රෝස මල
 

කොළඹ සාහිත්‍ය යුගයේ මුල් අවධියේ සිටි ඉතා ශ්‍රේෂ්ඨ කවියෙකු වු ටිබෙටි ජාතික එස්‌. මහින්ද හිමියන් විසින් ලියන ලද රසවත් ළමා පැදි පෙළකි මෙය. මහින්ද හිමියන් ටිබෙටි ජාතිකයෙකි. එහෙත් සිංහල ලෙය ශරීරගත වුවෙකුට ත් වඩා දේශාභීමානී, දේශානුරාගි හැඟීම් ඉස්‌මතු කරමින් කවි ලියමින් මහින්ද හිමියෝ පරාධීනව වහල් ව සිටි සිංහල ජාතිය අවදි කිරීමට, රට දැය වෙනුවෙන් නැගී සිටිමට උරදෙන මිනිසුන් බිහි කිරීමට වෑයමි කළ හ.


වැඩිහිටියන් සඳහා ලියූ කවි කාලීන සමාජ අවශ්‍යතාවන් ඉටු කිරීමට සුදුසු දේශාභිමානී කවි විය. එහෙත් ළමයින් උදෙසා ලියන ලද කවි තුළින් මහින්ද හිමියන්ගේ නිසඟ කවිත්වය මනාව ඔප් නැංවිණි. "හඳ රාත්‍රිය" වැනි කවිපෙළවල් තුළින් කවියාගේ වියුත්පත්තිය හා ප්‍රතිභාව මැනවින් පසක්‌ කරයි. 'රෝසමල' කවි පෙළ ද එබදු රසවත් එකකි.

ඉර, හඳ, මල්, තාරකා, කුරුල්ලෝ ළමයින්ගේ හොඳ මිතුරෝ ය. ළමයි එම ජීවී, අජීවී වස්‌තූන් සමග කතා කරති. සුරතල් සිනා පාති. රෝස මල අමතන කුඩා දරුවෙකු රෝස මලේ අගය වැදගත්කම කියයි. රෝස මලේ සොහොයුරන් තමන් වන බව කියමින් දරුවා පැණි උරන්නට එන බඹරා ද පලවා හරියි. සුවඳත්, පැහැයත්, හැඩහුරුවත් වෙත මල් වලටත් තිබෙ නමි සතුටු නේදැ යි ඔහු රෝස මලෙන් අසයි.

"උඹට වගේ වෙන මලකත්
උතොත් සතුටු නේද උඹත්"


දරුවාගේ සිතෙහි කිසිම ඊර්ෂ්‍යාවක්‌ නැත. පිරිසිදුය, අහිංසකය, ඔහු අන් අයගේ ද සැපත, සතුට, හැඩරුව දැක සතුටුවීමට කැමති ය.


වැඩිහිටි සමාජයට එල්ල කරන සියුමි උපහාසයකි එය. එසේ අනුන්ගේ සැපත සතුට, ලස්‌සන දැක සතුටුවීමෙ, ශක්‌තියක්‌ බොහෝ වැඩිහිටියනට නැත. කුඩා දරුවාගේ අව්‍යාජ වූ පිවිතුරු වූ හැඟීම් කවියා ඉදිරිපත් කරන්නේ කොතරමි ලයාන්විතව ද?


"උඹ නැති නමි මල් වත්තේ
හරි සිරියාවක්‌ නැත්තේ"

දසත සුවඳ විහිදුවන රෝස මල නැත්තමි මල් වත්තට කිසි ම සිරියාවක්‌ නැත. රජ මැති, මහා සිටුවරු පවා රෝස මල අගය කරති.

'රෝස මල' මල් ලෝකේ රජ්ජුරුවන් ය. දරුවා ළඟ පාත ඇති මල් අලංකාර කිරීම සඳහා රෝස මලෙන් පාට ටිකක්‌ ඉල්ලයි. ඔහු අනුන්ට උදවි කිරීමට කැමති ය. එසේ ම එකිනෙකාගේ සහයෝගය ලැබීම යි. අද අප සමාජය තුළ නැති ගුණයන් එය ම නේද? තමන් යෙහෙන් වැජඹෙනවා විනා අනෙකා නො තකා හරී. දරුවා සමාජයට යහගුණ වපුරයි. ඔහුගේ සිත නිරවුල් ය. පිරිසිදුය. ඇති දේ ඇති හැටියට දකී. හොඳ දේ අගය කරයි. දරුවාගේ සුරතල් වදන් තුළින් සමාජයට දෙන පණිවිඩය කොතරමි අගනේ ද?


එසේම මෙහි බස්‌ වහර ද ළමා පද්‍යයකට අතිශයින් ම ගැළපෙයි. දරුවා රෝස මල අමතන අයුරු ලයාන්විත ය. හැඟීම්බර ය. මෙය රස විඳින කුඩා දරුවන්ගේ සිත් ප්‍රීති වනු නිසැක ය. විරිත සුදුසු ය. ආකෘතිය කෙටි ය. එහෙත් වචන ටිකකින් විශාල අථර්යයක්‌ දෙයි.

මතුපිට අථර්යයට යටින් දිවෙන ව්‍යංග්‍යාථර්යයෙන් සමාජයට යහපත් පණිවිඩයක්‌ දෙයි. ඉතා උසස්‌ ළමා පද්‍ය නිර්මාණයක්‌ වූ මෙය කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වයට ද දෙස්‌ දෙයි.


අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූල ව ගයා රස විඳින්න.
2. කවියා රෝසමලට පණ උපදවන්නේ කවර උපක්‍රමයකින් ද?
3."කුඩා දරුවන් ද රෝස මල් වැනි ය." මෙය ඉස්‌මතු කරන පද්‍ය ලියන්න.
4. දරුවා සහොදරත්වයෙන් අන් අයට සලකයි. ඔහුගේ තවත් හොඳ ගුණාංග දෙකක්‌ ලියන්න. 5. මෙහි රෝස මලට දී ඇති ගරු නාමය කුමක්‌ ද?
6. අන්‍යයෝන්‍ය සුහදතා ව වගුරුවන කවිය තෝරා අර්ථය ද ලියන්න.
7. රෝස මල කවි පෙළ තුළින් සමාජයට ලැබෙන ආදර්ශ හතරක්‌ ලියන්න.
8. මෙම කවි පෙළ පිළිබඳ රසාස්‌වාදයක්‌ ලියන්න.
9. ඔබ ද 'රෝස මල' පිළිබඳ කවි පෙළක්‌ නිර්මාණය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017