චන්ද්‍ර ගුණ සිසිල සිඹ සනසන මුහුන
පෙම්බර ගුණ සොබන කුමරුන් වඩාගෙන
පුන්සඳ ලඟ සිටින රන් තරුවක් ලෙසින
පුන්සඳ මෙන් වඩිති කුමරුන් සිහිකරන
පුන්සඳ ලෙසට බෝසත් වැඩියාය පිට
රන්කඳ කුමරු ඇරයමි ඉතින් කෙළෙසට
රන්කඳ ලෙසින් වැඩියා මුන් ගං තෙරට
පින් ඇති මගේ අඹු දරු රකිමි අවිට
තිබෙනා අවගුණය දැකලා කලකිරිලා
කන්තක නම් අසු පිට පැන නැගිලා
තිස් යොදුනක් හිමගතයද ගෙවාලා
මහණවෙන්ට වැඩියේ ගංතෙරද බලා
පැනලා වැලි තලෙන් අඩි තරබර කරලා
ගයලා කටහඩින් හේසාරව කරලා
නෙරවා දෙකන් පොතු අසු කරකැවීලා
පිනවා ලෙවකෑය කුමරුන් දෙපාතුලා
ඇසල මසේ පුර පසළොස්‌වක් එදින
එතෙරවෙලා ගංගා වැල්ලට පැමින
අබරණ මුදාලා සන් ඇමතිට දෙමින
එතෙර වෙන්ට ගංගාවන් වදාරණ
පවර උතුම් මගෙ හිමිසඳ ඔබ ඇරලා
ඉවර නොවන ගිනිකඳ අපහට දීලා
අවර ගිරග වැටුනා ලෙස වේය මුලා
නුවර ගොසින් මම ඉන්නේ කවුරු බලා
පිරිසිදු එරන් කඩුවක් සුරතට ගනිති
පිරිමැද කේසදාතුව අහසට අරිති
සිටුකුල උතුම් සක්‌දෙව් දාතුව ගනිති
පිටිකර පළමුකොට දුන්නේ සහම්පති
අඬා ඇමති බිම පෙරළෙයි දෙරණ පිට
වඩා සිරි හස්‌ත දිගුකොට අසුළඟට
කඩා දමා යමු තුන්දෙනම නිවනට
අඬා මැරී අස් රජ ගියේ දිවපුරටඅස් රජ සමඟ බෝසත් නැති සෝකයට
හිස්‌කර අරින්ඩද අද හිමි මා ගමට
රැස් කර කියමි උණුදේ පිය නිරිඳු හට
විස්‌තර හිමි සාමි අවසර මට යන්ට
ආබරණද අවසර දී ඇමති හට
සගර ජලෙන් පලයන් පසු නොබැස සිට
පිය නිරිඳුට කිය මගෙ පුතු දැක ඉන්ට
යසෝදරා දේවිට කිය සැනසෙන්ට
