රැල් පුලුනේ මරකුත් බඩට නොදැනුනේ
මල් පවනේ එන ලෙස සොඳ සිසිල්දැනේ
සල් උයනේ දී පින්බර කුමරු බිහිවුනේ
අහසින් ඇවිත් දෙවියෝ වටකර සැදුනේ
දහස් ගණන් සුරඟන වටකර සැදුනේ
වෙහෙස නැතිව බිහිවුනි කුමරු විගසිනේ
මහබඹු ගෙනැත් වැඩුවා රන්දැල සොඳිනේ
බිහිඋනි කුමරු පුන්සඳ ලෙස රන් දැලට
මනනද කුමරු බලමින් තුන්ලොව එවිට
මටවැඩි කෙනෙක් නැතිබව දැන තුන්ලොවට
සිහනද පැය එව්ගස කුමරු මන තුට
පියුම් සතක් පිපුනිය සිදු කුමරුන්ට
පියුම් පිටින් වැඩ බලමින් සතර වට
අහන්කාර නාදේ දෙසුවයි එවිට
රන්කිරි මෙහෙ වඩිති එව්ගස කුමරුන්ට
නොයෙක් කිරි මවුන් දෙපසේ නැරවට
දහස් ගණන් නිම නෑ#ති ගෝසාව කොට
දෙපෝදාට පායන පුන්සඳ ලෙසට
නොයෙක් පෙරහරින් වැඩියාය රජගෙට
දහස්සිය ගණන් මුරකාවල් වටට
දහස්සිය දහස් දිවමල් යස ලෙසට
දහස් පුන් සඳක් ලෙස ඒ කුමරුන්ට
සොළොස් වයස පිරුනා මේ කුමරුන්ට
දුනු ශිල්පය සැදුනේ අප බෝ සතුට
යසෝධරා අගමෙහෙසුන් පළමු සිට
එකුන් තිසක් අවුරුදු ගිහිව වැඩ සිට
උතුන් සිරි සැපත හැර බිසව යහතුට
සසර කලකිරී තපසට සිත් පැහැදී
බොහොම බිසව් ඇරියෝ රජ යන්ටනොදී
කොහොම උනත් අදයමි මම මෙතැන්හිදී
මහන වෙන්ට කල කිරුනේ උයනේදී
දිවියහනේ බෝසත් නැගිට විගසිනේ
පිම්ම පැන්න ලෙස යමි මහනට ඉතිනේ
ඔන්න කව්ද දෙරටුව ලග සිටින්නේ
චන්න මමයි දොරටුව ලග සුවාමිනේසංසාරේ ඈතම සිට පෙරුම් පිරූ
දැන් කාලේ ආවා කැටුවම කුමරූ
ඉතින් මහණ වෙන්නේ දැක මගෙ කුමරූ
පින්වත් උතුම් ඉපඳුනි රාහුල කුමරූ
