දිගංශය
 

අප ජීවත්වන පෘතුවි ගෝලයේ දිශාව ඉතාමත් වැදගත් මිනුමකි. දිගංශය යනු යම් ලක්‍ෂ්‍යක් උතුරේ සිට සාදන කෝණයයි. මෙය බොහෝවිට නාවික, ගුවන් ගමනාගමනයේ හා භූමිතික සිතියම් සඳහා යොදා ගැනේ.

අතීතයේ පටන් දිශා අටකට අප අවකාශය බෙදා තිබිණි. ඒ එක් කෝණ අතර අංශක 45 ක් තිබේ. මේ අනුව දිශාවන් දෙකක් දුන් කල අපට ඒ දෙක අතර අන්තර්ගත කෝණය සොයාගැනීමටත්, ඉන් මිනුම් සඳහා ජ්‍යාමිතික සඹදතා ගොඩනගා ගැනීමටත් හැකිවේ.

මෙම දිශා පිළිවෙලින් මතක තබාගැනීමට භාවිතා කරන වාක්‍යක් නම් උදය, ඊලඟ , නැවේ, ගිහින්, දම්මි, නිදිද, බලා, වරෙන් කියාය.

ඉන් මුලකුර ගැනීමෙන් උතුර (N), ඊසාන (NE), නැගෙනහිර (E), ගිනිකොණ (SE), දකුණ (S), නිරිත (SW), බටහිර (W) සහ වයඹ (NW) අදහස් කෙරේ.

දිගංශය මනිනු ලබන්නේ උතුරේ සිට දක්‍ෂිණාවර්ථවය.

 


පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
1. උතුර හා ඊසාන දිශාව අතර කෝණය කීයද ?
2. උතුර හා නැගෙනහිර දිශාව අතර කෝණය කීයද ?
3. උතුර හා ගිනිකොණ දිශාව අතර කෝණය කීයද ?
4. උතුර හා දකුණ දිශාව අතර කෝණය කීයද ?
5. උතුර හා නිරිත දිශාව අතර කෝණය කීයද ?
6. උතුර හා බටහිර දිශාව අතර කෝණය කීයද ?
7. උතුර හා වයඹ දිශාව අතර කෝණය කීයද ?
7. උතුර හා උතුරු දිශාව අතර කෝණය කීයද ?

පිළිතුරු 0,45,90,135,180,225,270,315,0
මේ අට දිශාවේ දිගංශයන් වේ. මේ දිගංශ භාවිතයෙන් අපට ඕනෑම දිශා දෙකක් අතර අන්තර් කොණය ලබාගත හැක.

පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න
1. ඊසාන හා ගිණිකොණ දිශාව අතර කෝණය කීයද ?
2. ගිණිකොණ හා නිරිත දිශාව අතර කෝණය කීයද ?
3. වයඹ හා නිරිත දිශාව අතර කෝණය කීයද?
4. වයඹ හා ගිණිකොන දිශාව අතර කෝණය කීයද ?
5. දකුණ හා ඊසාන දිශාව අතර කෝණය කීයද ?

මෙහිදී ඔබට පිළිතුරු දෙකක් ලැබේ. එකක් අංශක 180ට වැඩිවන අතර අනික ඊට අඩුවේ.
මෙහිදී අප 180ට අඩු කෝණය ගනිමු.

පිළිතුරු අංශක 90,90,90,135,135


පහත ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
නැවක් A නම් වරායේ සිට අංශක 90 ක දිගංශයකින් නාවුක සැතපුම් 100 ක් යාත්‍රා කර B නම් වරායට පැමිණ, නැවත අංශක 180ක දිගංශයක් දිගේ නාවුක සැතපුම් 100 ක් ගමන් කර C නම් වරායට පැමිණේ. C නම් වරායට A සිට කෙලින්ම පැමිණියේ නම් , A සිට නැව පැදවිය යුතු දිගංශය කුමක්ද ?

මෙහිදී අප සියලු දිගංශ උතුරේ සිට දක්‍ෂිණාවර්ථව මණිනු ලබයි.
නැව B වරායට පැමිණියේ 90 දිගංශයකින් බැවින්, එය 180 ක දිගංශයක යද්දී හරවන කෝණය අංශක 90 කි.
එනම් 180-90=90
මේ අනුව අපට සරළ ජ්‍යාමිතික රූපයක් ලැබේ.
එය සෘජු කෝණී ත්‍රිකෝණයකි.
ඉතිරි කෝණ දෙකේ එකතුව අංශක 90 කි
එහි පාද දෙකේ දිග එක සමාන නිසා
එක කෝණයක් අංශක 45 කි.
එනම් A-C දිගංශය අංශක 135 කි.

(c) Shilpa Sayura Foundation 2006-2017