ජාතක කතා හැඳින්වීම
 

ජාතක කතා යනු බුදුන් වහන්සේගේ අතීත ජන්ම භවයන් පිළිබඳව උන් වහන්සේ විසින් වරින් වර දේශනා කරන ලද කතා ය. ධමර්ය දේශනා කිරීමෙ දි නිදසුන් සඳහා ද චරිත සංවර්ධනය උදෙසා ද මෙවා කියැවිණි. උතුරු දඹදිව සමාජය පාදක කරගෙන කියන ලද මෙ කතා, මුඛ පරමිපරාවෙන් ඉදිරියට පවත්වාගෙන අවුත්, මිහිදු හිමියන් විසින් බුදු දහම ලංකාවට ගෙනාවාට පසු ව ශ්‍රී ලාංකියයනට ද අසන්නට ලැබුණු අනුරාධපුර යුගයේ වලගමිබා රජු කාලයේ දී මෙවා 'හෙලටුවා' නමින් පුස්‌කොළ පොත්වල ග්‍රන්තාරුටඪ කෙරිණි. සිංහල බසින් ලියැවුණු 'හෙලටුවා' අනුරාධපුර යුගයේ  අවසාන භාගයේ සිටි මහනාම රජු කල, දඹදිවින් පැමිණි බුද්ධඝෝෂ හිමි ප්‍රධාන අටුවාචාරීන් වහන්සේලා විසින්, පාලි බසට පෙරැලිණි.


එය 'පාලි ජාතකටිඨ කථා' නමි විය. එතැන් පටන් හෙලටුවා යටපත් වෙමින් පාලි ජාතක කථා ජනප්‍රිය වූයේ ය. නැවත කුරුණැගල යුගයේ හතරවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී පාලි ජාතකටිඨ කථා ගුරු කොට ගෙන සිංහල බසින් 'පන්සිය පනස්‌ ජාතකය' ලියන ලදි. වියතුන්ගෙන් සෑදුණු මණ්‌ඩලයක්‌ මගින් ලියැවුණු මෙය එදා මෙදා තුර සමිභාව්‍ය සිංහල සාහිත්‍යයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙයි. එසේම මෙය පොදු ජන රුචිය දිනූ අග්‍රගණ්‍ය නිර්මාණයකි.

'පන්සිය පනස්‌ ජාතකයෙහි' ජාතක කථා පන්සිය හතලිස්‌ හතක්‌ ඇතුලත්ය. ජාතකකථා කරුවන්ගේ පරමාර්ථය වූයේ මෙම කතා ඇසුරෙන් සාරධමර්ය ගුණ වගාවෙන් පිරිපුන් යහපත්, ධාර්මික ජන සමාජයක්‌ බිහි කිරීමය. පුද්ගලයෙකු විසින් අත්හළ යුතු දේ, පිළිපැදිය යුතු දේ, අනුගමනය කළ යුතු දේ වටහා දෙන, ජීවිත පරිඥානයක්‌ ලබා දෙන මෙම කථා කියවා හෝ අසා අපට අවශ්‍ය උපදේශයන් උකහා ගෙන, ජීවිත සකස්‌ කර ගෙන, කුසල් සිත් දියුණු කරගෙන දෙලෝ වැඩ සලසා ගැනීමට පුළුවන. 

(c) Shilpa Sayura Foundation 2006-2017