පියයුරු පෑවේ නැත කවදත් වෙනස් කරා
මෙවැනි පෙරුම් පිරුමට කරණ අනදරා
අමයුරු මම නොවෙද බිම්බා යසොදරා
අනගි මුතු මැණික් අබරණ ගලවාලා
අනගි රන් පේරස් පා මුදු ගලවාලා
කණක කුණ්‌ඩලා බරණත් ගලවාලා
මලානිකව සිටියේ බිසව ගල්වෙලා
විලාප කිය කියා ඉඤ්ඤෙයි අඬා දොඬා
ගලා කඳුලු නිම නැතිවම ඇඬුම් අඬා
කලාපිලා උනුතැන් නිම නැතිවම අඬා
කරලා මෙමට ගියදේ වෙනදාට වඩා
ඇතා වෙලා හිමයේ ඔබ උපන් එදා
සිතා ඇවිත් විඳ හෙලුවේ වැදි නොවෙදා
පතා අගිරි ගා සිටියේ මම නොවෙඳා
පුතා දමා වැඩියේ ඇයි මහිමි සඳා
මව්සඳ පඩිව ඔබ මට කරපු පුවතරා
අඹරා බත් මාළු මගෙ ඇග ඉස තවරා
නොමරා මරන්නට කළදේ මම මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා
නිමනැති තපස් රැක්‌කා මම කැටුව ගොසින්
එම දවසේවත් නිමනැති වැඳුම් පිදුන්
පමණක් වරදවත් සිහිනැතිය මට ඉතින්
එහෙම හිටපු ඇයි මා තනිකලේ ඉතින්
හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කොමල අනගි සිරිපා දෙක නොරිදේද
හිඟේ නැතිව දෙවියෝ මුර කරණවද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනකද
සෑම වරද තිබුනත් හිමියනේ මට
කෑම රස බොජුන් දුන්නෙමි සොඳුරුවට
බෝම එපිට වඩිනා හිමය පසු කොට
සෑම සියලු දෙවියෝ පිහිටයි ඔබට
කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු ලෙස පියවර ඇති වේවා
අව්වේ තිබෙන රැස්‌මාලා අඩුවේවා
ගවීවෙන් ගව්ව දිව මාලිඟ සෑදේවා
කියන මැසිවිල්ල හිමිහට නොපෙනේවා
රන්කඳ මහිමි මට සිහිනෙන් නොපෙනේවා
කම්රස විඳීමක් නැත මම දිව්රනවා
වෙන්කර ගියත් මම සීලේ පිහිටනවා