දිගංශ ආශ්‍රිත අභ්‍යාස වලදී ප්‍රශ්නය සිතියමක ඇඳ ගැනීම ඉතා වැදගත්ය.
අ. ඉබ්බකු ආහාර සොයා දිනකට මීටර 30 ක් ගමන් කරයි.
ආ. සෑම දිනකම ඉබ්බා අංශක 45 ක කෝණයකින් හැරේ.
ඇ. ඉබ්බා දිනපතා ගමන් කරන දිගංශ මොනවාද ?
ඈ. ඉබ්බාට සෑම දිනකම මුල් ස්ථානයට ඒමට නම් ගමන් කල යුතු දිගංශ මොනවාද?
ඈ . දින 8 කට පසු ඉබ්බා සිටින ස්ථානය ඔබට කිව හැකිද ?
ඉබ්බාගේ ගමන සිතියම් ගත කර ගන්න.
වගුවක් සාදා ප්‍රශ්නය විසඳන්න.
ඉබ්බා දිනපතා ගමන් කරන දිගංශ :
ඊසාන (45), නැගෙනහිර (90), ගිනිකොණ (135),
දකුණ (180), නිරිත (135), බටහිර (270), වයඹ (315), උතුර (0)
රූපයේ සෑදී ඇත්තේ අෂ්ටාස්‍රයකි.
එහි එක් පාදයක් මීටර 30 කි.
0,1,2 ත්‍රිකෝණය සළකමු.
ඉබ්බා දිනකට ගමන් කරන දුර සමාන නිසා 0,1,2 සමද්වීපාද ත්‍රිකෝණයකි.
එහි 1 ලක්‍ෂ්‍යයේදී සෑදෙන භාහිර කෝණය අංශක 45 කි.
එමනිසා බද්ධ වූ අනිත් කෝණය අංශක 135 කි.
සමද්වී පාද බැවින් ඉතිර කෝණ දෙක එකක් අංශක 22 1/2 බැගිනි.
මේ අනුව 2-0 දිගංශය ගණනය කළ හැක
එය අංශක 270-22(1/2) ක් වේ.
1-0 දිගංශය අංශක 225
2-0 දිගංශය අංශක 225+22(1/2)=270-22(1/2)
3-0 දිගංශය අංශක 270
4-0 දිගංශය අංශක 270+22(1/2) කි
5-0 දිගංශය අංශක 315 කි
6-0 දිගංශය අංශක 315++22(1/2) කි
7-0 දිගංශය අංශක 0 කි
fd 30
repeat 8