වර්ගමූලය සෙවීමේ ක්‍රම
 46656 වැනි අගයක් ගන්න.
පළමුව සංඛ්‍යාවේ දශමස්ථානයේ සිට අංක දෙකේ යුගල බවට වෙන් කරන්න. දශමස්ථානයෙන් එහා අංක වෙනම යුගල කරන්න.
1225 නම් 12 25 මිස 1 22 5 ලෙස නොවේ.
6.5536 නම් 6. 55 36 මිස 6.5 53 6 ලෙස නොවේ.
දිගු බෙදීම ක්‍රමය මෙන් ඉරක් අඳින්න.
     +--- ---- ----
     | 4   66   56

ප්‍රථම අංක යුගලයට වඩා කුඩා හෝ සමාන වූ වර්ගයක් සහිත විශාලම අංකය තෝරාගන්න.
මේ උදාහරණයේදී ප්‍රථම අංක යුගලය වන්නේ 4 යි.
එහි වර්ග මූලය 2 යි. එය ගත හැක.
එය වමෙන් සහ ඉරට උඩින් දමන්න.

       2
     +--- ---- ----
  2  | 4   66   56

එම සංඛ්‍යාව වර්ග කර, ප්‍රථම සංඛ්‍යා යුගලයෙන් (4) අඩු කරන්න.

       2
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
       0

වම් පස අගයේ අවසාන අංකය 2 න් ගුණකර, ගණනය කල වෙනසට වමෙන් ලියන්න, එහි දශමස්ථානය ඊට පසු තියන්න.

       2
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 4_  | 0

ඊ ලඟ අංක යුගලය ගෙන වෙනසට දකුණින් දමන්න.

       2
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 4_  | 0   66

මේ හිස්තැන සඳහා විශාලම අගය තෝරාගන්න, එය වමේ තිබෙන අගයෙන් ගුණ කළ විට වෙනසට වඩා අඩු විය යුතුය. උදාහරණයක් වශයෙන් 1 * 41 නම් එය <= 66, ඊ ලඟට 2*42 එය > 66 එම නිසා එය ගත නොහැක., එම නිසා 1 ගනිමු. එය අප ඉතිරි කළ ස්ථානයේ තබමු.

       2    1
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 41  | 0   66

දැන් එයින් ලබාගත් ගුණිතය අඩු කරමු.

       2    1
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 41  | 0   66
     |-    41
     +--------
           25

මෙලෙස නැවැත , නැවත කරන්න.
වමේ අවසාන අංකය දෙගුණ කරන්න;
දකුණේ ඊලඟ අංක යුගලය ගන්න;
ඊ ලඟ විශාලම අංකය ගන්න; අඩු කරන්න.

       2    1
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 41  | 0   66
     |-    41
     +--------
42_        25   56

           (426 * 6 = 2556)

       2    1    6
     +--- ---- ----
  2  | 4   66   56
     |-4
     +----
 41  | 0   66
     |-    41
     +--------
426  |     25   56
     |-    25   56
     +-------------
                 0
වෙනස බිංදුව වූ විට වර්ග මූලය ලැබේ.
නැතහොත් තවත දශමස්ථාන සොයමින් මෙලෙස යා හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017