පද්‍ය සංග්‍රහය - යසෝදරාවත
 

සිංහල පොදු ජනයා අතර කට වහරින් පැවත ආ ජන කාව්‍යයකි යසෝදරාවත. පොදු ජනයා අතර මුඛ පරමිපරාගත ව පැවත ආ මෙ වැනි දීර්ඝ කාව්‍ය රචනා ජන කාව්‍ය වශයෙන් හදුන්වනු ලබයි. මෙහි විශේෂ ලක්‌ෂණය නමි කතා වස්‌තුවක්‌ ඇතුළත් වීම යි. සිදුහත් කුමරා යසෝදරාව හා පුත්‍රයා අතැර ගිහි ගෙයින් නික්‌ම තපසට යයි. එයින් සසල වූ හදවතින්, ප්‍රකමිපනයට පත් වන ඇයගේ මුවින් නික්‌මෙන, අතිශයින් ම අනුවෙදනීය වූ පුවත් ජන කාව්‍යක්‌ වූ යසෝදරාවතට වස්‌තු විෂය වී ඇත. එම යසෝදරාවතෙ හි කවි පහළොවක්‌ මෙම පද්‍ය සංග්‍රහයට ඇතුළත් කෙරේ.


මෙම කවි පෙළ හැදෑරීමෙ දි අපට ගම්‍යමාන වන විශේෂ කරුණකි, ජනකවි සමිප්‍රදාය සතු සියලුම විශිෂ්ට ලක්‌ෂණ මෙහි නොඅඩුව දක්‌නට ලැබීම, එනමි සංයමය, සරල බව, අව්‍යාජත්වය, නිරායාසයෙන් ම මුවට නැංවෙන පදමාලාව, රසවත් කාව්යෝක්‌ති, උපමාලංකාර භාවිතය, ඖචිත්‍යය වැනි ගුණාංගයන් ය. ඒවා තුළින් කවි පෙළ උසස්‌ කවිත්වයක්‌ විදහා පෙන්වයි. සහෘදයා හට උසස්‌ වින්දනයක්‌ ලබා දෙයි.


මුව ජාතියේ ඉපිද මෙහෙසිය වූ තැන් පටන් මෙ ජාතිය දක්‌වා ම මෙහෙසිය ලෙසින් සිට මෙ ජාතියේ මා තනිකර ගියේ ඇයි? වෙස්‌සන්තර ව ඉපිද සිටි භවයේ තපසට ගියේ දෙදෙනා ම ය. පාරමිතා පුරන්නට සියලු සහයෝගය දුන් නමුදු මෙ වර නො එන්නට ම ගියා සේ ය. කදුළුවලින් සළුපිළි තෙමී යයි. අමා දහරක්‌ වැනි හිමි සඳ සිහි වෙයි. ලෙහෙනුන් ව ඉපිද සිටිය දී සයුරට වැටුණු දරුවන් ගොඩ ගැන්මට වීරිය කළේ දෙදෙනා ම ය. මෙදා මග හැරියේ ඇයි? මෙ වැනි දුකට පත් වු තවත් ලියෝ වෙත් ද?


මෙසේ තමා හැර පියා ගිය සැමියා සිහි කරමින් ඇය වැළපෙන අයුරු කවියා ඉදිරිපත් කරන්නේ සහෘද හද සසල කරවමිනි. යසෝදරාව වැළපෙන්නේ විරහ වෙදනාව නිසා ම නො වෙ. මාලිගාවෙ දී නිරතුරු ව සුවඳ බොජුන් වැළදු හිමියන් ට වනයේ දී කටුක දුක්‌ විඳින්නට සිදු වන නිසා ය.

සුවඳ බොජුන් වැළදු  මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රසකර දුන්  වළඳන්ට
සුවඳ පලා පල මැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට


ඉහත කී ප්‍රාර්ථනා තුළින් යසෝදරාවගේ නිර්මල ආධ්‍යාත්මය පිළිබඳ ව රසික හද තුළ පහන් හැඟීම් ජනිත කරවයි. තමන් දමා ගියේ ය යනුවෙන් ඇය සැමියාට චෝදනා කරන්නේ නො වෙ.


"කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ"
"මාළිගාව අදුරුයි අද සුවාමිනේ"


යන ඖචිත ගුණයෙන් යුතු කාව්යෝක්‌ති යෙදීම හේතු කොටගෙන සහෘදයා තුළ ඇය පිළිබඳ ඉමහත් දයාවක්‌, කරුණාවක්‌ උපදවයි.


වෙස්‌සන්තර ආත්ම භවයේ දී රජගෙය හැර තපසට වන් විට, සැමියා කැටුව පැමිණ, වනයෙහි ඵලවැල සොයා ගෙන ගොස්‌ පෝෂණය කළ අතර, සඳේ ලපය සේ නො හැර ම සිටියා නේ ද? බාධා නැති ව දරුවන් දන් දුන්නා නේ ද? මීට පෙර දෙදෙනා අතර රහසක්‌ තිබුණේ නැත. දැන් සිදු වූයේ කුමක්‌ ද?
මෙසේ හිමියන් වියෝවෙන් කමිපනයට පත් යසෝදරාව පිළිබඳ අනුවෙදනීය හැඟීම් ජනිත කිරීමට කවියා සමත් ව ඇති බව පෙනේ. මෙය සහෘද හද ප්‍රකමිපනයට පත් කිරීමට සමත් අව්‍යාජ කාව්‍ය නිර්මාණයක්‌ බව පෙනේ. සරල බව ඖචිත්‍ය ගුණය හා රසවත් කාව්යෝක්‌ති වලින් පිරිපුන් විශිෂ්ට ජන කාව්‍යයක්‌ බව කිව හැකි ය.


අභයාස
(යසෝදරාවත කවි පෙළ ඇසුරින්)
1. ජන කවියත් ජන කාව්‍යයකත් අතර වෙනස පහදන්න.
2. කවි පෙළ තාලානුකූල ව ගායනා කොට රස විඳින්න.
3. යසෝදරාව තමා හැරදා ගිය හිමියාගෙන් අසන ප්‍රශ්න පහක්‌ කවි ඇසුරින් ලියන්න.
4. හිමි වියොවින් වැළපෙන යසෝදරාව අතීත ජන්ම භවයන් පිළිබඳ ව වරින් වර කියයි.  එවැනි අවස්‌ථා තුනක්‌ දක්‌වන්න.
5. ඇය හිමියා වෙනුවෙන් කරන අහිංසක ප්‍රාර්ථනා මොනවාද?
6. යසෝදරාව සැමියාගේ පාරමිතා පිරීමට සහාය දුන් බව කියයි. එවැනි එක්‌ අවස්‌ථාවක්‌ දක්‌වන්න.
7. සහෘද හද සසල කරවීමට සමත් රසවත් කාව්යෝක්‌ති හතරක්‌ කවි පෙළින් උපුටා දක්‌වන්න.
8. "තෙමා වැටෙ මගෙ සළුපිළි නෙත් පුරවා
  අමා රසක්‌ වැනි හිමි සඳ සිහි වෙනවා"

ඉහත පද වලින් ධ්වනිත වන අථර්යය කුමක්‌ ද?


9. ඈ හැර දා හිමි සඳ වෙන් ව ගියේ ඇගේ වරදක්‌ නිසා දැ යි යසෝදරාව අසයි. එම කවිය උපුටා දක්‌වා එහි අර්ථය ද ලියන්න.
10. 1. නව නළු රසය නමි කරන්න.
      2. ඉහත කවි පෙළ තුළින් මතු වන රස දෙකක්‌ නමි කරන්න.
11. විරහ වෙදනාව දැක්‌වෙන වෙනත් ජන කවි දෙකක්‌ සොයා ලියන්න.
12. කවි පෙළ පිළිබඳ රසාස්‌වාදයක්‌ ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017