මෙම කවි පෙළ කොළඹ යුගයේ දෙවන භාගයේ සිටි ප්‍රවීන කවියෙකු වූ විමලරත්න කුමාරගමගේ නිර්මාණයකි. දීර්ඝ කාලයක් වන්නිකරයේ පරිපාලන නිලධාරියෙකු සේ සේවය කළ මොහු ගැමියන්ගේ සිතුමි පැතුමි, ඇදහිලි හා විශ්වාස, දිවි පෙවෙත් පිළිබඳ අත්දැකීමි සමිභාරයක් ඇත්තෙකි. ගැමි දිවියේ අව්‍යාජ වු අත්දැකීමි වස්‌තු විෂය කොටගත්, මොහුගේ කාව්‍ය නිර්මාණ තුළින් වෑහෙන්නේ ගැමි සුවඳම ය. ඔහුගේ මානව දයාව ය. කැලෑවෙන් මැදි වූ ගමිමානවල හේන් ගොවිතැන් කරමින් දුකසේ ජීවත් වූ අසරණ ගැමියන් කෙරේ සානුකමිපික හැඟීමෙන් ඔහු සහෘදයා තුළ ද මානව දයාව පැතිරවීමට වෑයමි කළේ ය.
'වන්නියේ සැන්දෑව' නමි කවි පෙළට වස්‌තු විෂය වී ඇත්තේ වන්නිකරයේ ගැමි පරිසරයක හිරු බැස යන අවස්‌ථාවෙ පරිසරයේ ස්‌වභාවයත් දිය ගෙන ඒමට වැවට යන ගැමි ලියකගේ මුණ ගැසීමත් පිළිබඳ වර්ණනාවකි. හිරු රැසින් පීඩා විඳි කෙසෙල් වතු මද පවනින් නැළවෙයි. මළ හිරු කිරණ සිප ගැනීම නිසා පලු ගස්‌වල අතු ලතු ගෑවාක් රන්වන් විය. බස්‌සෝ නිහඬව ඉගිල යති. තුඩින් මී ගෙඩි රැගෙන වවුලෝ පියාඹති. ඈ මෙ හඬ වලින් තැති නො ගත්තා ය.
'සෙවනැලි කිදාගති ගම වට කළ බැද්දේ'
ගම වටා ඇති කැළයෙහි සෙවනැලි නිදා ගැනීමෙන් ධිවනිත වන්නේ රෑ බෝ වෙමින් පවතින බවයි. ඈ දියට යන ආකාරය මුළුපරිසරය ම බලා සිටී. තැනිතලාවල තණ ගොබ, වැටකෙයියා පදුරු අතරින් නැගි ගල් පෙළ හා සුදු වලා වැල ඇය දෙස බලයි.
වෑ බඩ උණ පදුරු ඇය ගැන කතා ඇති.
යනුවෙන් කවියා ව්‍යංගයෙන් පවසන්නේ කුමක් ද? නිල් අහසට කෙමෙන් අන්ධකාරය ලඟා වන අතර, වැව බඩ උණ පදුරු සුළඟින් සෙලවෙන බව ය. රත්සර කැකුළු, (රතු නෙළුමි පොහොටිටු) හා පනා පෙති ඇගේ මුහුණ නැරඹීමට පොරකයි. වැවි පිටියේ පෙඳ රැළි පීරන ලද ඇගේ නීල වරලස බදුය. දේදුනු පැහැති දියේ සේරුන් පීනන විට දිය රැළි වළ කැලතෙයි.
ඇය දකින කවියාගේ හදවත කිති කැවුණු බව පවසන්නේ ව්‍යංගයෙනි. විසිතුරු හිරු කිරණ නිසා මංකඩ දිළෙන අතර, එම ආලෝකයෙන් ම රත්පැහැ වුණු ඇගේ වත දැක කවියාගේ සිත කිති කැවෙයි. ඇගේ පය දිය වැලෙ හි දැවටෙන විට වතුරෙන් උඩට පනින රිදී පෙති නමි විසිතුරු මතස්‍යයන් ය. රෑ බෝවීම මෙම හමුවීමට බාධා ගෙන දෙයි. කවියාගේ හා ඇගේ දෙනෙත් මුණ ගැසෙයි.
සතරැස එක ඇසක් විය. දෙදෙනාට ම මෙම හමුව සතුටක් ගෙන දුනි. අවට පරිසරය ද එබදු හමුවකට උචිත ලෙස සුන්දර ය. කවියාගේ සරල සුගම බස් වහර නිසා කවි පෙළ රස විඳීමට පහසු ය. ශබිද රසයෙන් තීව්‍ර වූ මෙය ව්‍යංග්‍යාර්ථය නිසා වඩාත් රසවත් වෙ. වන්නිකරයේ වැවක් ආශි්‍රත කැලෑ ගමක, සැන්දෑ යාමයේ පවතින සුන්දරත්වයත් ගහ කොළ හා සතුන්ගේ ක්‍රියාවලියත්, ගැමි ලිය වැවට දිය ගෙන ඒමට ගිය අන්දමත්, කවියා හා ඇගේ හදිසි මුණ ගැසීමත් පිළිබඳ අවස්‌ථා නිරූපණය කදිමට සිදු වන බව පෙනේ.
ගැමි පරිසරයේ හා ගැමි දිවියේ අව්‍යාජත්වය හුවා දක්‌වමින් කවියා සිය අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරයි.
අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූල ව ගයා රස විඳින්න.
2. කවි පෙළට වස්‌තු විෂය වී ඇත්තේ මොනවා ද ?
3. හැන්දෑ යාමයේ පරිසරයේ වන සිදුවීමි කෙසේ විස්‌තර කරයි ද ?
4. කවි පෙළෙහි ව්‍යංග්‍යාර්ථය දැක්‌වෙන අවස්‌ථා දෙකක් ලියන්න.
5. වැවෙහි පවතින සුන්දරත්වය කවියා දුටුවෙ කෙසේ ද ?
6. රෑ බෝවු බව හඟවන පරිසර සිදුවීමි තුනක් ලියන්න.
7. ඇය දැකීමෙන් තමාගේ හද කිති කැවුණු බව කවියා කෙසේ පවසයි ද ?
8. කවි පෙළෙහි අවස්‌ථාවෝචිත ව යෙදූ රසවත් කාව්‍යයෝක්‌ති හතරක් ලියන්න.
9. ඉහත කවි පෙළ පිළිබද රසාස්‌වාදය ලියන්න.