"මාතාව" නමි කවි පෙළ ආනන්ද රාජකරුණා කවියාගේ නිර්මාණයකි. කොළඹ සාහිත්‍ය යුගයේ මුල් භාගයේ සිටි මෙම කවියා ළමා පද්‍ය නිර්මාණයන් නිසා වඩාත් ප්‍රකට ය. ඔහුගේ "මාතාව" නමි කවි පෙළ තුළින් ඔහුගේ මාතෘ භක්තිය විදහා පෙන්වයි. කවියා තමා මවි කුසින් බිහි වූ ඇසිල්ලෙහි මව තුළ ඇති වු දරු ස්නේහයේ තරම මැනවින් පසක් කරයි.
"රැඳී නිබඳ සිටි ඉටු දෙවි දුවක අතින්
මිදී පහළ සුර කුසුමක් ලද සෙ රුතින"
තමාගේ ඉටු දෙවි දුවක අතින් පහළ වූ දිව්‍ය පුෂ්පයක් ලෙසින්, මවට තම කුසින් බිහි වූ දරුවා අනර්ග ත්‍යාගයක් ම විය. දරුවා නිසා ඇය ලද ප්‍රිතිය තුළින් ඇගේ අව්‍යාජ වූ දරු පෙම හැඟ වෙ. 'සුර කසුමක් සෙ රුතින්' යන්න ප්‍රස්තුථයට ගැලපෙන කියමනකි.
"සහපැටි සපිරිවර තුරු සෙවනට පිවිසි" යන කවියෙන් කවියාගේ වැලි කෙළි සමයෙහි මව, ඔහු දිනෙන් දින උස් මහත් ව වැඩෙන ආකාරය විමසමින් සිටි බව කියැ වෙ. දරු දැරියන් සමග තුරු වදුළු සෙවනෙ හි, ඇඟ ඕලි ගා ගෙන, සුරතල් සිනා කතා පාමින්, දඟ කරමින් හැසිරෙන, සුරතල් කෙළිලොල් කො පැංවෙකුගේ ස්වරූපය පිළිබඳ චිත්ත රූපයක් මෙයින් සහෘද හද තුළ මැවෙ. 'මොළකැටි පිරුළු දී සුරතල් සිනා, වැටි වැටී ඕලි ගා ගන, වැළි කෙළින" වැනි යෙදුමි කවියාගේ අදහස කුළු ගන්වයි.
'රිසියෙන නොයෙක රස මසවුල්' යන කවියෙන් සියතින් කවා පොවා දරුවා ඇති දැඩි කරන මව ඔහු කෙරේ දැක් වු දයා කරුණාව, සැලකිල්ල කෙබදු දැ යි ඉස්මතු කොට දක්වයි. එසේ ම. කවියා තුළින් දිස්වන මාතෘ භක්ති ප්‍රේමය ද උදාර ලෙස පිළිබිඹු වෙ. 'මවි සදිනි සහදරිනි' වැනි යෙදුමි එයට දෙස් දෙයි.
සිය දරුවාට අකුරු කිය වු දින පටන්, ඔහුට සිප් සතර කියවීමට, මව ඇප කැප වී ක්‍රියා කළ ආකාරය කවියෙන් ඉස්මතු කෙරේ. යහපත් පුද්ගලයෙකු ලෙසින් රට හෙබවීමට ඔහුට හැකි ව ඇත්තේ මවගේ ඒ දයාබර ගුණය නිසාවෙනි.
මව හා දරුවාට එකිනෙකා උතුමි වස්තූහු වෙති. මවි හා සෙවනෙහි සැදී වැඩෙන කාළය තුළ දී දෙදෙනා අතර පැවතුණූ අන්‍යයෝන්‍ය මවි දාරක ප්‍රේමය මිළවි කවෙන් මොනවට පැහැදිලි වෙයි. එම සුන්දර සංකල්පනාව කොතරමි උචිත ද? එම ප්‍රේමයෙහි මෘදු මොළොක් ගුණය විදහා පෙන්වීමට යමුනා, අහස් ගංගාවන් එක්වන ස්ථානයෙහි පවතින, සිත ගුණය ද නොසැහෙන බව කවියා පවසයි. මාතෘ දාරක ප්‍රේමයෙහි සිසිලස, උදාර ගුණය එයින් පිළිබිඹූ වෙයි.
මෙසේ සහෘදයාගේ සිත් සතන් ද ළමා වියට යොමු කරමින් මවි දාරක ප්‍රේමය අහිංසක ආදරය පිළිබිඹූ කිරීමට කවියා සමත් වන බව පෙනේ.
අභ්‍යාස :
1. කවි පෙළ තාලානුකූල ව ගායනා කරන්න.
2. කවියා උපන් මොහොතෙහි මවට ඇති වූ ප්‍රීතිය ප්‍රකාශ කිරීම සඳහා කවියා යොදා ගත් යෙදුම උපුටා දක්වන්න.
3. වැළි කෙළි සමයෙ හි දරුවාගේ ක්රමික වර්ධනය මව විමසු ආකාරය කෙසේ ද?
4. කවි පෙළ රසවත් කිරීම සඳහා කවියා යෙදූ විශේෂ යෙදුමි මොනවා ද?
5. මව කවියා කෙරෙහි දැක් වූ උනන්දුව හා සැලකිල්ල පිළිබඳ ව විස්තර කරන ආකාරය පහදන්න.
6. මවක හද තුළ පවතින කරුණා - මුදිතා ගූණ සුවඳ ඉස්මතු කෙරෙන අවස්ථා තුනක් කවි පෙළ ඇසුරින් ලියන්න.
7. කවියාට සිප් සතර පහළ කිරීමට මව වෙහෙසුනේ කවර අයුරින් ද?
8. මාතෘ දාරක ප්‍රේමය ඉස්මතු කිරීම සඳහා කවියා යොදා ගෙන ඇති බස් වහර පිළිබඳ විමසීමක් කරන්න.
9. ඉහත කවි පෙළ පිළිබඳ රසාස්වාදයක් ලියන්න.