පමණක් බිසව් සැතපෙන කල දුටු සීනේ
මැණිකක් දකින කොට ගැබ ඇතුලට වැදුනේ
මොන මොන දෙයක්දෝ නොදැනේ සුවාමිනේ
මහමායා සැතපෙන කල මල් යහනේ
අහසින් රිදී පරුවතයක් එම යහනේ
දහසක් බිසෝවරු වටකර මුර සිටිනේ
මහරජුහට සැලකෙරුවා මේ සීනේ
නේරංජනන් ගංගාවේ සුදු වැල්ලේ
නේරංජනේ ස්නානේ සෙවනැල්ලේ
පැන්නා වටකරට සුවඳට මන ලොල්ලේ
පෙන්නාදිදී දරු සීනය පෙලින් පෙලේ
දෙනෝදාහක් අඟනෝ මට මල් නෙළුවා
අනෝතත්ත විලමැද යහනක ඉඳුවා
කන්යාලියෝ දෙදෙනෙක් පැන් නෑවෙව්වා
අනෝතත්ත විල මම සීනෙන් දුටුවා
සුදු සක ලෙසට ඇත් පැටියෙක් විත් යහනේ
සුදු සොඬ ටිකෙන් මගේ බඩ පිරිමඳිති අනේ
සුදු යමී දෙයක් සිදුවෙයි මට දුටු සීනේ
සුඳ සුන් නිරිඳුනේ මොකදැයි ඔය සීනේ
පිරිසිදූ බමුණු ගෙන්නා මහරජ එදිනේ
කිරි බත් කවා දෙවනුව ඇසුවා සීනේ
නිරිඳුනි අපල නැත කාටත් ඔය සීනේ
පිරිසිදු බෝසතෙක් උපදිය ලොවට අනේ
සුද්දෝදන නරනිඳුනේ අසනවට
නපුරු සීන නොපෙනෙයි පින් කල අයට
පෙනුන සීනේ දරු සීනේ මයි ඔබට
පින් ඇති බෝසතෙක් උපදිය තුන්ලොවට
රන් යහනේ සැතපෙන කල බිසවුන්ට
රන් මාලාවක් තිබුණා යහන පිට
රන් දම් විගස දැමුවා දෙවියෝ කරට
අලුයම් වේලෙ ඔය සීනය පෙනුනි මට
මහසෙන් රැස්ව කුඩ කොඩි ගෙන වට කරට
අහසින් ඇවිත් රන්තරුවක් දෙරණ ටිට
විගසින් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙසට
සීනෙන් තරුව ගිලුනා මගෙ ගැබ තුලට
මහමායා සැතපෙන කල මල් යහනේ
මහමෙර මුදුන ආසනයක වැඩ හිඳිනේ
අසල ගමක පුන් සඳ පිරිමදිමින්නේ
මහ රජුනේ මොකදැයි ඔය දුටු සීනේ