වද කොට මැරුවත් නැත එ විචාරය
ලගුකොට නොසිතව පව පරදාරය
නිරයට ඇද ගෙන යන එ මැ පාරය
අසවා ම කියන බස් අර තරයේ
මුසවා බස් කීවා එක මුරයේ
වසවා දෙව්ලොව යන මං තරයේ
පැසවා මිසැ නාරි ගොස් නිරයේ
පල දෙන පව් පින් දෙක නොබලාමේ
පවසන බස් උරසක් මාලාමේ
බිඳුවන බස් වැඩ නැති කේලාමේ
මතුවන දුක් නොදැනෙන වේලාවේ
අවි ස නොවන බස් කනට යවුල් ලෙස
සිත ස තොසින් කිය කියතොත් පිය බස
පරුස තෙපුල් බිණුවා නම් මහ මඟ දෙස
එ විස නොයයි පරලොව දුක් දී මිස
පෙර සිට වියතුන් නොකියා වැළැකී
දෙලොවට වැඩ නැති බස් අකුසලෙකි
කෙළිය ට වත් ඒ වැඩ නැති බසෙකී
නිරයට වැද යන රජ මහවතෙකී
අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවීමට වේවයි සිතිනේ
උන් කල ඒ සිත අටගත් පවිනේ
උන් මතු නිරයේ දුක් මැයි විඳිනේ
රිසි නූ දනහට කර වාදේයා
නසි වයි යන සිත වෑ පාදේයා
බසිනා නිරයට ඒපාදේයා
කිසි කලෙකත් ඒ ඒ පාදේයා
නිවනට මඟ මේ යයි මුනි කී යම්
දහමට වෙන් වූ දෙසැටක් සමයම්
සරිකොට ගත් සිත වෙයි මිස දිටුයම්
සසර ට බිජුවට මයි ඒ සමයම්
නට සිල් මිස දිටු ගත් අය කැමති
අට ගත් කප් ගිනි කඳ මැද පැසෙති
අට මහ නරකය පැසුණත් නොමැති
පිට සක්‌වළ එක් පෙදෙසක පැසෙති
නොයෙකී රස බිම නිඹ බිජු වට ලත
එමැ කී සිටිනෙය තිත්ත වැ පල ගත
මෙ මකී මිසදුටු අදහස් ඇති සත
කළ කී දෙය අකුසල් මිස පින් නැත