සාහිත්‍ය විචාරය යනු, කිසියමි සාහිත්‍ය කෘතියක ගැබිව ඇති රස මතු කොට දැක්‌වීම හා රස මතු වීමට බාධා ඇත්නමි ඒවා පෙන්වා දීම ය. සාහිත්‍ය රසාස්‌වාදයෙහි දී ද, විචාරයේ දී ද, කවියා සතු කුසලතා හා ගුණාංග ඉස්‌මතු කර ගත යුතුය. එසේම විචාරකයා මධ්‍යස්‌ථ ව අපක්‌ෂපාතී ව, සාහිත්‍ය කෘතියේ සාර්ථක අසාර්ථක භාවය මැනිය යුතු ය. සාහිත්‍යකරුවාගේ පරමාථර්යය කුමක් ද?
කොතෙක් දුරට රසවත් ද? එය රසාලිප්ත කිරීම සඳහා ඔහු යොදා ගෙන ඇති කාව්‍ය උපක්‍රම මොනවාද? ඒවා සාර්ථකව යෙදී ඇද්ද? ඖචිත්‍ය ගුණයෙන් පිරිපුන් ද? යන්න විමසිය යුතුය. එමෙන් ම පරිහරණය කර ඇති බස් වහර උචිත ද?
සාහිත්‍යකරුවාගේ අරමුණ ඉටු වී ඇද්ද? නැත්නමි එයට හේතු මොනවා ද? යනා දී කරුණු හේතු සාධක සහිතව ඉදිරිපත් කිරීමට විචාරකයාට සිදු වෙ.
සාහිත්‍ය කෘතියකින් ඉස්‌මතුවන අංගෝපාංග හා උපක්‍රම කවියාගේ දෘෂ්ටිය, ව්‍යත්පත්තිය හා අභ්‍යාසය ද, කාව්‍ය සන්දර්භය, ඖචිත්‍යය, ශබිද අර්ථ ධිවනි, ආකෘතිය, භාෂාව, විරිත්, කාව්‍යාලංකාර, වාච්‍යාර්ථය, ව්‍යංග්‍යාර්ථය, වර්ණනා, චාතුර්යය ආදී අංගෝපාංගයන් හා උපක්‍රමයන් භාවිත කරන ආකාරය සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින් ම බලපායි.
ඇළ, දොළ, ගංඟා, සයුරු, කදු ශිඛර, වන මල්, ඉර හඳ, තාරකා ආදී සොබා දහම ද, මිනිසුන් හා සතුන් සබැඳි සැබෑ ලෝකය ද, මනසට හසු කර ගන්නා සාහිත්‍යකරුවා සිය අත්දැකීමි හෙවත් අනුභූතිය මෙහෙයවා, ඇති කර ගන්නා පරිකල්පනයන් මගින් අපූර්වතම නිර්මාණයක් බිහි කරයි. එම නිර්මාණ රසස්‌වාදයෙ හි යෙදෙන සහෘදයා ඉහත කී අංගෝපාංග හා උපක්‍රම දැන සිටීම වැදගත් ය.