කීවොත් වැඩක් නැති බස් බොරු නිරා ගැබේ
මහත් කුරිරු දුක් විඳ යළි ආවොත් මොබේ
කීවත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ
අන්සතු දෙයක් වේවයි සිතුව තම හට
ඉන් දුගතියෙහි දුක් විඳ අව මේ ලොවට
උන් සිතුවා සිදු නොම වෙයි සිතු ලෙසට
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට
බෝවා දහස් පැසවන නිරය වෙන වෙන
වැපා ද නම් රුදු මන බව නපුරු වන
ආබාද දුක් විඳුවන උප නූපන් තැන
වෑ පාදයක් නොසිතව දැනැ දැනැ සිතින
කලක් නිරා දුක් විද විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිටු
උදක් නුවණ නැතිවේ සිත වෙයි කිළුටු
මෙවක් පටන් පව් නොම කරනු මිසදුටු
බවයෙන් බවයෙහි කෙලෙසුන් නොයෙකී
තොප දැන් විඳිනා දුක් දැන නිසැකි
සසරින් ගොඩ නැඟුමට මුනිඳුන්කි
ලෙස පින් පවසමි ඇසුවොත් යෙහෙකී
අන් හට අලසව නොකොට විදානය
පින් මිස අනිකක් නොකොට අදානය
තුන් සිත පිරිසිදු කොටැ දුන් දානය
උන් ගිය තැන ලැබෙයි නිදානය
ඇතුළත ට වැදගෙන ඇවිලෙන ගින්නේ
පිටතට හළ බඩුමය වැඩ වන්නේ
මෙසිතට ගෙන ලොබ නොව දන් දන්නේ
තමහට එම වද මතු පළ දෙන්නේ
බුදුනට ගත් බත් පිඩ වෙන නැත
යදිහට දන් දෙව මතු දුක් නොවිඳින
මෙම හට ඇත ඉතිරිය දෙමි යන සිත
හැම රට රජ සිරි සැප ලදුවත් නැත
පින් නොකරන දුදනන් බස් නාද
තුන් දොස් මල දුරුකර සිත පාදා
පන්සිල් නිති අටසිල් රැක පෝදා
ඉන් මොක් පුර පැමිණෙව් නොවැ බාදා
ලොල් සිත මුල් සිදැ නිති තැන් සිතිනේ
සිල් පහදා රැක සඳ රැස් ලෙසිනේ
වල් රකිනා සෙමරෙකු මෙන් රකිනේ
කල් නොයවා සෙද මොක් සිරි ලබනේ
