මගේ ඇති ගමන් අද විතරයි මෙඛට
මගේ ඇමති ආබරණත් දියන් මට
මගේ යාලු අසු සරසා දියන් මට
ගලා කඳුළු වැටෙමින් ඇමති එම විට
බලා මගේ කුමරුන් එමි සහතිකට
වැඩලා බිසව සිටිනා මාලිගාවට
දැකලා බිසව් සැතපෙන සැටි යහන පිට
සිරි හස්‌නෙන් රණ්‌ඛාපත අල්ලාලා
සිරි පද රන් පඩි කඳ පිට තබාලා
පිරිසිදු යහනේ සැතපෙන පුන්සඳ ලීලා
සිරි පද ගත්තෙ කිසිවක් ආපසු නොබලා
අමුනක් පමණ මල් අතුරපු යහන පුරා
පමණක් එරුණි කුමරුට රන්කිරි තිසාරා
කවදත් වරද නැති පින්කද යසෝධරා
වරදක් බුදු බවට පැමිණේය අන්තරා
සත් බඹයක් නිල් වරලස කැරකීලා
සිත් බඹරක් ලෙසට වරලස කැරකීලා
සිත් ලෙස කුමරු යහනේ කිරි බොන ලීලා
අත්හැර ඉන්ට බැරිවෙයි රන්කුඹු දැකලා
පෙරුම් පුරාගෙන එන්නේ බුදු බවට
පතා සතුන් දන් දුන්නේ බුදු බවට
කතුන් සැමට නායක පුන්සඳ ලෙසට
ඉතින් කතා කෙරුවොත් මගෙ බිසොවුන්ට
රන් යහනේ සැතපෙන කල බිසවුන්ට
ලන්කර කුමරු බැලුවෝතින් යහන පිට
රන් ලිය වැලකි සිරි හස්‌තය කුමරු පිට
පින් කඳ බිසව සැතපෙන සැටි දුටු නෙතට
මැණික් කරඬු කටලා කිරි බොන කුමරූ
අනික් දෙයක් දුටුවම මොකටද නිසරූ
වෙනස් කමක් සිතුවේ නැත මට අසුරූ
සිතක් දරාගෙන නෙත් දෙක කඳුලු පිරූ
සාඟර ජලය මදි ඇඬුවා මා සිත ඳා
කීකරු ළඳ ලියෙක් ලෙව්තුල ඇද්ද මෙඳා
වෙන්කර අදම යන්නේ බුදුබව සින්ඳා
සුන්කර කෙලෙස දුරුකර එකසිත පහඳා
එක අඹු දරු නිසා මම කල් බැඳිමය
නිම නැති සතුන් සසරින් ගොඩනැගීමය
අද මම මහණ වෙමි කාලය හැරීමය
පුදුම කුමරු රුව ඇති මගෙ රාහුලය