පත්වා සැපතට බව දුක් වැළැකි
යෙත්වා නිවනට සමගිව මුනිකී
මෙත් බා වන නම් වැඩි පින් කමෙකී
යහපත නොසිතන සැටි මේ දනයා
කිපිසත උනුනට වෙති වේ දනයා
හැමසත වෙත කළ මෙත් බා වනයා
සැක නැත සඟමොක් සැප සා දනයා
දෙන්නන් දන් දුන් රන් සේ පොලියට
දුන් දුන් සේ තම කළ පින් අනුනට
එන්නේ දියුණු වැ තියුණු වැ තම හට
ඉන් දැන් නුකුසිත වව් පින් දීමට
මුනිදුන් බණ පද කරගෙන පුහුණු
දෙසමින් දනහට වඩමින් කුලුණු
එපිනෙන් නොපැමිණැ නිරයට දරුණු
ලැබ ගන් සඟමොක් මතු සිරි දියුණු
දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා
බණ දන් නන් හට වැදැ අත ඔසවා
පදයෙන් පදයට අදරින් අසවා
එපිනෙන් නිරයට යන මං වසවා
දුරු කොට හැම විට සිත ඇති මානේ
ගරු කොට වැඳ වැඳ දුටු තෙක් මානේ
මුනිඳු ට පුද කළ බත් මල් පානේ
සත හට සඟ මොක් මහළු මැ පානේ
ඇත ලොව වන පස මල් හැම දවසා
කොත නක පිදුවත් මුනිඳුන් උදෙසා
සිත මෙවිතර පිනටත් නොමැ සලසා
සත සසරින් ගැළවෙන්නේ කෙලෙසා
ලොවැ ඇත්තන් නුවණින් විමසා දැක
හිත ඇත්තන් යයි නොතබා වෙනසක
ගුණ ඇත්තන් ගුන කීමැ නොවී සැක
නුව නැත්තන් පින් කරන උපායෙක
මුනිපුත් සඟ ගණ මව් පිය ගුරුවර
ජරපත් කුලදෙටු ගිලනුන් තවසර
රැකසිත් සේ කළ අත් පා මෙහෙවර
සුවපත් කර සිරි සිරි විඳුනුය සුරපුර
ගොඩලමිනේ සත්වන බව දුකිනේ
ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ
තුනුරුව නේ ගුණ සිහි කළ සිතිනේ
නැත විඳි නේ දුක් සසරෙහි ඉතිනේ