වැහි වලා කුළ
 

වැහි වලා කුළ කවි පෙළ, කොළඹ යුගයේ මුල් භාගයේ සිටි ප්‍රවීණ කවියෙකු වූ කුමාරතුංග මුනිදාස ශූරින්ගේ උසස්‌ පද්‍ය නිර්මාණයකි. පැරණි පත පොත සංස්‌කණය කර ලිවීම, වියරණ ග්‍රන්ථ සමිපාදනය, කියවන නුවණ හා ශික්‌ෂා මාගර්ය පොත් පෙළ, හෙළ මියැසිය, සහ හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, යන ළමා නවකතා වැනි ගද්‍ය පද්‍ය කෘති විශාල ප්‍රමාණයක්‌ ලියා ඇති මෙතුමා 'හෙළ හවුල' සංවිධානය පිහිටුවා හෙළ බසෙහි අනන්‍යතා ව රැක දීමෙහි ලා පුරෝගාමියෙක්‌ ද විය. 'මල් ගස' 'නැළවිල්ල' 'දොරට වැඩුම' 'හාවාගේ වග' වැනි ළමා පද්‍ය නිර්මාණ ඉතා උසස්‌ ය. 'දරු සුරතල්' 'පිය සමර' 'වැහි වලා කුළ' තුළින් ද එතුමාගේ  නිසඟ කවිත්වය පිළිබිඹු වෙ.


කවියෙකු සොබා දහම දකින්නේ අපට වඩා වෙනස්‌ අයුරකිනි. වැහි වලා කුළ හා සුදු වලා කුළ තේමා කරගෙන එතුමා සමාජ විවරණයක යෙදෙන 'වැහි වලා කුළ' නම් කවි පෙළින් මොනවට විදහා පෙන්වයි.

"වැහි වලා කුළ පෑ කළුයැයි ඔබෙ
නොහොබිතියි කිසි ලෙසි නොසතුටු නොවන්
සිරුර පෑයෙනුත් ගත් සුදනෝ ලොවෙ
නො හළුනත් උතුමන් ගුණයෙන් විනා"


පැහැය කළුයි, නුසුදුසු යි කියා වැහි වලාකුළ නො සතුටු නො වන්න. සත්පුරුෂයන් හදුනා ගත හැක්‌කේ පැහැයෙන් නො ව උතුමි ගුණයෙනි. මෙහි දී සුදු වලා කුළින් යුත් හිස්‌ අහස පුහු ආටෝපයෙන් යුත් අරුත් සුන් මිනිසුන් ව සංකේතවත් කරයි. ලොවට වැසි පල දෙන වැහි වලා කුළ උතුමි ගුණයෙන් හෙබි සත්පුරුෂයන් සංකේතවත් කරයි. ලොවට සෙත සදන්නේ වැහි වළාකුළ ය. සමාජයට වටිනා සම්පත වන්නේ යහපත් ගුණවත් මිනිසා ය.


මෙහි කවි පෙළ පුරා ම වාච්‍යාර්ථයට යටින් විහිද යන ව්‍යංග්‍යාර්ථය උසස්‌ හැඟීම් ධිවනිත කරයි. 'පැන නැගී අහසේ පැතිරී ගොසින්' යන කවියෙන් ගම්‍යමාන වන අදහස්‌ මෙබදු ම හරවත් අරුතක්‌ ගෙන දෙයි. වැහි වලා කුළ මිනිසුන්ගේ සා පවස සංසිදුව යි. කුඹුරු වැවි පොකුණු දියෙන් පුරවා අහර ලබා දෙයි. එයින් සංකේතවත් කරන්නේ කය වෙහෙසා වැඩ කරන, දහඩිය වගුරුවා, රට සරු කරන මිනිසුන්, උසස්‌ යයි සමිමත සමාජයේ වෙසෙන අරුත් සුන් මිනිසුන්ට වඩා උසස්‌ බව නො වෙ ද ? වැහි වලා කුළ නිසා අමුතුවෙන් ප්‍රාණවත් බව ලබන්නේ මිනිසා, සතා, සීපාවා, ගහ, කොළ යන සියළු පරිසරය යි.

'සුදු වලා කුළ බොමැ අහස්‌ කුසේ
ඉහළ යෙයි ඔබ යෑම පහත් ව මැ යි'


මෙම කවෙන් දිස්‌ වන්නේ හොඳ සමාජ විවරණයකි. ව්‍යංග්‍යාර්ථය තුළින් මතුවන අදහස හරවත් ය. සුදු වලා කුළ සැහැල්ලු ය. ඉහළ අහසේ ගමන් කරයි. ජන බලය, ධන බලය, තනතුරු බලය ලැබ ඉහළ යන පුහුදුන් මිනිසා අහස්‌ කුස ඉහළින් යන සුදු වලා කුළ වැන්න. සුදු වලා කුළ වියළි ය. වැසි ඵල නොදේ. දාහය වැඩි කරයි. ප්‍රීතිය නැති කරයි. පරිසරයට වැඩදායී නො වෙ. නිස්‌සාර මිනිසුන්ගෙන් සමාජයට සේවයක්‌ නො වන්නා සේ ය. වැහි වලා කුළ ජල ධාරිතාව ලබා දෙයි. වැසි ඵල දී දාහය නිවයි. සත්වයා සතුටු කරයි. වැහි වලා කුළ ජල වාෂ්ප බරින් නම්‍යශීලි වෙයි. ලෝකයාට සැපත සතුට උදා කර දෙයි. සරුසාර කරයි. සත් පුරුෂයෝ ද ලොවට සෙත දෙති.


කරදිය ලුණු රස ය. කටට ගත නො හැකි ය. වැහි වලා කුළ කරදිය උරාගෙන මිරිදිය බවට හරවා ලොවට බෙදා හරින්නේ සත්පුරුෂයන් හා ඇසුරු කිරීමෙන් නිවටයන් ද උසස්‌ වන්නා සේ ය. සොබා දහම විදුලිය නමැති පැහැපත් රන් මාලය වැහි වලා කුළ ගෙළට පළඳවන්නේ ඉහත සේවයට උපහාරයක්‌ මෙන් බව කවියා කියයි. මෙසේ වැහි වලාකුළ හා සුදු වලා කුළ සංකේතවත් කර ගනිමින් කවියා හොඳ සමාජ විවරණයක්‌ කරන බව පෙනේ. සුදනන් නිසා ලොවට අත්වන සෙත හා නිවටයන්ගේ හර සුන් ජීවිතය පිළිබඳ ව මැනවින් පසක්‌ කෙරේ.


සුලභ අත්දැකීමක්‌ මගින් අපූර්වතම නිර්මාණයක්‌ බිහි කිරිම සඳහා කවියා විවිධ කාව්‍ය උපක්‍රම ද උපයෝගී කොටගනී. මෙහි බස ඉතාමත් අරපිරිමැස්‌මෙන් යෙදේ. වචන විශාල අරුත් දෙයි. ව්‍යංගාථර්යයෙන් රස මතු කරයි. ආකෘතිය හා විරිත උචිත ය.


උපමාලංකාර තුළින් අර්ථ රසය උද්දීපනය කෙරේ. වැහි වලා කුළට ප්‍රාණවත් බව ආරෝපණය කිරීමෙන් සජීවි බවට පත් කරයි. රසවත් කාව්‍යයෝක්‌ති වලින් කවිපෙළ සරසයි. මෙසේ කවියා සිය පරිකල්පන ශක්‌තිය මෙහෙයවා සොබා දහමෙ සුලභ වස්‌තූන් උපයෝගී කොට ගෙන රසවත් කවි පෙළක්‌ ඉදිරිපත් කරමින් සමාජ විවරණයක යෙදේ. මෙය සාර්ථක අපූර්වතම කාව්‍ය නිර්මාණයක්‌ ලෙස සැලකිය හැකි ය.


අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූල ව ගායනා කොට රස විඳින්න.
2. කවි පෙළට වස්‌තු විෂය වී ඇති සුලභ වස්‌තූන් මොනවා ද ?
3. උතුමන් හදුනාගත හැකි ආකාරය කවියා වැහි වලා කුළට සමිභන්ධ කර ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න.
4. වැහි වලා කුළ ලොවට ඉටු කරන මෙහෙයන් හතරක්‌ ලියන්න.
5. ශාක සත්ව ජීවින්ට පණවත් බව ලබාදෙන්නේ කවි ද ?
6. මෙම කවි පෙළෙහි දැක්‌වෙන උපමා උපමෙය තුනක්‌ අවසාන කවි තුනෙහි දී දැක්‌වෙ. ඒවා ඉස්‌මතු 2කර දක්‌වන්න.
7. සුදු වලා කුළ සංකේතවත් කරන්නේ කවරෙක්‌ දැ යි පැහැදිලි කර ලියන්න.
8. වැහි වලා කුළ සංකේතවත් කරන්නේ කවරෙක්‌ දැ යි කවි පෙළ ඇසුරෙන් පැහැදිලි කර ලියන්න.
9. මෙහි දැක්‌වෙන රසවත් කාව්‍යයෝක්‌ති හතරක්‌ ලියන්න.
10. වැහි වළා කුළ කවි පෙළ පිළිබඳ රසාස්‌වාදයක්‌ ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017