1901.04.17 මහනුවර අම්පිටියේ උපතලැබු ඡොර්ඡ් කිට් මහතා කඑතර හෙලේනා මහා විද්‍යාලයේ හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපන ලැබු කෙනෙකි.
ඡෝර්ඡ් කීට් තම පියාවන හෙන්රී කිට්‌ගේ ඉංග්‍රිසි කාව්‍ය ආභාසය නුවර මල්වත්ත විහාරයේ ඇසුර බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීම හා ග්‍රික කඡුරාවෝ කොනැක් අඡන්තා චිත්‍ර පිළිබඳ වන ඡෝර්ඡ් නීස්‌ගේ උපදෙස් ද සී.එෆ්. වින්සර්ගේ ආශ්‍රය ද පැබ්ලෝ පිකාසෝ හා සේසාන් ගේ චිත්‍ර කලාවේ ආභාසය ඇති ඒවා බවයි.
ඡොර්ඡ් කීට් මහතාගේ මුල් ම කෘතිය වන්නේ රෙදි හැට්‌ටය හැඳි ගැහැනිය යන දිය සායම් චිත්‍රයයි. එයට අමතරව ඔහුගේ සුවිශේෂ නිර්මාණ අතර පහත සඳහන් කලාකෘති වැදගත් වේ. සසඡාතකය නැමැති පැස්‌ටල් සිතුවම 1927 දී අඳින ලද නග්න ප්‍රතිරූපය 1930 දී අඳින ලද විහාරමහා දේවිය රෙදි පෙරවු කාන්තාවෝ බුත්සරණ මල් සංඝරාඡ පිරිවෙන ගෝසිකාවන්ගේන් වස්‌ත්‍ර පැහැර ගත් ක්‍රිෂ්ණාගේ කථාව ශෘංගාර රස වර්ෂ විහාර හීම සහ ඡර සන්ධ ශිවගේ ප්‍රතික්‌ෂෙපය ක්‍රිස්‌ණ රාධාගේ පෙම්කථාව ශ්‍රී ක්‍රිෂ්ණ හා ගෝතමී චිත්‍රය ඡොර්ඡ් කීට් මහතගේ විශේෂ කෘතිවේ. ක්‍රි.ව. 1945 දී එංගලන්තයේ මහ රුඡිනගෙන් ඩී.බී.ඊ. සම්මානය ද ලැබු මෙතුමා චිත්‍ර කලාවේ කාන්තා රූපයට රේඛා ලාලිත්‍යය සෘංගාරය මුසුකොට භාවලීලාවන් ඡනිත කරවන අයුරින් සිතුවම් කරණයේ යෙදී ඇත. බොරුල්ලේ ගෝතමි විහාරයේ අඛණ්‌ඩ කථන ක්‍රමය පාදක කොට ගනිමින් බුද්ධ චරිතයේ අවස්‌ථා සිතුවමට නගා ඇත. මෙය නව සම්ප්‍රදායකි. එහි ඇති ප්‍රධාන නිර්මාණ අතර මහාමයා දේවිය දුටු සිහිනය නළගනන්ගේ විකාර ගිහිගෙය හැරයාම මාර පරාඡය සිදුහත් කුමරු කේශඡෙදනය අබිනික්‌මන සුවිශේෂ ඝණිකවාදී ශෛලියට අන්තර්ගත වන යුරෝපයේ නුතන ශිල්පී පැබ්ලෝ පිකාසෝ ශිල්පියා ගේ චිත්‍ර ක්‍රමවේදයට අඳිනු ලද සිතුවමකි. මෙම සිතුවම්වල ප්‍රමාණ අනුපාතය පර්යාව ලෝකනය එතරම් සැලකිල්ලට භාඡනය කොට නැත. අඳුරු වර්ණ ලාවර්ණ පැතැලි වර්ණ උචිත ලෙස සම්පිණ්‌ඩනය කොට ඇත.
