දෘෂ්ටිය, ප්‍රතිභාව හා වියුත්පත්තිය
 

* දෘෂ්ටිය

එනමි සාහිත්‍යකරුවා යමක්‌ දෙස බලන ආකාරය යි. එය ව්‍යත්පත්තියන් (ඇසු පිරූ තැන් ඇති බව) ප්‍රතිභාවන් විසින් මෙහෙයවනු ලබයි. එකම වස්‌තුවක්‌ කවීන් දෙ දෙනෙකු දකින්නේ එකම ආකාරයෙන් නො වෙ. දෙයාකාරයෙනි. ඔවුන් සිය අත්දැකීමි මනසට හසුකර ගන්නේත්, එය පරිකල්පනය කරන්නේත් දෙ විදියකට ය. සමහර කවීහූ උදෑසන දකින්නේ සොබා දහමෙ මංගල්‍යයක්‌ ලෙසිනි. ඇතැමි කවියෙක්‌ උදෑසන ඉර පෑයීම කරදරයක්‌ කොට සිතයි. (කුමාරතුංගයන්ගේ - උදය හා සිරි ගුණසිංහයන්ගේ - පෙරදිග ගොරහැඩ රකුසෝ කවි පෙළවල් මීට නිදසුන්ය.)

* ප්‍රතිභාව

එනමි අපූර්වතම නිර්මාණයක්‌ කිරීමට කවියා තුළ ඇති හැකියාව ය. මෙය පූර්ව වාසනා ගුණයකි. නැවුමි බසින් යුතු ව කලින් නො ඇසූ විරූ ලොවකට සහෘදයා රැගෙන යන්නා වූ නිර්මාණය අපූර්වතම එකකි. එවැනි, අපූර්වතම වූ නිර්මාණයක්‌ ඉදිරිපත් කිරීමට
ඇති හැකියාව ප්‍රතිභාව ය. උචිත කාව්‍ය උපක්‍රම යොදමින් රස ජනනය කළ හැක්‌කේ ත්, චිත්තරූප මැවිය හැක්‌කේ ත් ප්‍රතිභා පූර්ණ කවිත්වය නිසා ය.

* වියුත්පත්තිය

එනමි ඇසූ පිරූ තැන් ඇති බවයි. පොතපතින්, අත්දැකීමෙන් හා පසිදුරන් මගින් ලබා ගන්නා දැනුම ද කවියාගේ දෘෂ්ටිය සියුමි කරයි. කවියාගේ දෘෂ්ටියත්, ප්‍රතිභාවත්, වියුත්පත්තියත් එකිනෙක හා බැඳී පවතී. ප්‍රතිභාව හා වියුත්පත්තියෙන් හික්‌මුණු මනස පදනමි කරගෙන කවියාගේ දෘෂ්ටිය පහළ වෙයි. කවියාගේ දෘෂ්ටියට බදුන් වන අත් දැකීම තු;ළින් පහළවන කවි සංකල්පනාව සහෘදයාගේ මන බඳියි. ඒවා නැවුමි ය. රසවත් ය. අපූර්වත්වයෙන් යුතු ය. එහෙත් සෑම කාව්‍ය නිර්මාණයක ම ඉහත කී අපූර්වත්වය දැකිය හැකි නො වෙ.

(c) Shilpa Sayura Foundation 2006-2017