කිවියෙකුගේ අදහස්‌
 

කොළඔ යුගයේ මුල් භාගයේ සිටි ජනප්‍රිය කවියෙකු වු ජී. එචි. පෙරෙරා විසින් ඉහත කවි පෙළ ලියන ලදී. මෙම කවියා ජාත්‍යානුරාගය සහෘදයන් තුළ ඇති කරලීමට කවිය අවියක්‌ කොට ගති. එසේම සමාජ අසාධාරණයට නිදර්යය ලෙස පහර දුන් මොහු හාස්‍යය හා උපහාසය දනවමින් ද කවි ලීවෙ ය. අධිරාජ්‍යවාදයට විරුද්ධ වු මෙම කවියා, ජාතික ආගමික සිරිත් විරිත් හා සාරධර්ම වල අගය ඉස්‌මතු කෙරෙන කාව්‍ය රචනා නිර්මාණය කළේය.


'කිවියෙකුගේ අදහස්‌' නැමති කවි පෙළ සත්‍ය වශයෙන් ඔහුගේ නිර්ව්‍යාජ හැඟීමි පිළිබිඹු කරයි. යුතුකම නැමති රජ දහනෙහි විසීමට විළිබිය හීන කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පැන නැමති අසිපත රැගෙන ඔහු එඩිකමි පාන හැම සතුරෙකු ම මර්ධනය කරන බව ත් කියයි. මහ ජනතාව කියූ වචන නමැති සඳ රැසින් තෙමී තම හදවත කිරි සයුරක සඟවන බව ද, සැකයෙන් තොර ඥාණයෙන් එම කිරි සයුර තනිව යුත් තමා තුළ අනුන්ගේ සැපත දැක සතුටු වන මැදහත් ගුණය ද පවතින බව ලෝ සතට පෙන්වයි. ලෝකයාට දිස්‌ වන්නා වු ධන සමිපතක්‌ වැනි අරුණාලෝකය නැරඹීම සඳහා කුසීත ව නිදා සිටින්නවුන්ගේ ඇස පුබුදු කරවන බව ඔහු කියයි.


සහෘදයා තුළ සාරධමර් ගුණ වගා කිරීමට, කවියා දරන වෑයම එයින් අපට පැහැදිලි වෙ. මනුෂ්‍ය සන්තානය තුළ පවතින දුර්ගුණහා යහ ගුණ ඉස්‌මතු කොට දක්‌වමින්, යහපත් ජන සමාජයක්‌ බිහි කිරිම සඳහා ආදර්ශයක්‌ දීමට කවියා පෙළඹෙන බව පෙනේ.


'ලොල් ඉස්‌ මද ඈ කටු පදුරු වැඩී
වල් බිහි වී තිබෙන ලොව සැඩ සතුන් සෙවී'


ආශාව, ඊර්ෂ්‍යාව, මාන්නය වැනි කටු පදුරු වැටී, වල් බිහි වී තිබෙන ලෝකයේ චණ්‌ඩ සතුන් සොයා, පෑන නැමති අවියෙන් ඔවුන් මුලින් සිඳ දමා ලෝකය, මී මැස්‌සන්ගෙන් පිරුණු කවි නමැති මල් උයනක්‌ බවට පත් කරන බව කවියා හැඟීමිබර ව පවසයි.


සාරධර්ම කෙමෙන් වියැකී යන වත්මන් සමාජය යළිදු සංශෝධනය කිරීම සඳහා පෑන නැමති අවියෙන් බිහිවන කවි නමැති මල් උයන කෙතරමි අගනේ ද ? එයින් නිකුත් වන සුවඳින් සමාජය නමැති පරිසරය සුවඳවත් වනු ඇත. එ පමණක්‌ නො ව, කවියා කිරෙන් පැණියෙන් අනූන ව උතුරන්නා වු රටකට ලෝකවාසින් ගෙනයාම සඳහා තමා සුර යානාවක්‌ වන බව ද කියයි. අලස නොවූ පැරැණ්‌නන්ගේ අතීත තොරතුරු ද කියමින්, අනාගතය සරසන බව ද, කළ ගුණ නො දත් කපටින් අතර තමාගේ කීර්තිමත් ශරීරය කලවමි නො කරන බව ද කවියා අවධාරණය කරයි.


මෙසේ යහපත් ජන සමාජයක්‌ බිහි කිරීම සඳහා අවශ්‍ය ගුණධර්ම, සහෘදයා තුළ ජනිත කර, සාරධර්ම ගුණවලින් පිරිපුන් ජන සමාජයක්‌ බිහි කිරීම සඳහා, කවියා සිය කවිය අවියක්‌ කොට ගත් බව පැහැදිලි වෙ.


සරල සුගම බස්‌ වහරකින් ශබිද අර්ථය මාධූර්ය ද ජනිත වන සේ, කවි පබැඳීමට කවියා වෙර දරා ඇත. අවස්‌ථාවට උචිත පරිදි එළිසමය ද, උපමාලංකාරය ද භාවිතා කරමින්, සමාජ මෙහෙවරක්‌ ඉටුකරන, අර්ථවත් කවි පෙළක්‌ නිර්මාණය කිරීමට කවියා සමත් ව ඇති බව කිව හැකි ය.


අභ්‍යාස
1. කවි පෙළ විවිධ තාලානුකූල ව ගායනා කර රසවිදින්න
2. යහපත් පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග හතරක්‌ කවි පෙළ ඇසුරින් ලියන්න.
3. කවියාට වැදගත් වන්නේ දවසේ කවර අවස්‌ථාව ද ?
4. කවිපෙළින් ඉස්‌මතු වන පරිදි මිනිස්‌ සිත තුළ පවතින දුර්ගුණ මොනවා ද?
5. ලෝකයාට ධන නිධානයක්‌ වන්නේ කුමක්‌ ද ?
6. පැරණි ජනතාවගේ පැතුමිවල සිවභාවය කෙබදු ද ?
7. පස්‌ වැනි සහ හය වැනි කවිවල අථර්ය පැහැදිලි කරන්න.
8. කවි පෙළ තුළින් මතු වන උපමාලංකාර තුනක්‌ ලියන්න.
9. ඉහත කවි පෙළ පිළිබඳ ව නිදසුන් සහිත ව රසාස්‌වාදයක්‌ ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017