කාලත්‍රය : අනතීත (වර්තමාන, අනාගත) ක්‍රියා පද
 

පැරණි පොත පත වල අතීත, වර්ථමාන, අනාගත යනුවෙන් කාල තුනකි. අද භාවිත වනුයේ අතීත හා අනතීත යන කාල දෙකකි. වර්තමාන ක්‍රියාවට හෙට, පසුව, මතු ආදී අනාගතවාචී පදයක්‌ එකතු කර අනාගත ස්‌වරූපය සකසා ගැනේ.

උත්තම පුරුෂ අනතීත (වර්ථමාන හා අනාගත)
මම ගී කියමි.
මම පාඩම් කරමි.
අපි ගී කියමු. (බහූ වචන)
අපි පාඩම් කරමු.

මධ්‍යම පුරුෂ අනතීත (වර්ථමාන හා අනාගත)
නුඹ ගී කියහි.
තෝ පාඩම් කරහි.
නුඹලා ගී කියහු. (බහූ වචන)
තොපි පාඩම් කරහු.

ප්‍රථම පුරුෂ අනතීත
ඕ ගී කියයි.
ඕ පාඩම් කරයි.
ඈ ගී කියයි.
ඕ තොමෝ ගී කියයි.
ඌ තුමූ ගී කියයි.
මිනිසා ගී කියයි.
මිනිසා පාඩම් කරයි
දරුවෙක්‌ ගී කියයි.

බහූ වචන ස්වරූපයන්
මිනිස්‌සු ගී කියති.
මිනිස්‌සු පාඩම් කරති.
දරුවෝ ගී කියත්.
දරුවෝ පාඩම් කරත්.
ඔවුහු ගී කියති.
ඔවුහු පාඩම් කරත්.

(c) Shilpa Sayura Foundation 2006-2017