උතුරු දඹදිව, මියුළු නුවර, නැගෙනහිර යවමැදුමි ගම සිරිවඩිඩන සිටුවරයා හා සුමනා දේවියට පුත්‍රව උපන් බෝධිසත්වයෝ මහා ඖෂධයක් වු සදුන් කැටයක් අතැති ව උපන් නිසා "මහෞෂධ" ය යි නමි ලද හ. බෝසතුන් මවි කුස පිළිසිඳ ගත් දින ම, මියුළු නුවර වෙදේහ රජු ද මෙම පුන්‍යවන්ත කුමරා ගැන අනාවැකිය බමුණන්ගෙන් අසා තිබිණි. එනිසා 'මහෞෂධ' උත්පත්තිය ගැන ඔහු සැලකිලිමත් විය. එදින ම තවත් ගෙවල දරුවන් දහසක් දෙනෙක් උපත ලද හ. ඔවුන් හැදුනේ වැඩුණේ, කෙළි සෙල්ලමි කළේ කුමරා සමග එකට ම ය. කුඩා කල සිටම, ආශ්ච්‍යර්යමත් වැඩ කළ ඔවුහූ, සත් හැවිරිදි වියෙහි දී මහෞෂධයන්ගේ නායකත්වයෙන් විශාල ක්‍රීඩා පිටියක් ද, විසිතුරු ශාලාවක් ද, උයනක් ද, පොකුණක් ද තැනවූ හ. වෙදේහ රජ ඉදිරිපත් කළ ගැටළු ද, ප්‍රශ්න ද, මහජනතාවගේ ගැටළු ද, ඥානාන්විත ව විසදූ මහෞෂධයෝ, සිය ප්‍රඥා මහිමය දස දෙස පතළ කළෝ ය.
සොළොස් හැවිරිදි වියෙහි දි, රාජ සේවයට බැඳි පුරෝහිත තනතුරින් පිදුමි ලැබ, මියුළු නුවර රාජ්‍ය පාලන කටයුතුවලට උර දුන් හ. සිය ප්‍රඥා මහිමය, දුර දක්‌නා නුවණ, හා උපාය කෞශල්‍යය මෙහෙයවා මියුළු නුවර සමෘධිමත් කොට, ආරක්‌ෂා තර කොට, අභ්‍යන්තර ප්‍රතිසංස්‌කරණ කටයුතු නිමවා, විෂිශ්ඨ චරපුරුෂ සේවයක් හා විෂිශ්ඨ පණිවුඩ හුවමාරුවක් ප්‍රතිසංවිධානය කොට, සතුරු උවදුරෙන් රට බෙරා ගැනීම සඳහා ද සියලු කටයුතු සමිපාදනය කළෝ ය.
මෙ අතර උත්තල පංචාල දේශයේ චූලනි බ්‍රහ්මදත්ත රජු හා පුරෝහිත කේවටිට පඬි සතර කන් මන්ත්‍රණයක් කොට, දිග් විජයෙහි යෙදෙමින්, උතුරු දඹදිව එක් සියයක් රාජධානි උපක්‍රමශීලි ව අවනත කර ගත් අතර, මියුළු නුවර අත් පත් කර ගන්නට නො හැහැකි විය. මන්ත්‍රණයෙහි දෙ වෙනි කොටස වු එක් සියයක් රජ දරුවන් වස පොවා මැරීමෙ සාපරාධී ක්‍රියාව ද අසාර්ථක විය. ඒවාට හේතු වූයේ, මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමයෙන් කළ ක්‍රමවත් සංවිධානය යි. යෙදූ උපක්‍රම යි.
මහෞෂධයන් සමග උරණ වු බ්‍රහ්මදත්ත රජු, මියුළු නුවර වටලා, අටලොස් අක්‌ෂෞහිණියක් සේනාව සමග කඳවුරු බැඳ ගත්හ ද, කේවටිට බමුණාගේ උපදෙසින්, විවිධ යුද්ධෝපායයන් යෙදූ ව ද, මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය ඉදිරියේ, සියල්ල ව්‍යාර්ථ වුවා පමණක් නො ව ලජ්ජාවට පත්ව පලා යන්නට ද සිදු විය. එකම ලේ බිදකුදු නොසොල්වා මිනිස් ඝාතනයකුදු නො කොට, ධර්මය යුද්ධයකින් ම ජය ගැන්මට තරමි මහෞෂධයෝ දක්‌ෂ වූ හ. උදුමිබරා දේවිය හා වෙදේහ රජුගේ ආශිවර්යාදයෙන් "අමරා දේවිය" විවාහ කොට ගෙන, සේනකාදී පණ්‌ඩිතයන්ගේ ප්‍රඥාව ද පරදවමින්, පොදුජනතා ප්‍රසාදය දිනා ගනිමින්, කටයුතු කළ මහෞෂධයෝ, කේවටිට බමුණාගේ "විවාමගුල" නමි උගුලෙන් ද වෙදේහ රජුත්, රටත්, ජනතාවත් බෙරා ගත්තෝ ය. උත්තර පංචාල දේශයට ගොස්, බ්‍රහ්මදත්ත දියණිය හා වෙදේහ රජුගේ විවා මගුලට මාලිගයක් තනන බව අඟවා, බ්‍රහ්ම දත්ත මාලිගයේ සිට දේශ සීමා ගංතෙර තෙක් විශාල දීර්ඝ උමගක් තනවා එහි මහා වීථි, කඩ පිල්, ගබඩා තනවා උමං දොරටුව ළඟ "උපකාරී" නමි නුවරක් තනවා, බ්‍රහ්ම දත්ත රජ පවුල රවටා, උමඟ දිගේ කැඳවා ගෙන ගොස්, පංචාල චණ්‌ඩි කුමරිය වෙදේහ රජුට පාවා දි මියුළු නුවරට ම යැවූ හ.
ඉක්‌බිති එක් සියයක් රජුන් වසඟ කොට ගෙන, බ්‍රහ්මදත්ත රජු හා කේවටිටයන්ගේ සියලු සාපරාධී රහස් හෙළි කොට තමන් සියලු දෙනාගේ ඉෂ්ටාර්ථය සිද්ධිය සඳහා ඇප කැප වු අයුරු විස්‌තර කර දුන් හ. වෙදේහ රජුගේ මරණින් පසු ව, චූලනී බ්‍රහ්මදත්තයන්ගේ ඉල්ලීම පරිදි අමරා දේවිය කැටුව උත්තර පංචාලයට ගිය හ. කතාවෙ පිළිවෙල නො සිද, අර්ථය නොබිඳ, හේතුඵල සමිබන්ධය උඩ මෙසේ කතාව ගලාගෙන යන ආකාරය විස්‌මිත ය. අසා හෝ කියවා රස විඳීමට ඉතා සුදුසු ය.