٠ කාව්‍යාලංකාරය
ගද්‍ය පද්‍ය කවීහු සිය නිර්මාණය කාව්‍යාලංකාර වලින් මනාවට සරසති. 'සියබස් ලකර' නමි කෘතියෙහි මෙම කාව්‍යාලංකාර දැක්‌වෙයි. අලංකාර විධි වලින් කාව්‍යය ද රසවත් වෙ.
٠ එළිසම අලංකාරය
කවියෙහි මුල, මැද, අග පද සමාන අකුරුවලින් අවසන් කිරීම එළිසමය යි. මෙය මුල එළිසමය, අග එළිසමය වශයෙන් හැඳින් වෙ. එහෙත් සෑම විට ම තුන්තැනෙහි ම එළිසමය රැක්‌කේ නැත. මෙ එළිසම අලංකාරයට නිදසුනකි.
-කියමින් ගී රසමියුරු
තබමින් පද තලඅනුරූ
බඳිමින් දන මනනුවරූ
කළිමින් යෙති බැඳබහුරූ
(ගුත්තිල කාව්‍යය)
٠ උපමාලංකාර
එනමි කිසියමි වස්‌තුවක් තවත් වස්‌තුවකට සමාන කොට දැක්‌වීම ය. මෙහි දී මෙන්, සේ, එවි, වැනි, විලස, බදු, අයුරු වැනි උපමාලංකාර පද භාවිත කෙරේ. උපමාව යනු යමක් සමාන කරන වස්‌තුව හෙවත් උපමානය යි. උපමේය යනු උපමාවට බදුන් වන්නා වු වස්‌තුවයි. ගත්තිල කාව්‍යයෙහි එන මෙම කවිය බලන්න.
"රූ රැසේ - අඳාඳිනා ලෙසේ - අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ - එක්‌වන ලෙසේ - වෙන නාදනු පා තබ තබා
කමිපසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතවින් සබා
මම් කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රවි සුබා"
කවියා, සුර ළදුන්ගේ රංගන ස්‌වභාවය විස්‌තර කිරීම සඳහා මුල් පද තුනෙහි දී ම උපමා යෙදන්නේ චිත්ත රූප මැවෙන පරිදි ය. උපමා මගින් කියන්නට යන දෙය තවදුරටත් අර්ථවත් වෙ.
රූපකාලංකාරය
එනමි උපමාලංකාර පද භාවිතයෙන් තොර ව යමි කිසි වස්‌තුවක් තවත් වස්‌තුවකට උපමා කිරීම ය. ගුත්තිල කාව්‍යයේ එන මෙම කවිය බලන්න.
"හිවි තම නැණ නැවින්
සැදි ගි තරග බෙහෙවින්
වෙන සිප් මහණවිත්
කෙළේ ඔහු පරතෙරට මැනවින්"
බෝසතුන් සිය ගෝලයා විණා ශිල්පයේ පරතෙරට රැගෙන ගිය අන්දම රූපකාලංකාර මගින් කොතරමි රසවත් ලෙස ඉදිරිපත් කර ඇද්ද?
උත්ප්‍රේක්‌ෂාලංකාරය
එනමි ස්‌වාභාවික වස්‌තුවක් අන්‍යාකාරයකින් ඉදිරිපත් කිරිම යි. කාව්‍යශේඛරයේ එන මෙම කවිය බලන්න.
"නුපුබුදු තැඹිලිමල්
ඇගෙ දවි යුගට මනකල්
පැරද සැවිවුණුතුල්
කොලපු ඇතුළට පැමිණි සැමකල්"
පිපෙන්නට පෙර තැඹිලි මල් කොළපු ඇතුළට වී තිබීම ස්‌වභාවික ය. කවියා එය දකින්නේ වෙනත් අයුරකිනි. ස්‌ත්‍රීන්ගේ ජංගා යුග්මයට පැරදි ලැජ්ජාවට පත් තැඹිලි මල් කොළපුව ඇතුළට වී සැඟවී සිටින බවකි.
ස්‌වභාවෝක්‌ති අලංකාරය
යමක ස්‌වභාවය ඇති සැටියෙන් දැකීම ය. ජාතිගුණ, ද්‍රව්‍ය, ක්‍රියා ආදියෙහි වර්ණනාව ඇති සැටියෙන් කියා පෑම යි. මෙ එයට නිදසුනකි.
"මැඩියෝ අඬති පෙරළු නව කුඹුරු මඩින්
බස්‌සෝ ඉගිල යති නිහඬව හිසට උඩින්
වවුලෝ පියාඹති මී ගෙඩි රැගෙන තුඩින්
ඈ කිසි විටක තැති ගත්ත ද මෙවැනිහඬින්"
(වන්නියේ සැන්දෑව - විමලරත්න කුමාරගම)
අතිශයෝක්‌ති අලංකාරය
යථා තත්ත්වය ඉක්‌මවා කිසියමි වස්‌තුවක් වර්ණනා කිරීම ය. ගුත්තිල කාව්‍යයේ එන සැණාකළිය සඳහා උදේනි පුරවර භූමිය රන් තොරණින් අලංකාර කොට තිබූ ආකාරය කවියා මෙසේ අතිශයෝක්‌තියෙන් වර්ණනා කරයි.
"උදා දිනිදු කර හරණේ
විදා අර දිසි කිරණේ
යොදා දෙපස රන් තොරණේ
සදා මෙලෙස පුර දෙරණෙ"
මෙහි දී රන් තොරණින් මග දෙපස සරසා තිබෙන ආකාරය කියා පෑමෙන් එම නගරයේ පවතින ඵෙශ්චයර්යය හා සමිපත්තිය විදහා පෙන්වීමට කවියා වෑයමි කරයි.
ශ්ලේෂාලංකාරය
ඕනම පදයකින් අථර්ය කීහිපයක් හෝ සිදුවීමි කිහිපයක් ඉස්‌මතු කිරීම හෙයින් කියැ වේ. ගුත්තිලයේ එන මෙම කවිය එයට නිදසුන් ය.
"කියමින් මෙ ලෙසට
වෙළදුන් සමග සහතුට
ගොස් බරණැස් පුරට
පිවිස මහා බෝසතුන්ගේ ගෙට"
අනුප්‍රාස අලංකාරය
එනමි එකම පදය නැවත නැවත යෙදීම යි. ශබිද මාධූර්යය ජනිත කිරීම, බහු අර්ථය පදවලින් විවිධ අරුත් දැනවීම ආදිය මෙයින් සිදු වෙයි. ගුත්තිලයේ මෙම කවිය බලන්න.
"දිය දිය ගොස පළකරමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්‌වා රන් මුතුමිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්‌මිණි"
මෙහි අනුප්‍රාසය ද එළිසමය ද එකිනෙක පරයමින් ශබිද මාධූර්යය ජනිත කරවයි. පැරණි ගද්‍ය කෘතීන්හි ද අනුප්‍රාසය බෙහෙවින් ම යෙදේ. බුත්සරණෙහි එන නාලාගිරි දමනය මෙයට හොඳම නිදසුනකි.