සෝලියස්‌ මෙන්දිස්‌
 

මීගමුව අසල කහවේ නැමැති ගමේ උපත ලැබු සොලියස්‌ මෙන්දිස්‌ 1980 ඡුලි 12 උපන් ශිල්පියෙකි.


සොලියස්‌ මෙන්දිස්‌ කැලණි විහාරයේ චිත්‍ර ඇඳීමට පෙර පොළොන්නරු ශ්‍රී විඡය මහාවිහාරය ගිරිඋල්ලේ මැද්දපොළ විහාරය නාත්තණ්‌ඩියේ මාවිල සුමන කුසුමාරාමය මල්වානේ ලෙනගම්පොළ පුරාණ රඡමහ විහාරය හබරාදුව පිටිදුවේ කැලණිගොඩ විහාරය රණස්‌ගල්ල විහාරය යන ස්‌ථානවල සිතුවම් ඇඳ ඇත.



 

සොලියස්‌ මෙන්දිස්‌ විසින් 1930-1948 අතර කාලයේ අවුරුදු 18 ක කාලයක්‌ කැපකරමින් කැලණි රඡමහා විහාරයේ නව විහාරගෙයි සිතුවම් අඳින ලදි. සීගිරිචිත්‍ර හා පොලොන්නරු යුග චිත්‍ර කලාවෙන් පසු ලංකාවේ බිහිවුණු උසස්‌තම බිතුසිතුවම් හමුවන්නේ කැලණි විහාරයෙන් පමණි.

චිත්‍රාවලි හෙවත් රූපන විත්‍රකලා සම්ප්‍රදාය බැහැර කොටගනිමින් ස්‌වාධින චිත්‍රකලා සම්ප්‍රදායක්‌ ගොඩනගා ගත් සොලියස්‌ මෙන්දිස්‌ ගේ චිත්‍රකලාව ලාංකීය වංශකථාවේ නව පිටුවක්‌ උදා කළ ප්‍රථම අවස්‌ථාවයි.


ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පි නන්දලාල් බොස්‌ගෙන් අධ්‍යාපනය ලබා අඡන්තා - එල්ලෝරා භාග් ආදී ස්‌ථානවල චිත්‍ර නරඹා ලැබු ආභාසය එක එල්ලේ ලබා නොගෙන තමාට අdවේණික ශිල්ප සම්ප්‍රදායකින් සහ දේශිය අමුද්‍රව්‍ය පමණක්‌ උපයෝගි කරගනිමින් (එග් ටෙම්පරා ක්‍රමය) පාදක කරගනිමින් සිතුවම් ඇඳ ඇත.


කැලණි විහාරයේ බිතිසිතුවම් හා මුර්ති සොලියස්‌ මෙන්දිස්‌ගේ ම නිර්මාණ වේ. මෙහි ඇති චිත්‍ර අතර ඡාතක කථා ඇඳ නොමැත. එ වෙනුවට ලංකා ශාසන ඉතිහාසය හා බෞද්ධ ඉතිහාසය පමණක්‌ සිතුවමට නගා තිබේ මෙය ලාංකීය විහාර කර්මාන්තයේ නව ප්‍රවණතාවයකි. චිත්‍ර ඇඳිමට පෙර සොලියස්‌ මෙන්දිස්‌ මහතා භාවනා ක්‍රම මගින් චිත්තරූප මවා ඒවා කංවුත රේඛා වශයෙන් ඇඳ පසුව චිත්‍රයක්‌ මවා පෑම කර ඇත.


සායම් සෑදිමට උවමනා බිත්තර ඉන්දියාවෙන් ද බිඳුණ ඒවා ලංකාවෙන් ද ලබාගෙන ඇත. දේශිය අමුද්‍රව්‍ය අඹරා සායම් සාදාගෙන ඇත. හංවැල්ල දුනුවාල ප්‍රදේශයෙන් හිරියල් ලබාගත් බවට තොරතුරු හමුවේ'


කැලණි විහාරයේ සිතුවම් අතර පහත සඳහන් නිර්මාණ ලෝක ප්‍රසිද්ධියට පාත්‍ර වු නිර්මාණ ලෙෂ හඳුන්වා දිය හැකිවේ' බුදුන් මහියංගලයට වැඩම කරවීම. නාගදීමයට වැඩම කිරීම විඡය කුමරුගේ ලංකාගමනය හේමමාලා හා දන්තකුමරු පෘතුගීසින් කැලණි විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීම බුද්ධ ඝොෂ හිමියන් විසුද්ධිමාර්ගය ලිවීම. සිරිමහ බෝධිය ලංකාවට ගෙන ඒම සඟරඡ පදවි පිරිනැමීම මහාවිහාරය පූඡාකිරීම ශ්‍රීපාද ලාංඡනය තැබීම මහින්දාගමනය කීර්ති ශ්‍රී රාඡසිංහ රඡු සඟරඡ පදවි පිරිනැමීම මහියංගනයේ යකුන් පලවාහැරීම වැනි නිර්මාණ අතිශය අලංකාර නිර්මාණ වේ.


චිත්‍රවල පරිසර නිර්මාණය කිරීමේදී තණපඳුරු කුඩා මල් පැළැටි ගල් කැට පවා සිතුවමට නගා ඇත. මිනිස්‌ රූප නිර්මාණයේදී දිගු කන් උල් නාසය දිගටි ඇස්‌ සිහින් තොල් ඡටාමකුට ගෙල මාල අත් වළලු පා වළලු ඉණපටි සේසත් අdසන සිනිඳු වස්‌ත්‍ර සිතුවම් කිරීම අතිශය නිර්මාණශීලී ක්‍රමයකට අනුව සිතුවම් කොට ඇත.


සිතුවම් වලට අමතරව එහි ඇති ප්‍රතිමා නිර්මාණ සොලියස්‌ මැන්දිස්‌ ගේ ප්‍රතිමා සෑදීමේ කුෂලතා මැනවින් කියාපාන්නකී. කැලණි විහාරයේ මැද බුදුපිළිම පිටුපස බිත්තිය සිතුවම සොලියස්‌ මෙන්දිස්‌ට ඇඳිමට අවසර ලබාදී නැත. එම තත්වය නිසා සොලියස්‌ මෙන්දිස්‌ තම පින්සල් මිටිය බිඳදමා ඡිවිතය තිබෙන තුරු සිතුවම් ඇඳිම ප්‍රතික්‌ෂෙප කොට තිබේ.


ලාංකීය විහාර කර්මාන්තය තුළ එකම පුද්ගලයෙකු චිත්‍ර හා මුර්ති ශිල්පය පිළිබඳ ඇති කුෂලතාව සම සමසේ දැක්‌වීම පිළිඹිබුවන්නේ ඉතා කලාතුරකිනි. නමුත් එම තත්වය අතිශය සාර්තක ලෙෂ දැකබලා ගතහැකි ස්‌ථානය වන්නේ කැලණි රඡමහා විහාරයයි. කැලණි විහාරයේ සිතුවම්වල චිත්‍ර සංරචනය ඉඟි හා ඉරියව් දැක්‌විම වර්ණ සංයෝගය අවශ්‍ය ස්‌ථානවල එළිය අඳුර දැක්‌වීම ප්‍රාණ පුර්ණ රේඛා යෙදීම රිද්මය යෙදීම රේඛා සියුම්ව ළඟ යෙදීම සොලියස්‌ මෙන්දිස්‌ ගේ චිත්‍ර ශෛලියේ විශේෂ ලක්‍ෂණ වේ.


කිසියම් වර්ණයක්‌ කැපී නොපෙනෙන සේ සෑම වර්ණයක්‌ සමගම දුඹුරු පැහැය මිශ්‍රකිරීම ඔහුට ම ආවේණික කලා සම්ප්‍රදායෙකි. කැලණියේ සිතුවම්වල රූප දිගැති භාවයක්‌ නිරූපණය වෙතත් මිනිස්‌ සිරුරේ හැඩයන් නිවැරදිව අධ්‍යයනය කොට පරාමාදර්ශි (Ideal) ලෙසින් ඉදිරිපත් කර තිබීම සුවිශේෂ කරුණකි.

(c) Shilpa Sayura Foundation 2006-2017