එනමි කාව්‍යයක මතුපිටින් දැක්‌වෙන අථර්යයට වඩා වෙනස් පුළුල් අරුතක් කීම යි. මෙය චක්‍රෝත්තිය යනුවෙන් ද හැඳින් වෙ. ආශාව, ප්‍රීතිය, ශෝකය, දයාව, කුතුහලය වැනි හැඟීම් මෙයින් තීව්‍ර ලෙස ඉස්‌මතු කෙරේ. වාච්‍යාර්ථයට වඩා රසයක් ලැබෙන්නේ ව්‍යංගාර්ථයෙනි. මෙ එයට නිදසුනකි.
වැහි වැහැලා ගල ආඳා බඩෙඋනා
අමිමා එදත් ඒ ගල මුදුනට මඋනා
රූටා ගිහින් පා මුල ගලටත් රිදුනා
අමිමා කිවි විලාපය තවමත් ඇසෙනා
(දුමිමල ගලට ගිය අමිමා)
-ගල ආඳා බඩෙඋනා යන්නේ වර්ෂාව නිසා ගල ලිස්‌සන සුළු බව හැඟීයයි. "රූටා ගිහින් පා මුල ගලටත් රිදුනා" යන්නෙන් ගල මුදුනට ගිය අමිමා එයින් ලිස්‌සා ගොස් පාමුල ගලට වැටී තැලී පොඩි වී මිය ගිය බව හැඟීයයි. අමිමාගේ විලාපය දරුවාගේ හදවතට දෝංකාර දෙමින් තවමත් ඇසෙයි. අමිමා නැති ශෝකය, පාලුව, පාඩුව තදින් දැනෙයි. වාච්‍යාර්ථයට වඩා ව්‍යංගාර්ථය, රස නිෂ්පත්තියට හේතුවන බව මෙයින් පැහැදිලි වෙ.