කොළඹ යුගයේ දෙවන භාගයේ සිටි ඉතා ප්‍රකට කවියෙකු වූ මීමන ප්‍රේමතිලකගේ නිර්මාණයකි. 'මිය ගිය දරුවෙක්' නමි කවි පෙළ පාලුගම, සොහොන් බිම, කිරිහාමි ආදී කාව්‍ය නිර්මාණ රාශියක් බිහි කළ මෙම කවියා සොබා දහම, ප්‍රේමය, විරහව ආදිය ද සිය කාව්‍ය නිර්මාණ වලට වස්‌තු විෂය කර ගත්තේ ය.
සදහටම තමාගෙන් වෙන් ව ගිය දරුවෙකු පිළිබඳ අත්දැකීමක් 'මිය ගිය දරුවෙක්' කවි පෙළට වස්‌තු විෂය විය. මෙහි විශේෂත්වය නමි දරුවාගේ වියෝගය කියා පෑමට සොබා දහම උපයෝගි කර ගැනීම යි.
'සමන් පොහොටිටුවක් බිමයි - පිපෙන්නටත් කලින්
හඳක් වැසී තිබෙ - වළාකුලින් නබෝ ගැබෙ
මොකෝ සොබාදමෙ පවා මෙසේ විශේෂයක්
හහා හහා කුඩා බබෙක් නිදයි මිනී වලේ'
සමන් පොහොටිටුවක් පිපෙන්නටත් කලින් බිම හෙලීම දරුවා බිළිදු වියේ දී ම මිය ගියාක් වැන්න. වළාකුළින් හඳ වැසී ඇත. ඒ දරුවාගේ වියෝව නිසා නිවසේ ආලෝකය නැතිව ගියා වැන්න. සොබා දහමෙ සුළභ අවස්‌ථා කවියා මෙසේ සිය අත්දැකීමි පරිකල්පනයට හසු කර ගනී.
පුතා මෙළොවට පැමිණියේ ස්‌වගර්යේ සිටය. කවියාගේ නිවසේ මැණික් කොතක් ලෙසින් විසූ පුතා ලෝකයේ දොස් දැකීම නිසා යලිදුස්‌වගර්යට ගිය ද කවියාගේ සිතින් නොගියේ ය. වනයේ කුසුමි පිපේ, පරවී වැටෙ, වැලි තලයේ වැදී ගලා යයි. කුඩා ගෙඩි ද ගසින් වැටෙ. සොබා දහම එයයි. සියළු දේ අනිත්‍යයි.
මරණය කාටත් පොදු ය. කවි වලින් අනිත්‍ය මෙනෙහි කරමින් කවියා එසේ සිත සනසා ගනී. බුදු දහමින් හික්‌මවන ලද මනස තුළින් කවියා සිය දුක තුනී කර ගන්නා ආකාරය එයින් පසක් වෙයි.
'ගොයමි කැපූ වෙලයි - අමාවකේ අහස් කුසයි'
යන කවියෙන් සොබා දහම උපයෝගී කොටගෙන කවියා සිය පුතා නැති පාළුව කොතරමි දැ යි ධිවනිත කරයි. ගොයමි කැපූ වෙල ද, අමාවක අහස් කුස ද, ගඟක් නො දුටු රට ද, මලක් නො පිපි ගස ද, වසන්තය උදා නො වූ සොබා සුන්දරිය ද මෙන් පුතා නොමැති නිවස ද පාළු ය.
ළමුන්ගේ ලෝකයේ දුර්භික්‌ෂය නසන අඹ, දඹ, මොර පැසී ඉදී කුණු වී යයි. එය සොබා දහම විසින් පුතාගේ කොටස කිසිවකුට නො දෙන්නාක් මෙනි. 'සැදෑ වලා බලා පිපුණු මල් පර වෙ. හිරු රැසින් නැවත උදේ පිපෙයි. නෙළුමි මලක් සේ නැවත මටත් බිරිඳටත් පුතා වී ඉපදෙන්න' යනුවෙන් කවියා පුතාට ආයාචනා කරයි.
සිය අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා උචිත බස් වහරක් කවියා යොදයි. බස සරල ය. රිද්මයානුකූල ය. රසවත් කාව්‍යයෝක්‌ති මගින් සහෘදයා තුළ හැඟීම් දනවයි. සොබා දහමෙ වස්‌තූන් හා සිදුවීමි උපයෝගී කොට ගෙන සහෘද හද තුළ ද සානුකමිපිත හැඟීම් උපදවීමට කවියා වෙර දරයි. ව්‍යංග්‍යාර්ථය මගින් රස තීව්‍ර කෙරේ. ලොවෙ සියලුම ජීවි වස්‌තූන් පුතාට ආදරය කරන අයුරු පවසන කවිය මීට නිදසුනකි. (දිවා රැයේ ඉරයි හඳයි..........)
කවි විස්‌සකින් යුතු වුව ද සහෘදයාට වෙහෙසක් නො දැනෙන්නේ උචිත බස් වහර නිසා ය.
අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූලව කීප වරක් ගායනා කර රස විඳින්න.
2. කවි පෙළට වස්‌තු විෂය වී ඇති සිදුවීම කුමක් ද ?
3. ලොවෙ සියල්ලන් පුතාට ආදරය කරන බව පසක් කරන සොබා දහමෙ සිදුවීමි මොනවා ද ?
4. ජීවිතයෙහි අනිත්‍ය ස්‌වභාවය ඉස්‌මතු කොට දැක්‌වීමට කවියා සොබා දහමෙ කවර සිදුවීමි ඉවහල් කර ගත්තේ ද ?
5. පුතා නැති පාලුව සංකේත වත් කරන පරිසර සිදුවීමි මොනවා ද ?
6. කවියා සඳට හා හිරුට කරන ආයාචනය කුමක් ද ?
7. ඔහු පුතාගේ සිනහව දකින්නේ සොබා දහමෙ කවර වස්‌තූන් තුළින් ද ?
8. දෙගමිබඩ හා එය නො තකා ගලන ගඟ උපමා කොට ඇත්තේ කාට ද ?
9. දාහත්වන දහ අටවන කවිවල අර්ථය ලියන්න.
10. මෙම කවිපෙළෙන් රසවත් කාව්‍යයෝක්‌ති දහයක් උපුටා ලියන්න
(කාව්‍යයට ගැලපෙන කියමන්).