පරිණාමා
 

කොළඹ යුගයේ දෙවන භාගයේ සිටි ප්‍රකට කවියෙකු වූ කේයස්‌ හෙවත් සාගර පලන්සූරිය කවියා විසින් 'පරිණාමා' කවි පෙළ ලියන ලදි. මොහු කොළඹ යුගයේ නව පරපුර නියෝජනය කළ ජනප්‍රිය කවියෙකි. 'සුදෝ සුදු' 'මල් හාමි' වැනි කවි කතා ද 'පිටිසර සිරියාව''කණ උන්දෑ' 'ඈ නිසා' වැනි කවි පෙළවල් ද කේයස්‌ගේ නිසඟ කවිත්වය විදහා පායි. පොදු ජන ජීවිතය හා දිළිදු ගැමි සමාජය දෙස, සියදෘෂ්ටිය මෙහෙය වූ කවියා, වෙනත් කවීන් නො දුටු පැතිකඩවල් කෙරේ සිය අවධානය යොමු කළේ ය. එසේම කවියක ශබිද හා අර්ථයමාධුර්ය යන දෙක ම කෙරේ උනන්දුවක්‌ දැක්‌වී ය.


'පරිණාමා' කවි පෙළට වස්‌තු විෂය වී ඇත්තේ ගමිබද රුවැත්තියක පිළිබඳ කවියාගේ මතක සටහන් ය. වැලි බත් උයන අවධියේ සිට ම කවියා ඈ හදුනයි. පින්නේ බබළන හඳක්‌ මෙන් ඇය එම අවධියේ දී ද පැහැපත් ය.


"ඇගෙ නෙත අහිංසක රසයට උල්පත ය
ඇගෙ මොලකැටි ගතිය රැදුණේ මල් වෙත ය"


ඇගේ නෙත් අහිංසකත්වයේ උල්පත බදු ය. ඇය මල් මෙන් මොළකැටි ය. පැල්පත හැමතැන ම දිස්‌ වන්නේ ඇගෙ සුරතල් මුහුණ ය. ඇගෙ නෙත් පහරෙහි නීල කාන්තිය වැදී නා ද ද නිලට හැරේ. බැසයන හිරුගේ පැහැය ඇගේ තොල්පෙති වල ය. මී මැසි බඹරුන් ඇය ඇති තැන දී පොරකන්නාක්‌ මෙන් කවියාට පෙනේ. එසේ වන්නේ ඇය මලක්‌ ය යි රැවටීමෙන් විය යුතු ය. කවියාට පරිණාමා නැවත මුණගැසෙන්නේ ඇගෙ යොවුන් වියෙහි දී ය. එකල ඇය කිරි මුහුදෙහි ගිලුනු රන් තරුවක්‌ මෙන් කවියාට පෙනේ. වන මල් පිපුණේ ඇගේ නෙතේ කොනින් ආ මදලස වැදීමෙනි. ඉපනැලි තුළ ඇගේ කටහඩෙහි සුමිහිරි තාල ගොනු ගැසී ඇත.


යොවුන් වියේ පරිණත අවස්‌ථාව කවියා මීළගට දකී. විලිබරව සිටින ඇය නිසා මුළු ගමම බැබළේ. රන් හා රස දිය එක්‌වූවා වැනි ආලයක දැන් පැටලී ඇත. තනිව විසූ දවසට ද වඩා ඇය දැන් සුන්දර ය. අනගිය.


මෙම කවිපෙළෙහි බස්‌ වහර ඉතා සරලය. ශබිද අර්ථය රස දෙකින් ම අනූනය. රසවත් කාව්‍යයෝක්‌ති මගින් ගමිබද රුවැත්තිය ගේ සුන්දරත්ව ය ඉස්‌මතු කිරීමට කවියා වෙහෙසේ.


'ඇගේ මොළකැටි ගතිය රැදුනේ මල් වෙත ය'
'ඇගේ නෙත් පහර වැද නා ද නිලට හැරේ'
'ඇගේ නෙත් කොනින් හා මදලස වැද පිපුණු'


වැනි කාව්‍යයෝක්‌ති අවස්‌ථවෝචිත ව යෙදී තිබෙ. ඇගේ මොළකැටි බව හා නේත්‍රා වල නීල වර්ණය ව්‍යංග්‍යාර්ථයෙන් ඉදිරිපත් කර ඇති නිසා වඩාත් රසවත් ය. එහෙත් කේයස්‌ගේ වෙනත් කාව්‍ය නිර්මාණ තරමි ප්‍රබල ලෙස චිත්ත රූප මැවීමට මෙහි දී සමත් ව ඇති බවක්‌ නමි නොපෙනී යයි.


අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූලව කිහිප වරක්‌ ගායනා කර රස විඳින්න.
2.කවි පෙළට වස්‌තු විෂය වී ඇති අත්දැකීම කුමක්‌ ද ?
3. ඇගේ පැහැපත් බව කීමට කවියා යොදා ගෙන ඇති උපමාව කුමක්‌ ද ?
4. ඇගේ නෙත්වල හා තොල්වල පැහැය ගැන කවියා අපට අගවන්නේ කෙසේ ද ?
5. යොවුන් වියේ දී පරිණාමා කුමක්‌ මෙන් දිස්‌වෙ ද ?
6. කවියා පවසන පරිදි වන මල් පිපුණේ කුමක්‌ නිසා ද ?
7. තුන්වෙනි කවියේ අර්ථය පැහැදිලි කරන්න.
8.'පරිණාමා' කවිපෙළ රසවත් කිරීම සඳහා කවියා අවස්‌ථාවෝචිත ව යොදා ඇති රසවත් කාව්‍යයෝක්‌ති හතරක්‌ ලියන්න.
9. ව්‍යංග්‍යාර්ථය දැක්‌වෙන අවස්‌ථා දෙකක්‌ පැහැදිළි කරන්න.
10. පරිණාමාගේ රූමත් බව පැවසීමට කවියා පරිසරය යොදා ගත් අවස්‌ථා හතරක්‌ පැහැදිලි කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017