නාට්‍යය - කැවිලි කරත්තයේ පුංචි යාළුවෝ
 

(තරමක නාගරික ප්‍රදේශයක~,මහා මාර්ගයක~ ඔස්‌සේ රස කැවිලි කරත්තයක්‌ තල~ලු කරගෙන එන දරුවෙක්‌,(මංජු))
  (මංජු කරත්තය පසෙකට කර නවතා සිට වට පිට බලයි)


මංජු   :- හරිම මහන්සියි.ඒත් ඉතින් කෑ ගැහුවේ නැත්තම් රස කැවිලි ටික විකූණා ගන්න බැරි වෙයි.


  රස කැවිලි ගෙනාවා
  හරි රසවත් ඒවා
  නංගි මල්ලි අක්‌කා අයියා
  ගන්නකො මේවා //


  (යන එන මිනිස්‌සු විටින් විට පැමිණ කැවිලි මිලදී ගනිති)
    "රස කැවිලි ගෙනාවා"
  (අන්නාසි වෙළෙන්දෙක්‌ (බණ්‌ඩි කිරා) පැමිණ මංජු දෙස රවා බලයි)


බණ්‌ඩි කිරා :- ඔයා කවුද ?
මංජු       :- මං මංජු
බණ්‌ඩි කිරා :- මංජු; මංජු; හා හා හා මං තමා බණ්‌ඩි කිරා.(ඔහු නැවතත් මංජු දෙස රවා බලයි)


  (රස කැවිලි කරත්තය ඉදිරියට එන බණ්‌ඩි කිරා මහා හයියෙන් කෑ ගසමින් අන්නාසි විකූණන්නට උත්සාහ කරයි)


බණ්‌ඩි කිරා :- අන්නාසි අන්නාසි,ගෙනාවා අන්නාසි


  (මංජු කරත්තය එතැනින් මඳක්‌ ඉදිරියට ගනියි)


මංජු       :- රස කැවිලි ගෙනාවා //


  (ළමයි පිරිසක්‌ (අජිත්,නිමල්,සඳු,නීලා,රවී) රස කැවිලි දෙසට දුව එයි.ඔවුහු මංජු දැක පුදුමයෙන් බලා සිටිති)


ළමයි      :- මංජු,ඇයි මේ ?


  (මංජු අපහසුවෙන් සිනාසෙයි)


අජිත්       :- ඇයි මංජු මේ ? ඔයා ඉස්‌කෝලෙ එන්නෙ නැද්ද ? දැන් මාසයක්‌ විතර ඔයා ඉස්‌කෝලෙ ආවේ නැහැනේ..


  (මංජු නිහඬව බිම බලා හිඳියි)


රවි         :- කොහෙන්ද මංජු මේ ලස්‌සන කරත්තේ ?


  (මේ අතර අන්නාසි විකූණමින් සිටින බණ්‌ඩි කිරා බිම වැටුණු අන්නාසි කැබැල්ලක්‌ නැවත අන්නාසි භාජනයට දමා ගනියි.මෙය        
   නීලා දකියි)


නීලා        :- චී මාමේ.බිම වැටුණු ඒවා විකූණන්න එපා
බණ්‌ඩි කිරා  :- අනේ ඔය ළමයා නිකං ඉන්න.


  (බණ්‌ඩි කිරා මෙසේ කියමින් නැගිට ඉවතට යයි.ළමයි සිනාසෙති)



නීලා        :- මංජු,අපේ අම්මා කිව්වා ඔයාගෙ තාත්තා ගහකින් වැටුණා කියලා.ඇත්තද මංජු ?


  (මංජු ශෝකයෙන් බිම බලා ගනියි)


නීලා        :- ඇයි මංජු,ඔයා අපිත් එක්‌ක තරහද ?
මංජු        :- අනේ නෑ.
ළමුන්       :- ඔයා කවදද ඉස්‌කෝලේ එන්නේ ?
මංජු        :- තාත්තාට සනීප උනාම එනවා.
අජිත්       :- අපි ඔයාට උදව් කරන්නම්.අපි අපේ පාඩම් පොත් ඔයාට කියවන්න ගෙනත් දෙන්නම්.
නිමල්       :- අලුතෙන් කියලා දෙන පාඩම් ගණන් වගේ දේවල් අපි ඔයාට කියලා දෙන්නම්.
සඳු         :- අපි ඔයාගෙන් රස කැවිලි ගන්නම්.


  (සියල්ලෝම සිනාසෙති)


සඳු         :- ඇයි ඔයගොල්ල හිනාවෙන්නේ ?
නිමල්        :- නෑ නෑ,ඔයා ඉතින් කන බණේමනේ
අජිත්        :- හා හා ඕකට ඉතින් රණ්‌ඩු වෙන්න ඕන නෑ.මංජු ගේන රස කැවිලි ගන්න එක හොඳයිනේ.එතකොටනේ ඒවා  විකිණෙන්නේ.
ළමයි        :- මංජු,අපිට දෙන්නකෝ කිරි ටොෆී ටිකක්‌,දෝසි ටිකක්‌ එහෙම.


  (ළමයි රස කැවිලි මිල දී ගනිති)


මංජු         :- ඔය ගොල්ල දැන් කොහෙද යන්නේ ?
අජිත්         :- අපි සෙල~ලම් කරන්න පිට්‌ටනියට යන ගමන් මේ ඔයාව දැක්‌කේ.මීට පස්‌සේ අපි ඔයාව බලන්න හැමදාම එනවා.
මංජු         :- ඔය ගොල්ලන්ට වෙලා යනවනේ.දැන් යන්න.
ළමුන්        :- නෑ ඒකට කමක්‌ නෑ.අපි හෙටත් එනවා.


  (ළමයි මංජුට අත වනමින් ඉවතට යයි.බණ්‌ඩි කිරා පැමිණේ)


බණ්‌ඩි කිරා   :- (රස කැවිලි දෙස බලමින්) ආ,මේ තියෙන්නේ හොඳ හොඳ කෑම ජාති.


  (බණ්‌ඩි කිරා තමන්ගේ අන්නාසි බේසම පසෙකින~ තබා රස කැවිලි ගෙන කන්නට පටන් ගනියි)


මංජු          :- මාමේ පොඩ්ඩක්‌ ඉන්න.ඔයාට මොනවද ඕන කියන්න.මං දෙන්නම්.
බණ්‌ඩි කිරා    :- මට ඕනා  දොදොල් කෑලි 5 යි
                           කිරි ටොෆී 10 යි
                           දෝසි කෑලි 20 යි


  (මංජු පුදුමයෙන් බණ්‌ඩි කිරා දෙස බලයි.)


බණ්‌ඩි කිරා    :- මොනවද බලා ඉන්නේ ? ඔය ටික දාලා දෙනවා මල්ලකට.


  (මංජු නිහඬවම රස කැවිලි මල්ලකට දමා බණ්‌ඩි කිරාට දෙයි)


මංජු           :- මාමේ සල්ලි ?
බණ්‌ඩි කිරා     :- සල්ලි ? සල්ලි දෙන්නම් පස්‌සෙ දවසක.
මංජු           :- අනේ මාමේ,මට මුදලාලි බනියි.සල්ලි දීලා යන්න.


  (බණ්‌ඩි කිරා සිනා සිසී යන්නට සූදානම් වෙයි.මංජු ඔහු පසු පස යමින් මුදල් ඉල්ලයි.මේ අතර,පිට්‌ටනියට ගිය අජිත්,නිමල්,සඳු,රවී,නීලා ආපසු එති.මොවුන් දුටු බණ්‌ඩි කිරා පැන දුවයි.ඔහු දුවනු දුටු ළමුන් කලබල චෙති)


ළමුන්           :- (මංජු දෙස බලා) ඇයි ඇයි මංජු,මොකද ප්‍රශ්නේ ?
මංජු            :- (ළමයි දැක) ආ ඔය ගොල්ලො සෙල්ලම් කරලා ඉවරද ? ඔය ආපහු යන ගමන්ද ?
නීලා            :- ඔව් මංජු,ඇයි අර මාමා කෙනෙක්‌ දුවන්නෙ ?

  (මංජු සිදුවූ දේ විස්‌තර කරන බව අභිනයෙන් පෙන්වයි)


නිමල්          :- හරි වැඩේනේ!දැන් මොකද අපි කරන්නේ ? එයා පැනලා දිව්වනේ.
අජිත්          :- කමක්‌ නෑ මංජු, ඔයා දුක්‌ වෙන්න එපා.අපි ඔයාට සල්ලි ටික දෙන්නම්.
මංජු           :- අනේ ඔයාලට ගොඩාක්‌ ස්‌තූතියි.මුදලාලි මට පඩි දුන්නු ගමන්ම මං ඔයාලට මේවා ආපහු දෙනවා.
ළමයි          :- අනේ!මංජු මේ සල්ලි අපට ආපහු එපා.අපි ඔයාට කරන්නේ උදව්වක්‌නේ.
මංජු           :- මාත් කවද හරි මට පුළුවන් උන දවසක ඔය ගොල්ලන්ට උදව් කරනවා.
නීලා           :- ඒක නෙමෙයි,අර දිව්ව මාමාගෙ නම මොකද්ද ?
අජිත්          :- ආ මම දන්නවා.ඒ අර බණ්‌ඩි කිරා මාමානේ.සමහර දවසට එයා අන්නාසි විකූණනවා.සමහර දවසට ඔහේ නිකං  ඉන්නවා. ඇයි ඉස්‌සරලා අර ඔයා බිම වැටුණු අන්නාසි ගන්න එපා කීවෙත් එයාටනේ.
සඳු           :- (මංජු දෙස බලා)එයා ආයෙත් ඒවිද ඔයාට කරදර කරන්න ?
ළමයි         :- ඇත්තටම එයා ආයෙත් ඒවිද ?
අජිත්         :- එහෙම ආවොත් අපි කරමු හොඳ වැඩක්‌.


  (ළමයි වට වී සාකච්ඡා කරන බව පෙන්වයි.සියල්ලෝම එක්‌ වී තීරණයකට පැමිණි බව අත් ඔසවා එකට එක්‌කොට ප්‍රකාශ
   කරති)


ළමයි         :- අන්න හරි,අන්න හරි,අපි හෙට එනවා.අපි ඔක්‌කොම එකතූ වෙලා උදව් කරනවා.මංජුට උදව් කරනවා.


  (ළමයි රස කැවිලි කරත්තය තල්ලු කරන්නට මංජුට උදව් කරති.සියළු දෙනාම කරත්තය තල්ලු කරමින් පිටව යති)


ඊඊ


  (මංජු රස කැවිලි කරත්තය තල්ලු කරගෙන එයි.කරත්තය පසෙක නවතා වට පිට බලමින් ගීතයක්‌ ගයයි)


   රස කැවිලි ගෙනාවා
   හොඳ කෑම ගෙනාවා
   නංගි මල්ලි අක්‌කා අයියා
   එන්නකො ගන්න
   එන්නකො ගන්න


  (මංජු වෙළඳානම කරන අතරතූර ජගත්,නිමල්,සඳු.රවි හා නීලාද පැමිණෙති.මංජුට යමක්‌ රහසින් කියන ඔවූහූ කරත්තයට
   මුවා වී සැඟවෙති.මේ අතර බණ්‌ඩි කිරා පැමිණෙයි)


බණ්‌ඩි කිරා     :- ආ මංජු,අදත් ආවද ? වෙළඳාම් කරන්න ?


  (මංජු නිහඬව සිටියි)


බණ්‌ඩි කිරා     :- මංජුට ඊයෙ සල්ලි දෙන්නත් මට තාම බැරි උණානේ.
මංජු            :- මාමේ ඒ සල්ලි ටික දෙන්නකෝ
බණ්‌ඩි කිරා     :- (උපහාසයෙන් සිනා වෙමින්) මගේ හොඳ කමට ඒක මතක්‌ කළාම ඉල්ලන්ඩ පටන් ගත්තා නේද ? දෙන්නම් දෙන්නම්,ඒත් ඉතින් මගේ අන්නාසි ටික තාම විකූණුනේ නෑනේ.
මංජු           :- පිරිසිදුවට,ලස්‌සනට තියාගෙන විකූණනවා නම් ඕවා කවුරුත් ගනී මාමේ.
බණ්‌ඩි කිරා     :- මට උපදෙස්‌ දෙන්න ඔය ළමයා කවුද ? අදත් මට ඕන රස කැවිළි ටිකක්‌
මංජු           :- අද නම් නිකං දෙන්න බෑ.
බණ්‌ඩි කිරා :- බෑ බෑ කියලා බෑ නේ.බැරි නම් මං ගන්නම්.
  (බණ්‌ඩි කිරා රස කැවිලි ගෙන තමා ළඟ තිබූ මල්ලකට පුරවා ගනී.මේ අතර කරත්තය පිටුපස සැඟ වී සිටින නිමල්,ජගත්,රවි,
   සඳු සහ නීලා ද එකවරම දුව විත් බණ්‌ඩි කිරා වට කර ගනිති.ඔවූහු බණ්‌ඩි කිරා මැදි කරගෙන වටේට අත් වැල් බැඳගෙන
   ගීතයක්‌ කියමින් නටති.)


ළමයි            :- මේ මොන දම් වැල්
                    යකඩින් දම් වැල්


  (බණ්‌ඩි කිරා අන්දුන් කූන්දුන් වී බලා සිටියි)


    මේ මොන ගල් කණු
    යකඩින් ගල් කණු
    උඩින් පැන්නොත් තල්ල කැඩෙයි
    යටින් රිංගූවොත් කිඩොල් ඇනෙයි


බණ්‌ඩි කිරා         :- මොනවද ළමයි මේ නටන නාඩගම් ? මට යන්න දෙනවා.
ළමයි              :- එහෙනම් මංජුගෙ රස කැවිලි ටික ආපහු දෙන්න වෙයි.
බණ්‌ඩි කිරා         :- (වට පිට බලා) ලැජ්ජාවෙන් පණ යනවා.(ප්‍රේක්‌ෂකාගාරය දෙස බලමින්) අර අර මිනිස්‌සුත් බලන' ඉන්නවා.ළමයිනුත් බලා ඉන්නවා චිකේ,චිකේ මං යනවා.මේ කැවිලි ටික දීලා මම යනවා.


  (බණ්‌ඩි කිරා කැවිලි මල්ල මංජු දෙසට දික්‌ කරයි.මංජු එය අතට ගනියි.ළමයි අත් අතහැර කරත්තය වටේට නටති.බණ්‌ඩි
   කිරා ටික දුරක්‌ ගොස්‌,)


බණ්‌ඩි කිරා          :- ඉන්නකො ඔය ළමයි ගැන මං කියනවා හෝටලේ මුදලාලිට


  (බණ්‌ඩි කිරා යන්නට යයි.ළමයි නැටුම නවතයි)


ළමයි               :- යන්තම් එයා ගියා.
නීලා                :- (තමන්ගේ බෑගයෙන් පොත් ටිකක්‌ ගෙන මංජුට දෙයි) මංජු, මේ අපි ඔයාට පොත් ගෙනාවා.ඉස්‌සරලා කලබලෙන් මේවත් අමතක උණානේ.
මංජු                :- ඕ ගොල්ලන්ට ගොඩාක්‌ ස්‌තූතියි මේ කරන උදව් වලට.මං අද රෑට කොහොම හරි මේ පොත්  කියවනවා.එතකොට මට ඉස්‌කෝලේ ආවම අමාරු වෙන එකක්‌ නෑනේ ඉස්‌කෝලෙ වැඩ ටික අල්ලා ගන්න.ඒත් ඉතින්,වාර විභාගෙට කොහොම හරි එන්න ඕනනේ.
රවි                 :- ඔයා බය වෙන්න එපා.අපි මේ හිටියට ඔයාට ඉක්‌මනට ඉස්‌'කෝලෙ එන්න පුළුවන් වෙන විදිහෙ දෙයක්‌ කරනවා.
මංජු                :- ඒ මොකද්ද ?
නිමල්               :- යමුකෝ..,යන ගමන් මම කියන්නම්.


  (සියළු දෙනාම එක්‌ වී මංජුගෙ කරත්තය තල්ලු කරගෙන පිටව යති)


ඊඊඊ


  (තවත් දවසක මංජුගේ යාළුවෝ පැමිණෙති)


අජිත්             :- කෝ අද මංජු තාම නෑනේ.
නීලා              :- ඔව් මේ වෙලාව වෙනකොට මංජු එන්න ඕනෑනේ.
නිමල්             :- (ඈත පෙන්වමින්) අර බලන්නකෝ.අර ඈත රස කැවිලි කරත්තේ තල්ලු කරගෙන එන්නේ කවුද කියලා.


  (ළමුන් සියළු දෙනාම හොඳින් බලති)


ළමයි             :- මොනවා! මොකද මේ ?


  (බණ්‌ඩි කිරා කරත්තය තල්ලු කරගෙන පැමිණෙයි)


බණ්‌ඩි කිරා        :- මොකද ළමයි මාව කන්ට වගො බලන් ඉන්නේ ? අරගෙන යනවකො මේ රස කැවිලි.
ළමයි             :- අපිට එපා.
බණ්‌ඩි කිරා        :- එපා! ඒ ඇයි ?
ළමයි             :- අපිට ඕන අපේ යාළුවා මංජු.
බණ්‌ඩි කිරා        :- පිස්‌සු නැතිව ගන්නවා ළමයි මේවා.
ළමයි             :- අපට එපා,අපට එපා.අපි යනවා මංජු හොයන්න.
බණ්‌ඩි කිරා        :- මට මොකද ? යන එකයි ඇත්තේ.


  (බණ්‌ඩි කිරා කරත්තය නවතා කැවිලි විකූණා ගන්නට උත්සාහ කරයි.ළමයි පැත්තකට ගොස්‌ සාකච්ඡා කරති.)


නීලා             :- දැන් ඉතින් මංජුට රස්‌සාවක්‌ නැහැනේ.ඒකත් එක අතකට හොඳයි.දැන් එයාව කොහොම හරි ඉස්‌කෝලෙට ගෙන්නා ගමු.
අජිත්             :- ඔව්,අපි මංජුට ආයිත් ඉස්‌කෝලෙ එන්න කියමු.කොහොම හරි අපේ' අම්මලා තාත්තලාටයි,ගූරුවරුන්ටයි කියලා මංජුගේ තාත්තට රෝද පුටුවක්‌ අරන් දෙමු.
රවි               :- ඔව් දැන් අපි යමු.ගිහින් මංජුව මුණගැහෙමු.


  (ළමයි පිටව යති.මේ අතර බණ්‌ඩි කිරා රස කැවිලි ටික විකූණා ගන්නට මහා හඬකින් ගීතයක්‌ ගයයි)
   
   රස කැවිලි ගෙනාවා
   හොඳ කෑම ගෙනාවා
   වෙන කොහෙවත්ම කාලා නැති
   අන්නාසි මේවා


  (පාරේ යමින් සිටි කාන්තාවක්‌ පැමිණෙයි)


කාන්තාව          :- අන්නාසි වගයක්‌ තියනවා කීවා නේද ? කෝ බලමු.
බණ්‌ඩි කිරා        :- මෙහෙ අන්නාසි විකූණන්නෙ නෑ.රස කැවිලි විතරයි.
කාන්තාව          :- එහෙනම් කිව්වෙ ?
බණ්‌ඩි කිරා        :- මම ?
කාන්තාව          :- පිස්‌සෙක්‌ද කොහෙද.


  (කාන්තාව යන්නට යයි)


බණ්‌ඩි කිරා         :- මං අන්නාසි විකූණපු කාලේ කවුරුත් ඒවා ගත්තෙ නෑ,රස කැවිලි හොයනවා.දැන් රස කැවිලි විකූණන කොට අන්නාසි හොයනවා.
    චික්‌ මොන කරදරයක්‌ද මන්දා.උදේ ඉඳන් හරි වෙළඳාමක්‌ නෑනේ.නිදිත්මතයි.බඩත්ගිනියි.


  (බණ්‌ඩි කිරා රස කැවිලි කෑමට පටන් ගනියි)


බණ්‌ඩි කිරා        :- හරිම නිදිමතයි.මෙතන ටිකක්‌ හාන්සි වෙලාවත් ඉන්න ඕන.


  (බණ්‌ඩි කිරා කෑම කරත්තයට හේත්තූ වී නිදා ගනියි.ඔහුට නින්ද යයි.මේ අතරතූර බළල් හාමි හා බලු හාමි පැමිණ රස කැවිලි
   කරත්තය උඩට පැන රස කැවිලි කෑමට පටන් ගනිති.හෝටලේ මුදලාලි දුවගෙන එයි.)


මුදලාලි            :- දෙයියනේ මගේ රස කැවිලි කරත්තේ!මේ මනුස්‌සයා හොඳටම නිදි.(බළල් හාමි හා බලු හාමි පන්නා දමන්නට උත්සාහ කරයි) ෂිප්,ෂිප්,හප්,හප්,යනවා යනවා.අයියෝ ඔක්‌කොම කනවා.(බණ්‌ඩි කිරා දෙස බලා) ගොරවා ගොරවා නිදි,දානවා වතූර දානවා වතූර.


  (මුදලාලි කැවිලි තිබූ භාජනයකට අසල තිබූ පයිප්පයකින් වතූර දමාගෙන විත් බණ්‌ඩි කිරාගේ ඇඟට දමයි.මේ දකින මිනිස්‌සු
   කිහප දෙනෙක්‌ද එතනට පැමිණෙති.බණ්‌ඩි කිරා කලබල වී නැගිට වට පිට බලයි.)


බණ්‌ඩි කිරා        :- රස කැවිලි ගෙනාවා (මුදලාලි දැක) ආ..මුද..මුද..මුදලාලි!
මුදලාලි            :- (කෝපයෙන්) කැවිලි තමා.මෙයා වැඩට අරන් මං කරගත්ත පාඩුවක්‌.අර මංජු ළමයා අගේට කරපු වෙළඳාමමට ඒ ළමයා ගැන බොරු කේළම් කියලා ඔහේ බාර ගත්තා.


  (බණ්‌ඩි කිරා නිහඬව සිටියි.මේ අතර මංජුත් ඔහුගේ යාළුවනුත් පැමිණෙති)


මංජු              :- මුදලාලි මාමේ,මොකද මේ ? අපට ආරංචි උණා කලබලයක්‌ කියලා.
මුදලාලි            :- අනේ දරුවනේ,මේ කෑම ඔක්‌කොම බල්ලොයි බළලුයි කෑවා.මේක කරන්න බැහැ.හෙට ඉඳන් මේ රස්‌සාව ඔය ළමයම කරන්න.


  (මංජු නිහඬව සිටියි)


අනිත් ළමයි         :- මුදලාලි මාමේ,මංජු හෙට ඉඳන් ආයෙත් ඉස්‌කෝලෙ එනවා.
මුදලාලි             :- ඉස්‌කෝලෙ එනවා ? රස්‌සාවක්‌ ඉල්ලූ නිසා දුන්නට දරුවනේ ඉස්‌කෝලෙ යන එක තමයි හොඳ.


  (බණ්‌ඩි කිරා සිනාසෙයි) 


බණ්‌ඩි කිරා         :- ඒක තමයි.ළමයි උණාම ඉස්‌කෝලෙ යන්න ඕනා.
මුදලාලි             :- ඒත් දරුවනේ,මංජුට සල්ලි කොහෙන්ද ඉස්‌කෝලෙ යන්න ?
අජිත්               :- අපට පුළුවන් මංජුගෙ තාත්තට රෝද පුටුවක්‌ අරන් දෙන්න.අපේ අම්මලයි තාත්තලයි ගූරුවරුයි ඒකට උදව් කරනවා.
නීලා               :- මුදලාලි මාමට පුළුවන්නම්,එයාගෙ තාත්තට රස්‌සාවක්‌' අරන් දෙන්න.
මුදලාලි            :- ඔව් ඔව්,මට පුළුවනි.මං එයාට රස්‌සාවක්‌ දෙන්නම්.ඔය ළමයින්ගේ උත්සාහයට මාත් උදව් කරන්න එපායැ.
බණ්‌ඩි කිරා         :- එතකොට මං ?
ළමයි              :- ඔයාට පුළුවන්නේ මේ රස්‌සාව කරන්න.
නීලා               :- හැබැයි පිරිසිදුවට කෑම විකූණන්න,එතකොට මිනිස්‌සු ඒවා ගනියි.
මුදලාලි             :- එහෙනම් මං යනවා.මංජුගේ තාත්තට මාව මුණ ගැහෙන්න කියන්නකෝ.මංජු මං යනවා.


  (ළමයි මංජු වට කරගෙන නටයි. බණ්‌ඩි කිරාද නැට'මට එක්‌ වෙයි)


   හෙට දවසේ - ඉර පායන කොට
   අපේ හිත් හිනැහෙනවා
   අපේ යාළුවා අපිත් එක්‌ක හෙට
   ඉස්‌කෝලෙට යනවා..//


 



 



 

(c) Shilpa Sayura Foundation 2006-2017