුවා ක්ෂමා කරවා, උන්ගේ තනතුරු පෙර පරිද්දෙන් ම දෙවා වදාළ සේක.
5. "ඒ පවුර ගාවා ඇතුළතින් තරය පිණිසැ මහා පදනමක් ද වට කොටැ සිය ගණන් සාරි ගෙවල් හා වට බඳ වෙටිටමි ද ලවා, වාසලක් පාසා පිටත පුල්මුඛමි ද ඒ ඒ ස්ථානයෙහි බලකොටු ද කරැ වු සේක.
6. "සුවඳ තෙලෙ හි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවුලමිබීත නා නා වණර්ය විචිත්‍ර විතානෝප ලක්ෂීත අලංකෘත ශී‍්‍ර යහන් ගභර්යය බලන්නහු ......... "
7. "වාසි බෙණෙමින් සිංහ නාද ඇසු මුව පොල්ලන් පරිද්දෙන් තොපගේ අභීත ශබිදයෙන් උන් භය ගන්වා, යමුගුරු බා ලා සියලු රා මස් පිර වු සැළවල් බිඳැ තූ තූ කොටැ පියා, වහා රා මස් අවුළු විසුරුවා නො කෑ හැකි පරිද්දෙන් කොටැ, දිවීමෙන් ගොස් සේනා මධ්‍ය වැදෑ ........ "
8. "මෙ අටලොස් අක්ෂෞහිණීයක් පමණ සේනාව බඩැ බන් කඩ පමණකටත් අස්වාචික කරවා, නිඝණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස් ඣ ඣ අත ඣහු බඳවා පියමි."
9. "වැසි සමයෙහි ගවර පිරි ගොවුදකට වන් ගොන් මාල්ලෙකු සේ, ගොම ඇවීලි අසුවලින් පලව පලවා මිරි - මිරියේ ඒ පයින් ඒ පය ලා ලා මිරිකමින් සිටියේ යැ."
10."ජන්මාන්තර වෛරී රජ දරුවන් කිරඹ සේ එක් කරවා අවෛරී කළ දෑ නුඹ දෑ මැ යැ. එසේ හෙයින් මටත් මපුතණූවන්ට ත් අභීවෘද්ධී දෑ නුඹ දෑ මැ යි නුඹ මෙ නුවරින් ගිය කලැ අපට කිසි පිටිවහලක් නැත. නො ගිය මැන වැ."
උමංදාවෙ නිරූපණය වන "මහෞෂධ" චරිතයේ පහත සඳහන් ගති ලක්ෂණ පිළිබඳව නිදසුන් දෙමින් විස්තර කරන්න.
1. දුර දක්නා නුවණ
2. ස්ථානෝචිත ප්‍රඥාව
3. උපායශීලී බව
4. යුතුකමි ඉටු කිරීම.
5. සමාජ මෙහෙවරට කැප වීම.
මහෞෂධන් යෙදූ ආරක්ෂා සංවිධාන, ප්‍රතිසංස්කරණ හා චරපුරුෂ සේවය පහදන්න.
කේවටිට බමුණාගේ චරිත ලක්ෂ තුනක් පිළීබඳව නිදසුන් දෙමින් විමසන්න.
"වෙදේහ රජු හා චූලනී බ්‍රහ්මදත්ත රජුගේ චරිත තුළින් පාලක පැලැන්තිය උපහාසයට ලක් කෙරේ. නිදසුන් හතරක් දෙමින් විමසන්න.
උමිමග්ග ජාතකයේ සඳහන් පහත සඳහන් අවස්ථා හා සිදුවීමි ඔබෙ වචනයෙන් කෙටියෙන් ලියන්න.
1. මහෞෂධ උපත
2. සත් හැවිරිදි වියෙහි දි කළ විස්මය ජනක කටයුතු
3. මහෞෂධයන් අමරා දේවීන් ආරක්ෂා කිරිම.
4. සතරකන් මන්ත්‍රණය.
5. මියුළු නුවර වටලෑ ආකාරය, යුද්ධෝපායයන් යෙදීම.
6. ධමර්ය යුද්ධය
7. විවාහ යෝජනාවෙ දි කේවටිට මහෞෂධයන්ගෙන් ලත් සංග්‍රහය.
8. වෙදේහ රජු පංචාල චණ්ඩි කුමරි රැගෙන පලා යෑම.
උමිමග්ග ජාතකයේ සඳහන් උපමාලංකාර හැකි තරමි පෙළ ගස්වන්න.
උනුප්රාසය දනවන තැන් තෝරා ලියන්න.
උමිමග්ග ජාතකයේ එන බස් වහරෙහි ලක්ෂණ හතරක් පිළිබඳ ව අදාළ කොටසින් නිදසුන් දෙමින් විස්තර කරන්න.