චරිත නිරූපණය
 

මහෞෂධ


මෙය උමිමග්ග ජාතකයේ ප්‍රධාන චරිතය මෙන් ම උත්තම චරිතය යි. කතාවෙ මුල සිට අගට ම ප්‍රඥා මහිමය, දුර දක්‌නා නුවණ, උපායශීලී බව, වගකීම හා යුතුකමි අකුරට ම ඉටු කිරීම, නායකත්ව කුසලතාව, ඉවසීම, චරිතවත් බව, ආදර්ශවත් බව හා පුන්‍ය මහිමය ඉස්‌මතු වෙයි. කතාව පුරා ම ආශ්චර්යවත් සිදුවීමි ගහන වුව ද, කතා රසයට කිසිදු බාධාවක්‌ සිදු නො වෙ. සාමූහික බව, එකමුතුව, සැලසුමකට අනුව කටයුතු කිරීම, අවස්‌ථාවෝචිතව ක්‍රියා කිරීම ආදිය දෙස බලන කල, නූතන තාක්‌ෂණික ලෝකයට ද අභියෝග කරයි. උයන හා පොකුණූ නිර්මාණය වර්තමාන ශිල්පීන් පරදවයි. සියලු සුභ සාධන කටයුතු හා පාලන තාන්ත්‍රික කටයුතු වර්තමාන පාලක පැලැන්තිය උපහාසයට ලක්‌ කරවයි. එකිනෙක ප්‍රශ්න විසදු ආකාරය සමාජයට වටිනා ගුරුහරුකමි දෙයි. පුත්‍ර ප්‍රශ්නය, ස්‌ත්‍රි ප්‍රශ්නය, කාලගෝල ප්‍රශ්නය, මාතෘ ප්‍රශ්නය, දිය රකුසු පැනය ආදී ප්‍රශ්න දහ නවයක්‌ විසදු අතර, ඒවායින් මනුෂ්‍ය සන්තානයෙහි දුබල හා ප්‍රබල ස්‌වභාවයන්, මාතෘ - දාරක ප්‍රේමය, කමර් ඵල අනුව ඉරණම ඉෂ්ට සිද්ධ වීම යනාදිය ඉස්‌මතු කොට දක්‌වයි. වර්තමාන කෙටි කතා වල මෙන් උසස්‌ චරිත නිරූපණය පිළිබිඹූ වන තැන් එමට ය. එසේම සර්වකාලීන සමාජයට ම යහපත් ආදර්ශයක්‌ද දෙයි.


කෙවටිට බමුණා


කෙවටිට බමුණා චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිතයා ය. ප්‍රඥාවන්ත ය. උපායශීලී ය. එහෙත් තනතුරු ලෝභයෙන් හා වස්‌තු කාමයෙන් අන්ධ ය. මොහු සතර කන් මන්ත්‍රණයෙන් සැලසුමි කළ මහා මිනිස්‌ ඝාතනය ව්‍යර්ථ වුයේ මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය නිසා ය. මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය ගැන කෙවටිට බමුණා අවබෝධයෙන් යුතු ව සිටියේ ය. මහෞෂධ චරිතය ඉස්‌මතු කොට දැක්‌වීමට දෝ ජාතක කතාකරු කේවටිට චරිතය බොහෝ විට අවඥාවට උපහාසයට ලක්‌ කර ඇත. ඔහුගේ රහසිගත යුද්ධෝපායයන් පිළීබඳ ව, රහස්‌ ඔත්තු සේවය මගින් මහෞෂධයන් දැන නො ගත්තේ නම් සමහර විට මියුළු නුවර පරාජය වන්නට ද ඉඩ තිබිණි. කේවටිටයන්ගේ ශක්‌තිය කොතරමි දැ යි එයින් ම පෙනේ.


ජාතක කතාකරු බෝසත් චරිතය දෙස ගෞරව සමිප්‍රයුත්ත ව බැලු ව ද, කේවටිට බමුණාණා දුටුවෙ කපටි, අධමර්යිෂ්ඨ, පවිටු ගුණ ඇති බමුණු මාල්ලෙකු ලෙස ය. වස්‌තු කාමය හා තනතුරු ලෝභය නිසා නො ගැලපෙන ක්‍රියා සිදු කළ ද, කේවටිට සෑම විට ම ක්‍රියා කළේ, සිය රජු සමග සාකචිඡා කොට අනුමැතිය ගැනීමෙන් පසුව ය. එය හොඳ ගුණයකි. නො පසුබස්‌නා උත්සාහය ද ඔහුගේ චරිතයේ තවත් ලක්‌ෂණයකි. මියුළු නුවර ජය ගැන්ම සඳහා නැවත නැවත යුද්ධෝපායයන් යෙදීම ද, විවා මගුල් උක්‍රමයෙන් වෙ දේහයන් විනාශ කිරීමට සිතීම ද එයට නිදසුන් ය. ඔහු ද යමි තරමකට ඥානාන්විත වු, බෝසත්ට පමණක්‌ දෙ වෙනි වු, උපාය කෞශල්‍යයෙන් යුක්‌ත පුද්ගලයෙකු ලෙස නිරූපණය වෙ.


වෙදේහ රජු


පාලක පැලැන්තියේ දුර්වලකමි ඉසුමතු කරන චරිතයකි. රාජ්‍ය පාලන කටයුතු හෝ ආරක්‌ෂා කටයුතු කෙරේ උනන්දු නො වී ය. බ්‍රහ්මදත්තයන් මියුළු නුවර වටලාගත් විට ද, විවා මගුල් උගුලකට අසු වි අසරණ වූ විට ද බියසුල්ලකු ලෙස ක්‍රියා කළේ ය. බ්‍රහ්මදත්ත දියණිය වැනි ලාබාල කුමරියක විවාහ කොට ගැන්මට ආශාවෙන් පුල පුලා සිටීම ඔහුගේ ස්‌ත්‍රි සොඬ බව විදහා පෙන්වයි. කෝපය, බොළඳ බව, අදුරදර්ශි බව, රැවටෙන සුළු බව ඔහුගේ අනෙකුත් චරිත ලක්‌ෂණයන් ය.


චූලනී බ්‍රහ්මදත්ත රජු


වෙදේහ රජුට වඩා දක්‌ෂ ය. එහෙත් බොහෝ විට අවිචාරයෙන් ක්‍රියා කළේ ය. ඇතැමි විට දීනයෙක්‌ විය. සතරකන් මන්ත්‍රණයේ යෝජිත තුචිඡ නින්දිත ක්‍රියාවලට අනුමැතිය දුන්නේ අවිචාරවත් බව නිසා ය. කේවටිටගේ සියලු යෝජනා වලට අනුමැතිය දුන්නේ බල කාමය හා අදුරදර්ශි බව නිසා ය. අනුකේවටිට උපායෙන් පෙනෙන්නේ පහසුවෙන් රැවටෙන සුළු බව ය. තේජාන්විත බව හා ධෛයර්යය ද නො තිබුණා නො වෙ. අටලොස්‌ අක්‌ෂෞහිණියක්‌ සේනාව සංවිධානය කොට මියුළු නුවර වටලෑමෙන් ඒ බව පෙනේ. මෑණීයන් හා පණ්‌ඩිත මණ්‌ඩලයකින් උපදෙස්‌ ලබා ක්‍රියා කළේ ය. කතාව අවසානයේ දි කළ වරද පිළිගෙන මහෞෂධයන්ගේ සිත් දිනා ගත්තේය.


වෙනත් චරිත


සේනකාදී පණ්‌ඩිතවරු හතර දෙන, උදුමිබරා දේවිය, තලතා දේවිය, නන්දා දේවිය, අමරා දේවිය, උමිමග්ග ජාතකයේ එන අනෙක්‌ චරිතයන් ය. සේනකාදි පණ්‌ඩිතවරුන්ගේ චරිත හාස්‍ය රසය උපදවයි. තත්කාලීන බමුණූ මතවාද වලට ද පහර එල්ල කරයි.  අනෙකුත් චරිත සියල්ල ද කතා රසය උද්දීපනය වන සේ නිරූපණය වෙ. මෙ සියලු චරිත තුලින් බෝසත් චරිතයට පෝෂණය ලැබෙ.

(c) Shilpa Sayura Foundation 2006-2017