සියලුම ජාතක කතාවල ආකෘතියෙ හි සමාන ලක්‌ෂණ තුනකි. එනමි වර්තමාන කතාව, අතීත කතාව හා සමෝධානය හෙවත් පූවර්යාපර සන්ධි ගැලපීම ය. වර්තමාන කතාව යනු, ජාතක කතාව දේශනා කිරීමට හේතු සාධක වුණු නිදාන කතා ය. අතිත කතාව යනු, වර්තමාන කතාව ඔස්‌සේ ඉදිරිපත් වුණු අතීත ජන්ම භවය පිළිබඳ කතාවෙ සමිබන්ධය දැක්‌වීම ය.
ජාතක කතා ආකෘතියෙ හි වෙනස්‌කමි ද ඇත. සමහර ජාතක කතාවල වර්තමාන කතාව දිග ය. අතීත කතාව කෙටි ය. තවත් සමහරක වර්තමාන කතාව කෙටි ය. අතීත කතාව දිග ය. ඇතැමි කතාවල වර්තමාන අතීත කතා දෙක ම දිග ය. සමහරෙක අතීත වතර්යමාන කතා දෙක ම කෙටි ය.
ජාතක කතාවල බස් වහර
ඇතැමි රජවරුන්ගේ කාලවල දී පරසතුරු ආක්‍රමණ, අභ්‍යන්තර වියවුල් ආදිය නිසා භාෂා ශාස්‌ත්‍රය ද පිරිහී ගියෙන්, කුරුණෑගල අවධිය වන විට සමාජය තුළ නූගතුන් සංඛ්‍යාව වැඩි විය. මෙ නිසා උගත් නූගත් දෙ පිරිස ම සඳහා, ග්‍රන්ථකරණය කිරීමෙ අවශ්‍යතා ව දැණිනි. උගතුන්ට කියවා රසවිඳීමටත්, නූගතුන් හට මහ පිරිස් මැද, කෙනෙකු හඬ නගා කියවන විට, අසා රස විඳිමටත්, හැකි වන පරිදි, ශ්‍රව්‍ය ගෝචර බස් වහරකින්, ජාතක කතා ලිවීමට කතුවරයින් පෙළඹෙන්නට ඇත.
කතුවරයින් කිහිප දෙනෙකු විසින් ලියන ලද නිසා, ජාතක කතාවල භාෂා ලක්‌ෂණ වල ද එකිනෙක කතාවල වෙනස්‌කමි පවතී. සමස්‌තයක් වශයෙන් ගත් කල, මහ දිග වාක්‍ය, ඉතා කෙටි වාක්‍ය, මහා දිග වාක්‍ය, මැද අන්තර වාක්‍ය, උපමා රූපක, අනුප්‍රාසය, සංවාද ස්‌වරූපය, කතා මැද කතා ආදි භාෂා ලක්‌ෂණ ගණනාවක් ම දැකිය හැකි ය. නාට්‍යානුසාරයෙන් අවස්‌ථා හා සිද්ධි විවරණය කෙරෙන තැන් ද ඇත. ඇතැමි තැනක ව්‍යක්‌ත බස ද, තවත් තැනක සරල බස ද, අතරින් පතර සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ වචන ද දක්‌නට ලැබෙයි.
මිනිස් සිතෙහි පවත්නා යහ ගුණ හා දුර්ගුණ ඉස්‌මතු කර දක්‌වමින්, ඉතා සංකීර්ණ ලෙස, ජීවිත විවරණය කරන ජාතක කතා වල බස අර්ථාන්විතය. අලංකාර විධිවලින් හැඩ වැඩ වූ, කර්ණ රසායන වු බස් වහර නිසා චරිත නිරූපණය ද, අවස්‌ථා හා සිද්ධි නිරූපණය ද සාර්ථකය.
එසේ ම ජාතක පොත කියවීමෙන් සහෘදයාගේ රසඥතා වධර්යනය ද කුළුගැන් වෙ. ජාතක කතාවල ඉස්‌මතු වන කතා රසය නිසා දෘෂ්‍ය කාව්‍ය (නාට්‍ය) සඳහා එම කතා, වස්‌තු විෂය කොට ගැනීමට ද නාට්‍ය කරුවෝ පෙළඹුන හ. චිත්‍ර කලාව සඳහා ද ජාතක කතා යෙදුනු බව, බිතු සිතුවමි වල චිත්‍රාවලින් පෙනේ. එසේ ම, පද්‍ය කාව්‍ය හා ගී කාව්‍ය සඳහා ද මෙම කතා පාදක කර ගැනිණි.