* කාව්‍යයෝක්ති
එනමි කාව්‍යයට ගැලපෙන රසවත් කියමන් ය. මෙවා අවස්‌ථාවට උචිත අයුරින් ඉදිරිපත් කිරීම වැදගත් ය. ප්‍රතිභාපූර්ණය කවීත්වයෙන් යුතු කවියා, සිය නිර්මාණයෙහි හුදු අව්‍යාජත්වය හා චමත්කාරය ජනිත කිරීම සඳහා, සුදුසු රසවත් කාව්යෝක්‌තින් උචිත පරිදි උචිත තැන යොදයි. මෙ එයට නිදසුන් ය.
"සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
මල් කැකුළකට නෑකමි ඇති තුඩග තියා"
"පෙර මග ගමන් ගොස් සිය හිමි පිළිගන්නා
සුරතල් කිරිල්ලිය සංගීතය දුන්නා"
(කුරුළු කූඩුවක්)
* අනුභූතිය
එනමි කිසියමි ගද්‍ය පද්‍ය නිර්මාණයකට පාදක වන අත්දැකීම ය. කවියා සැබෑ ලෝකය දකින්නේ අප දකින අයුරින් නො වෙ. ඔහු තමාගේ දෘෂ්ටියට බදුන් කොට පසක් කර ගන්නා දෑ, පරිකල්පනය තුලින් රසවත් ව ඉදිරිපත් කොට, සිය අත්දැකීම සහෘදයාගේ ද අත්දැකීමක් බවට පත් කරයි.
* ඖචිත්‍ය
සාහිත්‍යකරුවා, සිය අත්දැකීමි තුළින් අත්විඳි, රසය සහෘදයාට ද අත්කර දෙන්නේ, දුරු, මිරිස් ආදිය පදමට යොදා රසවත් කළ ව්‍යංජනයක් මෙන්, විවිධ උපක්‍රම උපයෝගී කර ගෙන උචිත බවින් සපිරි රසවත් නිර්මාණයක් ඉදිරිපත් කිරීමෙනි. ආකෘතිය, විරිත, රිද්මය, බස් වහර, වක්‍රෝත්ති ශබිද අර්ථය ධිවනි, කාව්‍යාලංකාර ආදිය ඔහු උචිත අයුරින් යොදා නො ගන්නේ නමි රසවත් නර්මාණයක් ද බිහි නො වන්නේ ය. එහෙයින් කාව්‍යක සාර්ථකත්වය කෙරේ ඖචිත්‍ය ගුණය බෙහෙවින් ම බලපායි.
* සන්දභර්යය
සාහිත්‍යකරුවාගේ අත්දැකිමි හා බැදුණු හැඟීම් සංවිධානය කර ගනු ලබන කලාත්මක රටාව සන්දභර්ය යි. මෙහිදී කවියා උචිත ක්‍රමෝපායයන් උපයෝගි කොට ගනී. නවකතාවක් නම් හේතුඵල ධමර්තාවකට අනුව සිදුවීමි ගලපනු ලබයි. විශ්වාසනීයත්වයෙන් යුතු වු ද, අව්‍යාජ වූ ද නිර්මාණය සාර්ථක එකක් වෙයි.