නව නළු රසය
 
1. ශෘංගාර රසය 

කාමය හෙවත් ඇල්ම, ආශාව පිළිබඳ හැගීමි ය. ස්‌ත්‍රී පුරුෂ ගුණ රුව වැනීමෙන් කැමැත්ත හෙවත් ඇල්ම ඇති වෙ. කාම සමිභෝගය, ආලය, ප්‍රේමය, වීරත්වය වර්ණනා කිරීමෙන් ශෘංගාරය උපදියි. එයින් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රයන් මුල්

කොටගෙන යමි ආස්‌වාදයක්‌ තෘප්තියක්‌ විඳිමෙ කැමැත්තක්‌ ඇති වෙ. එම ඇල්ම හෙවත් කැමැත්ත මුසු හැඟීමි ශෘංගාර රසය නම් වෙයි. මෙ එයට නිදසුනකි.

සිස වන වුවන ඉවී සුවී ගත හැකි මිටින
නිසි පුළුකුල රිය සකයුරු තිසර තන
දිසි රන ලියෙවි රූ සිරි යුත් මෙ පුරවින
ඇසි පිය හෙලන පමණින් නො වෙති දෙව්ඟන
(සැලළිහිණි සංදේශය)

2. වීර රසය

කිසියමි ගද්‍ය පද්‍ය නිර්මාණයකින් සහෘදයා තුළ වීරත්වය පිළිබඳ හැඟීම් ජනිත කිරීම වීර රසය යි. රට දැය වෙනුවෙන් කැප වූ විරුවන් ගැන කියැවෙන මෙම කවිය එබන්දකි. 

නිල තුරුවිට නැගෙමින් රිවි දෙවි සිරින
දුල කර සේසත් මිණි බරණ  කිරණින
බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන
(සැලළිහිණි සංදේශය)

3. භයානක රසය

සහෘදයාගේ සිත් සතන් තුළ, බිය මුසු හැඟීමි ජනිත කරවීම භයානක රසය යි. දහමි සොඬ කවෙහි එන යක්‌ෂයාගේ විලාසය බලන්න.

ගතින් විහිද ගිනි දැල් යුතු රුදුරු
කටත් නොමද ඉස ඉස ගිනි පුපුරු
දිගුන් බිහිරි කර අඬ ඇන කුරිරු
පියෙන් පියට මැඩ මැඩ සහළගුරු

4. බීභත්ස රසය

ගද්‍ය පද්‍ය නිර්මාණයකින්, පිළිකුල් උපදවන දෑ පිළිබඳ ව ප්‍රකාශ වෙයි නමි, එය බීභත්ස රසයයි. මෙම කවිය කියවා බලන්න.
කකුලේ ගෙඩිය පිපිරී ඉන් සැරව ගලයි
ඇද එය අතින් පිස දමමින් කදුළු සලයි
රෙදිපටි ගෝනි ලණු ඒ මතු පිට ද වෙළයි
නිල මැසි කැල ඇගේ දුක සැප දෙකම බළයි

5. අද්භූත රසය

විස්‌මයානුකූල හැඟීම් පුබුදුවන ගද්‍ය පද්‍ය රචනා තුළින් අද්භූත රසය ඉස්‌මතු කෙරේ. උමිමග්ග ජාතකයෙහි එන මහෞෂධ කුමාරයත් මවි කුසින් බිහිවූයේ සදුන් කැටයක්‌ අතෙහි දරා ගෙන ය. උපන් ඇසිල්ලෙහි ම මව හා කතා කළේ ය. එම අවස්‌ථාව මෙසේ විස්‌මය උපදවයි.
-මෙ කුමාරයා මවි කුසින් බිහි වන්නේ මහෞෂධක්‌ අතින් ගෙන ආ යැ. උපන් ඇසිල්ලෙහි මෑණීයන් හා කථා කළේ යැ. මෙ බදු වූ පිනැත්ත වු විසින් දුන් මෙ බෙහෙත ද මහත් වූ ආනුභාව ඇත්තේ යැ.

6. ශාන්ත රසය

කිසියමි ගද්‍ය පද්‍ය නිර්මාණයක්‌ තුළින් සහෘදයා තුළ ශාන්ත සුවදායී හැඟීමක්‌, ආධ්‍යාත්මක ගූණ සුවඳක්‌ උපදවයි නමි එම හැඟීම්ශාන්ත රසය නමි. බුදු ගුණ අලංකාරයේ එන මෙම කවිය මීට නිදසුනකි.

රහස්‌න් වත් පවි නොකොට
කෙලෙසරයනුත් දුරුකොට
නිසි වුයෙන් පුදට
අරහ යන නම කියති මුනිදුට

7. කරුණා රසය

දයාව, අනුකමිපාව, කරුණාව, ශෝකය වැනි හැඟීම් සිත් තුළ ඉපදවීම කරුණා රසයයි. යසෝදරාවතෙහි එන මෙම කවිය එ බදු ය.

තෙමා වැටෙ මගෙ සළු පිළි නෙත්පුරවා
අමා රසක්‌ වන් හිමි සඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙවි තුළ ඇද්ද  තවා

8. හාස්‍ය රසය

හාස්‍යජනක හැඟීම් උපදවන ගද්‍ය පද්‍ය නිර්මාණ තුළින් වෑහෙන්නේ හාස්‍ය රසය යි. උමිමග්ග ජාතකයේ එන සතර කන් මන්ත්‍රණයේ සඳහන් මෙම කොටස එබන්දකි.

"ගිරා පෝතකයො ඒ මන්ත්‍රණය අසා නිමවා, උන් දෙදෙනා මන්ත්‍රණය කොට නිමවා අන්තයෙහි සාල්ලක ලා ලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවටිට බමුණා හිසැ වර්චස්‌ පිඩක්‌ හෙළා, කිමෙක්‌දැයි කට දල්වා උඩ බැ තැනැත්තවුන්ගේ මුඛයේ, නැවත වර්චස්‌ පිඩක්‌ හෙළා ක්‍රීත් යන අනුකරණයෙන් හඬවමින් කොළත්තෙන් උඩ නැගී......................"

9. රෞද්‍ර රසය

කෝපය මුසු හැඟීම් ඉදිරිපත් කරන ගද්‍ය පද්‍ය නිර්මාණ රෞද්‍ර රසය ජනිත කරවයි. සඳකිදුරු දා කවෙහි එන මෙම කවිය බලන්න.

අනු ගනු බලු කොටව
තළ මර බලා නොසිටුව
අවි කැල ඇවී  පටව
කියා සෙනවීක්‌ සිටිති පෙරටුව

ඉහත සඳහන් පරිදි ගද්‍ය පද්‍ය නිර්මාණ තුළින් සහෘදයා තුළ උපදවන්නා වූ හැඟීම් සමුදාය අපි නව නළු රසය යනුවෙන් හදුන්වමු.

මෙ අනුව රස ඉපදවීම ගද්‍ය පද්‍ය නිර්මාණයකින් අපේක්‌ෂිත ගුණයකි. අපේ පසිදුරන්ට ගෝචර වන සැබෑ ලෝකය දුක්‌ දොම්නස්‌ වලින් පිරුණ ද, සාහිත්‍යකරුවා මවන ලෝකය එහි වාර්තාවක්‌ නො වෙ. ඔහු තමා ලද අත්දැකීම, අපූර්වත්වය නිර්මාණයක්‌ ලෙස

ඉදිරිපත් කරමින්, පොදු අත්දැකීමක්‌ බවට පත් කරයි. ඔහු මවන අපූර්වතම නිර්මාණ තුළින්, සහෘදයා හට අපූර්වතම රසයක්‌ හෙවත් ආස්‌වාදයක්‌ ලබා දෙයි. එය සාහිත්‍ය රස වින්දනය නමි වෙයි. නො එසේ නමි සාහිත්‍ය රසාස්‌වාදය යි.

(c) Shilpa Sayura Foundation 2006-2017