විය හැකි හා නොහැකි සිදුවීම්
පරීක්‍ෂණය 1: කරකවන රෝදයක නිල්, කහ, රතු, කොල සමාන ප්‍රදේශ. ඇත. එය කරකවා දම් පාට ලැබීමේ හැකියාව කුමක්ද? සම්භාවිතාවය: දම් පාට රෝදයේ නැති නිසා, එය ලබාගැනීමට බැරිය
P(දම් පාට) = 0 = 0 4
පරීක්‍ෂණය 2: ගුරුවරයා ප්‍රශ්නයක පිළිතුරු දීමට පංතියේ සිසුවියන් 30 ක පංතියකින් එක සිසුවියක් තෝරා ගනියි. එම සිසුවිය තෝරාගැනීමේ කොපමණද ? සම්භාවිතාවය: පංතියේ එක් සිසුවියක් අනිවාර්යයෙන්ම තෝරාගන්නා නිසා
P(සිසුවිය) = 30 = 1 30 Iප්‍රථම පරීක්‍ෂණයේදී දම්පාට ලබා ගත නොහැක. දෙවැන්නේදී සිසුවියක් තෝරා ගැනේ.
ප්‍රථම විය නොහැකි සිදු වීමක් වන අතර , දෙවැන්න නිසැකවම සිදුවේ.
ඊලඟ පරීක්‍ෂණයේදී කාඩ් 52 කඩදාසි කුටටමක හාරත, කලාබර,රූහිත හා ඉස්කෝප්ප යන වර්ග 4 න් කාඩ් 13 තිබේ. ඒවා ආසියා, රජු, රැජින, හේවායා සහ 2-10 දක්වා වේ. වර්ණ කාඩ් අතර රජු, රැජින, හේවායා සිටී. සියලුම කාඩ් වර්ග හතරකි. ජෝකර් කාඩ් නැත.
පරීක්‍ෂණය 3: ජෝකර් කාඩ් පතක් තෝරාගැනීමේ සම්භාවිතාවය කුමක්ද? සම්භාවිතාවය: ජෝකර් කාඩ් පත් නැති නිසා තෝරාගැනීමක් සිදු නොවේ ?
P(ජෝකර්) = 0 = 0 52
පරීක්‍ෂණය 4: පැති 6 ක දාදු කැටයක අංක 7 ට අඩු අගයක් ලැබීමේ සම්භාවිතාවය කුමක්ද ? සම්භාවිතාවය: 1-6 දක්වා අගයක් නිසැකවම ලැබේ.
P(අගය < 7) = 6 = 1 6
පරීක්‍ෂණය 5: ඉහත කාඩ් කුට්ටමෙන් කාඩ් 5ක් ගත් විට ඒවා සියල්ල ආසි වීමේ සම්භාවිතාවය කුමක්ද? සම්භාවිතාවය: කාඩ් කුට්ටමේ ආසි ඇත්තේ 4 කි. 5 ක් ලබාගත නොහැක.
P(ආසි 5 s) = 0 = 0 52
පරීක්‍ෂණය 6: වීදුරු බෝතලයේ රතු වීදුරු බෝල 15 ක් ඇත. අහඹු ලෙස එක වීදුරු බෝලයක් ලබාගත්තේ නම්, එය රතු වීමේ සම්භාවිතාවය කුමක්ද ? සම්භාවිතාවය: සියලුම වීදුරු බෝල රතු නිසා, සෑම අවස්ථාවකම නිසැකවම ලැබෙන්නේ රතුය.
P(රතු) = 15 = 1 15
සාරාංශය:
- P(A) > P(B) නම් A සිදුවීම වීමට ඇති හැකියාව B ට වඩා වැඩිය.
- P(A) = P(B) නම් A සිදුවීම වීමට ඇති හැකියාව B ට සමානය.
- A සිදුවීමට ඇති හැකියාවක් නැතිනම් P(A) = 0.
- A සිදුවීමට ඇති හැකියාව නිසැක නම් P(A) = 1.
අභ්‍යාස
1. බෝතලයක රතු -5, නිල් -3 හා කොළ - 2 බැගින් බෝල අඩංගුය. අහඹු ලෙස බෝලයක් ලබා ගන්නේ නම් කුමන සිදුවීමක් විය නොහැකිද?
2. A කරකවන රෝදයක සමාන 1 සිට 7 දක්වා ලකුණු කළ කේන්ද්‍රික ඛණ්ඩ 7 ක් ඇත. නිසැක සිදුවීමක් වන්නේ කුමක්ද?
3. ඉහත කාඩ් 52 ක් වූ කාඩ් කුට්ටමෙන් හාරත කාඩ් 14 ක් ලබා ගැනීමේ සම්භාවිතාවය කුමක්ද ?
4. පහත අංක වලින් අහඹු ලෙස අංකයක් තෝරාගත්විට එය ප්‍රථමක සංඛ්‍යාවක් වීමේ හැකියාව කුමක්ද?
2, 3, 5, 7, 11, 13, 17, 19
5. පැති හයක් සහිත දාදු කැටයක් දමා ලැබෙන අගයක් සඳහා නිසැකව සිදුවීම හෝ සිදුවිය නොහැකි සිදුවීම කුමක්ද?