ත්‍රිකෝණ සංඛ්‍යා.
ත්‍රිකෝණයක හැඩයට පිළියෙල කල හැකි සංඛ්‍යා,ත්‍රිකෝණ සංඛ්‍යා නම් වේ.පහත රූපයේ ත්‍රිකෝණ සංඛ්‍යා කිහිපයක් දැක්වේ.
ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩනැගෙන ආකාරය පහත පරිදි දැක්විය හැක.
N වන ත්‍රිකෝණ සංඛ්‍යාව =(N-1) වන ත්‍රිකෝණ සංඛ්‍යාව + N
වර්ග සංඛ්‍යා.
ත්‍රිකෝණ සංඛ්‍යාවක් එම ත්‍රිකෝණ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් ත්‍රිකෝණ සංඛ්‍යා ලැබේ.
එම සංඛ්‍යා නිරූපණය කිරීමේ දී සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නා බැවින් ඒවා සමචතුරස්‍ර සංඛ්‍යා ද නම් වේ.
වර්ග සංඛ්‍යා කිහිපයක් පහත රූපයේ දැක්වේ.
ත්‍රිකෝණ සංඛ්‍යා හා වර්ග සංඛ්‍යා අතර සම්බන්දයක් ගොඩනැගීමට උත්සහ කරන්න.
සංයුත සංඛ්‍යා.
ප්‍රථමක නොවන සංඛ්‍යා,සංයුත සංඛ්‍යා නම් වේ. එනම් සංයුත සංඛ්‍යා වලට සාධක 2කට වඩා වැඩි ගණනක් තිබිය යුතුය.
උදා: 4,6,9,15,21,27,45
අභ්‍යාසය.
1. පළමු ත්‍රිකෝණ සංඛ්‍යා දහය ලියා දක්වන්න.
2. පළමු වර්ග සංඛ්‍යා 15 ලියා දක්වන්න.
3. ඉහත 1 හා 2 ප්‍රශ්ණ වලට අයත් තිත් සටහන් ඇඳ දක්වන්න.
4. 13 වන හා 23 වන ත්‍රිකෝණ සංඛ්‍යා සොයන්න.
5. 7 වන හා 18 වන වර්ග සංඛ්‍යා සොයන්න.
6. ත්‍රිකෝණ සංඛ්‍යා හා වර්ග සංඛ්‍යා අතර සම්බන්දයක් යෝජනා කරන්න.