දසවැනි පිටුව
 


 

මේ දස අකුසලි ඉනෙකක්‌ කළ හොත්
උපදෙස කින් බසකින් කර වූවොත්
එවිගස එක්‌ අදහස කින් සිතුවොත්
නොවලස මොහු හැම දෙන නිරයට යෙත්

කරදර දස අකුසලයෙන් නොමිදී
වැරසැර පෑවොත් මෙ මිනිස්‌ ලොවැ දී
මෙරගිර මුදුනෙන් හුණු මෙන් නොරැදී
පරතෙර නැති දුක්‌ සයුරේ කිමිදී

බුදුවත් මෙතෙකැයි නොකියැති පිරි සිඳ
බලවත් මහදුක්‌ විඳුවන හැම සඳ
සිතුවත් බියවන අටමහ නිරයද
ඔසුපත් සහ එක්‌සිය සතිසෙක්‌ වද

තෙසිය ක්‌ තෙප්මුන වැද සිදුරු වැ ගත
දවස ක්‌ මිනිසකු විඳි දුක්‌ නො නැවත
මොහොතක්‌ නිරයේ විඳි දුක්‌ සම වත
ඇබෑට ක්‌ හා සරිනොවෙ දෝ හිමවත

පෙර අඟනක්‌ එක්‌ එළු දෙනක ඉස සිඳා
සියළඟ වැලැදි ගිනි දැල් නිරය දුක්‌ විඳා
ඇය ඇඟ ලෝ\ම ගණනේ ඉස්‌ කැපුම් ලදා
මෙමැ රඟ වේය කාටත් අකුසලේ ලෙදා

කෙළියට කඩක්‌ සඟවා යහළුවකු ගෙනේ
එළි කොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ
විළි වැස්‌මක්‌ නොලැබිණි දෙවි උණත් අනේ
කෙළියට වත් නොකරව් සොරකමක්‌ දැනේ

නොනැවති අයෙක්‌ පෙර පරදර පව් කැමතී
ගුගුරති ගැලෙති තිස්‌වා දහසින් උඩෙතී
හිම් නැති තවම ලෝකුඹු නිරයේ පැසෙතී
නොකෙරෙති මෙපව් නුවණැති අය වැඩ කැමතී

ලැදි ව රජෙක්‌ බොරු බස්‌ කී විගස කයා
නැති ව රිද්දි බලයක්‌ ඒ මිනිස්‌ කයා
පොලොව පළාගෙන ගොස්‌ වැටුනි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

පිසුණු කියා සඟ දෙවමක්‌ වෙනස්‌ කොට
පැසුණු එකෙක්‌ නිරයේ කලපයක්‌ සිට
මුහුණු කුණුව තව පේත වැ විඳි ගැහැට
පිසුණු බසක්‌ නොකියව් අද පටන් කොට

පෙර මහණෙක්‌ සඟ ගණහට බැණ නපුරු
නිරයේ වැටී බිම සත් ගව් වැඩෙන තුරු
ගොර දුක්‌ විඳී තව පේතව සිට කුරිරු
පරහට එයින් නො කියවු බස්‌ නොපියකරු

(c) Shilpa Sayura Foundation 2006-2017