එච්. ඒ. කරුණාරත්න
 

බංඩාරගම රයිගම කොතලාවලදී 1929.04.20 දින උපත ලැබු එච්.ඒ. කරණාරත්න මහතා හොරණ තක්‍ෂිලාවෙන් අධ්‍යාපනය ලබා හේවුඩ් කලායතනයේ චිත්‍ර කලාව හදාරා (1952) 1959 දී ඡපානයේ ඡාතික ලලිත කලා විශ්ව විද්‍යාලයේ චිත්‍රකලා පර්යේෂණ කටයුතු වල නිරත වු ශිල්පියෙක්‌ වේ. එච්. ඒ. කරුණාරත්න මහතා සිතුවම් මගින් උත්තරීතර හැඟුම් බර ආවේග උත්පාදනයේ විශේෂ දක්‍ෂතා ඇති ප්‍රවිණ ශිල්පියෙක්‌ වේ. දෘෂ්‍යමය අවකාශය තුළ රේඛිය භාෂාවෙන් ගොඩනැගුණ අපුර්ව චින්තන ප්‍රබලතාවන් ඔප්නැංවීම ඔහුගේ ක්‍රමවේදය වේ.


නිව්යෝක්‌ ප්‍රෑම් ආයතනයේ ග්‍රැපික්‌ කලාව පිළිබඳ පුහුණුව ලැබු එච්.ඒ. කරුණාරත්න මහතා 1975  සිට 1989 වසර දක්‌වා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කළේය. ටොකියෝවේ 1957 ආසියානු චිත්‍ර ශිල්පි ප්‍රදර්ශනය 1969 බ්‍රෙෂිලයේ 10 වැනි සාඕ පාවුලෝ බියෑතියල් ප්‍රදර්ශනය 1972 කැල්ෆොනියාවේ ලොස්‌ ඇන්ඡලීස්‌ විශ්ව විද්‍යාලයේ චිත්‍ර ප්‍රදර්ශනය ඡපානයේ ෆුකු වෝකා කලා ශිල්පී ප්‍රදර්ශනය ආසියානු කලා උලෙළ බංගලාදේශ ආසියානු ප්‍රදර්ශනය පාරම්පරික ශිල්පීන්ගේ ලන්ඩන් ප්‍රදර්ශනය වැනි අවස්‌ථාවලට එච්. ඒ. කරුණාරත්න සුරීන්ගේ කෘති ප්‍රදර්ශනය කර ඇත. උත්තරීතර හැඟුම්බර සිතුවම් නිර්මාණය කිරීම උදෙසා වැඩි කාලයක්‌ ගතකිරීම එතුමාගේ විශේෂත්වය වේ. සඳපායා නැමැති කෘතිය අකුණු සහ වැසි බෝමැඩ සෙවණ සුවිශේෂ චිත්‍රවේ. දියසායම් චිත්‍රයක දක්‌නට ලැබෙන විනිවිද පෙනෙන ගති ලක්‍ෂණ තෙල් සායමින් දැක්‌වු ප්‍රථම චිත්‍ර ශිල්පියාවුයේ එච්.ඒ. කරුණාරත්න වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017