සිංහල සාහිත්‍ය විෂය හැදෑරීමට පෙර සාහිත්‍ය රසාස්‌වාදය පිළිබඳ යථා අවබෝධයක් සිසුන් තුළ තිබිය යුතුය. සාහිත්‍ය රසාස්‌වාදය පිළිබඳ ව ඉගෙනීමට නමි පළමුවෙන් ම සාහිත්‍ය යනු කුමක් දැ යි විමසීම වටී. සහෘදයා තුළ රසවත් හැගීමි ඉස්‌මතු වන සේ ලියැවුණු, ගද්‍ය පද්‍ය නිර්මාණ සියල්ල සාහිත්‍ය නමි වන බව කිව හැකි ය. ඉහත කී ගද්‍ය පද්‍ය නිර්මාණයේ දී, සාහිත්‍ය කරුවා අපව චමත්කාරජනක ලොවකට රැගෙන යයි. එහෙයින් සෑම විට ම ඔහු සිය නිර්මාණය, රසාන්විත ව ඉදිරිපත් කිරීමට වෑයමි කරයි. එසේ රස නිෂ්පත්තිය හෙවත් රස ඉපදවීම, ඔහුගේ ඒකායන අරමුණ වෙයි. එය කියවන සහෘදයා ආස්‌වාදයක් හෙවත් රසයක් විඳියි. සිත මුල් කොට ගෙන විදිනු ලබන රසය, තෘප්තිය හෙවත් ආස්‌වාදය විවිධාකර ය.
ගද්‍ය පද්‍ය කාව්‍යයන් කියවන සහෘදයාගේත්, නාට්‍යක්, විත්‍රපටයක් නරඹන ප්‍රේක්‌ෂකයාගේත්, සිත් සතන් තුළ පහළ වන්නා වූ හැගීමි නොහොත් මනෝභාවයන් විවිධාකාර ය. සංස්‌කෘත අලංකාරවාදීහු මෙසේ වූ විවිධාකාර හැගීමි කොටස් නවයකට බෙදා නව නළු රසය යනුවෙන් හදුන්වති. ඒවා මෙසේ නමි කෙරේ.
ශාංගාර රසය, හාස්‍ය රසය, කරුණා රසය, රෞද්‍ර රසය, වීර රසය,භයානක රසය, බීභත්ෂ රසය, අද්භූත රසය, ශාන්ත රසය ය.
මෙසේ නව නළු රසය යනුවෙන් හදුන්වන්නේ සැකෙවින් කියතොත් කාව්‍ය, නාටක, නවකතා, කෙටිකතා, රස විඳීමෙන් සිතෙහි ඇති වන්නා වූ ඇල්ම, ප්‍රීතිය, ශෝකය, කෝපය, පිළිකුල, බිය, වීරත්වය වැනි හැගීමි ය. නැතහොත් මනෝ භාවයන් ය. අපි දැන් එකිනෙක රස හදුනා ගනිමු.