වරම් ගතිමි ඉර සඳ අතින් වරම්
වරම් ගතිමි මිහිතක් දෙවි අතින්වරම්
වරම් ගතිමි සක්‌වළ දෙවි අතින්වරම්
වරම් ගොයම් රකිනා දෙවි අතින්වරම්
අලංකාර කෙත සැදුවේරජවර
සයංජාත රත්ඇල් ගෙනගොඩකර
සුදම් දිවිය පුරයක් වැනි හැමවර
ගොයම් සැදුණු සැටි අසනුයවිස්‌තර
ඉන් එක් දවසට අඳුරක්‌සේමැයි
පෙම් කෙළ දිය යට පැළ මතකු වමයි
වන් පැළ මුතකු ඇට සේම දිලීමයි
තකුන් දවසට රන් ඉදිකුසේමයි
නැඟණේ කොළ පෙත්තයි දියමතකුපිට
පෙනුණේ නිල්පාටින් එකතරමට
වරුණේ බැරි නිම කරනට ඈතට
බෙදුණේ කොළ ඉති දෙක තකුන්දවසට
තකුනක් ඇදුණි පෙති ජල මත්තේ
මඳක් පමණ වෙන කොට එක්‌පෙත්තේ
දණක් පමණ වෙන කොට සිව්පෙත්තේ
සයක් ඇදුනි කොළ බොරු නැතසත්තේ
ඇදුණි සතක් කොළ පෙති අග තකුඩුඳී
පෙනුණිය නිල් තණ පත් ලෙස නදඳී
ඇදුණිය පුරුකක් ඒ නිසි කලඳී
පිපුණි ගොයම් මල් නව පෙත්තෙඳී
තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට
බඹරු ඇවිත් රොන් ගෙන යතිඋදයට
මියුරු කිරිඳු නද මෙනි තදවාතෙට
නැඹුරු වෙමින් පෙති ගොමරතරමට
ඇසී ගීත හඬ බඹරුගෙලීලා
පැසී ගොයම් පත් කිරට නැමීලා
ගැසී සුළං වාතෙට ඉති නැමීලා
පැසී ගොයම් කෙත සුරපුරලීලා
අවබෝධය
1 ගමේ කවි පෙළෙන් විස්‌තර කෙරන්නේ කවර කරුණක් පිළිබඳව ද?
2 පැසුණු ගොයම් කෙත සුදම් දිවිය පුර යැයි කවියා දක්‌වා ඇත්තේ කවර නිසා විය හැකි ද?
3 කොළ නවයක් වන විට ගොයම් පැළයක සිදුවන විශේෂත්වය කකුමක් ද?
4 අරුණෝදයේ දී කුඹුරු සංගීතවත් වෙයි. මේ බව කවියා ඉදිරිපත් කොට ඇත්තේ කවර යෙදුමෙන් ද?
භාෂා හුරුව
1 පහත දුක්‌වෙන අදහස්‌වලට ගැළපෙන කවි පද පැඩමෙන් තෝරන්න.
ගොයම් උපත ගැන තොරතකුරු අසනු මැන.
ගොයම් පැළ ඉතා අලංකාර ය.
දුර සිට බලන විට හැඩ වැඩ නිසා නිමකල නො හැකි ය.
නිල්වන් ගොයම සිරි සිරි හඬ දෙයි.
ගොයම් පැසී කරල් නැමී ඇත.
2 පැදි පෙළ ආශ්‍රය කර ගෙන එක් එක් වාක්‍යයේ හිස්‌තැන් පුරවන්න.
ඉතා අලංකාර වූ කෙත ................................. වැනිය
දින තුනක් වන විට එම පැළ ................. සේ වැඩී ඇත.
කොළ හතරකින් යුත් ගොයම් ගස් ................ පමණ උසය.
උදයට ඇවිත් .................. රොන් ගෙන යති.
3 පහත දුක්‌වෙන වගුව සම්පූර්ණ කරන්න.
උපමාව උපමේය
සුදම් දිව්‍ය පුරය
........................................................
........................................................
........................................................
........................................................අලංකාර රත් ඇල් කෙත
පැළ මතුවම
දින තුනක් ගත වූ ගොයම් පැළ
කොළ සතක් සහිත ගොයම් ගස්
පැසණු ගොයම් කෙත
