කතුන් සැමට නායක බිම්බා දේවි
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවි
ගොසින් බුදුව එනකන් සිටපන් දේවි
සඳුන් සුවඳ මල් අතුරපු යහන පුරා
යොදුන් ගණන් පැතිරෙයි සුවඳ මනහරා
රුවින් උතුන් රුව ඇත මගේ යසෝධරා
සොඳින් බුදුව එන්නෙමි මම එලොව තුරා
පිරිසිදු එරන්කඳ සේ බිසවුන් හැරලා
සිරි පද මම ගත්තේ ආපසු නොබලා
වීරිය කරන්නේ බුදු බව සිහි කරලා
සූරිය මඬල මෙන් ආපසු වැඩ ලීලා
ආවේ එන්ඬ අප දෙන්නම ඈත සිට
කීවේ යාලු අපි දෙන්නම ඇසීමට
ඇසුවේ සුවාමිනි කොයිබට වඩින්නට
ඇසුවේ ඇමති වැඳලා සිරිපා දෙකට
පාලු වේය වැඩියෝතින් මෙ අපට
සාලු සලුද පැළඳී රන්කඩු අතට
වේලු බුදුබවට බාදා නොකර මට
යාලු ඇමති අසු සරසා දියන් මට
කඩ කඩා වචන නොකියති බෝසතුට
අඬ අඬා ගොසින් කන්තක අසු ලඟට
අඬා දොඬා අසු සරසයි හොඳ රුවට
වඩා සිරි හස්‌ත පිරිමැද අසුගේ පිට
සැරසි කුමරු සමඟින් යන්ට එමවරා
සිරිගන සිරිපතුල පඬි කඳට බරකරා
සිරි රන් කඩුමුනෙන් ඇරලා එරන් දොරා
පිරිය රාහුලය සහ බිසව් සිහිකරා
සරණ අදහ මහණට වඩින ගමනට
බරණ පැළඳ සැතපෙන කුමරු ලංකොට
වරල නිල් කලඹ මුවලා යහන පිට
දරණ උඩ බලා අත් බඹරෙකු ලෙසට
සමන් පිච්ච මල් අතුරා යහන පිට
ගිමන් හැර බිසව් කුමරුන් තුරුළු කොට
රුවන් කිනිගිරිය මල් ගෙතුවා ලෙසට
දමා සිරි හස්‌ත කුමරුන්ගේ ඇඟපිට
දිදී සතුන් මතු බුදුවන බව පතන
විඳපු සිරි සැපත හැර මහණට වඩින
බැඳි සසර ගිහිගෙයි ආලය හරින
මිදි නිල් වරල ඇඳ පාමුල දරන