දෙනිපිටියේ නුග රුක
 

මාතර යුගයේ විසූ ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා නමි ජනප්‍රිය කිවිඳියගේ සුප්‍රකට කාව්‍ය නිමර්යාණයකි. මෙය දකුණු පළාතේ අකුරැස්‌ස ප්‍රදේශයේ ඇති දෙනිපිටිය නමි ගමෙහි පිහිටි විශාල නුග රුකක්‌ මෙම කවි පෙළට වස්‌තු විෂය වී ඇත. එම ගමි පියස මැදින් ගලා බසින, පොල් අතු ඔය හරහා වැටී තිබුණු මෙම නුග රුක, ඔයෙන් එගොඩ මෙගොඩ වීම සඳහා පාලමක්‌ ලෙස ද භාවිතා කර ඇති බව කියැ වෙ. මෙම කවි පෙළෙ හි විශේෂත්වය වන්නේ වෙනත් අවධානයට ලක්‌ නො වුණුවස්‌තුවක්‌ වූ මෙම මෙ නුග රුක සිය කාව්‍යයට මෙ කිවිඳිය විසින් වස්‌තු විෂය කොට ගැනීම යි.


ගජමන් නෝනා කිවිඳියගේ දෘෂ්ටියට හසු වු මෙම නුග රුක පසු ගිය දිනෙක බලධාරීන් විසින් කපා දමන ලද බව පුවත්පත්වල සඳහන් ව තිබුණි. එසේ ම එය වර්තමාන කවි කිවිදියන්ගේ බලවත් දොමිනසට ද හේතු වූ බව පුවත්පත් වලට ලිපි සැපයීමෙන් පෙනුණි.

කෙසේ වුවද වතර්යමානයේ ආන්දෝලනයකට තුඩු දුන් මෙ නුග රුක පිළිබඳ ව මෙම කාව්‍ය නිර්මාණය අප රස වින්දනය කරමු. මෙම නුග රුක සැම දනගේ ම නෙත් සිත් පිනවන බව ද, එයි අලංකාරය ගැනද කිවිඳිය කියයි.

"ගන මෙ කුලෙවි දිලීම - විහගුන් මත රැවි දීම
සුළඟින් පත් ලෙළදීම - ඇති සැමකල්"


ගන වූ වැහි වලා කුළක්‌ මෙන් දිලිසෙන මෙම නුග තුරෙ හි  නිරතුරුව ම කුරුල්ලන් නද දෙන බව ද, සුළඟින් කොළ සෙළවෙන බව ද කියැවෙන්නේ එහි ඇති චමත්කාරය සහෘදයා හට පසක්‌ කරමිනි.


දස දිගට අතු විහිදුණු විසල් නුග රුක යන එන ජනතාවගේ ග්‍රිෂ්මය සංසිදුවා සැපත ලබා දෙයි. නිල් අඹරෙහි බබලන්නා වු මෙම නුග තුරෙ හි අවට පරිසරය ද සසිරිබර ය. පල බර පොල් වතු ද කුඹුරු යාය ද දෙපසින් සිට දන මන තුටු කරවයි. දෙනිපිටිය ප්‍රදේශය සැණකෙළියක වෙස්‌ ගනී. සල්පිල් හා ගෙවල නිතොර මැති සේනාව සැරි සරති. කිවියන්, වඩුවන් දැන උගත් සිල්ප ඇදුරන්ගෙන් මෙම ගමි පියස සැදී ඇත.

නුග තුර තුනු රුසිරෙන් ද - පළ කර සක්‌ දෙවින් ද
පරසතු රුක විලසින් ද - නිබඳ දිසේ


මෙම නුග රුක කොතරමි අලංකාර ද යතහොත් සක්‍ර දේවෙන්ද්‍රයාගේ පරසතු රුක විලසින්  නිබඳ දිස්‌වන්නේ ය. නුග රුක නිසා දෙනිපිටිය ගම අලංකාර වී ඇති අයුරු ද එම වෘක්‌ෂය දෙනිපිටිය ග්‍රාමයට අතිශයින් ම වැදගත් වන බව ද කිවිඳිය අපට ඒත්තු ගන්වයි. දුර්ලභ වූ වස්‌තු විෂයයක්‌ පාදක කොට ගෙන නිමැ වූ, ඉහත කවි පෙළ බෙහෙවින් සහෘද හද පිනවීමට තවත් හේතුවක්‌ වන්නේ, එහි සරල හා මන පිනවන බස්‌ වහරත්, උචිත රිද්මයත්, විරිතත් මනා සේ ගැලපීමයි. වචන සුවිකින් පැහැදිළි අරුත් දෙමින් චිත්ත රූප මැවීමට හැකි වී ඇත. අනවශ්‍ය එකම වදනක්‌ හෝ නො යෙදීම ද, වන්නමි තාලයට ගැයීමෙන් ශබිද ධිවනිය මෙන් ම අථර්ය ධිවනිය ඉස්‌මතු වීම ද කවි පෙළෙහි සාර්ථක බවට හේතු වෙයි.



අභ්‍යාස
1. දෙනිපිටියේ නුග රුක කවි පෙළ වන්නමි තාලයට ගයා රස විඳින්න.
2. මෙම කවි පෙළට වස්‌තු විෂය වී ඇති දුර්ලභ අත්දැකීම කුමක්‌ ද?
3. නුග රුක අවට ප්‍රදේශයේ සශ්‍රිකත්වය පිළිබඳ ව කියැවෙන කවිය උපුටා දක්‌වා එහි  අර්ථය ලියන්න.
4."දෙනිපිටිය පෙදෙස සැණකෙළි වෙස ගත් බව කවියා කියයි" එය නිදසුන් දෙමින් පැහැදිළි කරන්න.
5. නුග රුක උපමා කොට ඇත්තේ කවර වස්‌තුවකට ද? එම උපමා යෙදීමෙ හි උචිත අනුචිත බව පහදන්න.
6. දෙනිපිටිය පියසෙහි සිටින්නා වු විවිධ දස්‌කමි ඇති අය කවුරුන් ද?
7. තද නිල් පැහැයෙන් බබළන නුගරුක අහසෙහි දිස්‌ වන්නේ කුමක්‌ ලෙසින් ද?
8. මෙ කුළෙවි, ගිමි සැනසීම, විහගුන් මත රැවිදීම, දන මන නන්ද, කිවියර, වඩු සිකියන්, පිපි ඇදුරන් යන යෙදුමි වල අර්ථය ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017