හත්වන පිටුව
 


 

දර රැස ගිනි ඇවිලුනු කල නිබඳේ
ගිනිමිස දර යයි යන බස නොයෙදේ
එමලෙස එක්‌කොට වදහළ මුනිදේ
දුක මිස කය කැයි යන බස නොයෙදේ

ඉදිතොත් බෝකල් ජරයෙන් විසිරේ
නැතහොත් වැදැ යයි මරුමුව කුහරේ
මෙම හත් ජරමර දෙදෙනා අතරේ
මෙසැප ත් සැප යැයි ගනි දෝ කවරේ

අසල් ගෙය කෑ සොරකම් ගිය දවසෙක
කුහ;ල් සිතින් ඉඳින්නේ තම ගෙය රැක
සියල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඇයි ඉන්නේ නොව සැක ?

ගඟ යන ඇත් කුණ ඉඳ මස්‌ රැසටා
සිඳු මැදැ වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ කළහොත් තොපටා
බව සයුරෙන් ගමනෙක්‌ නැත ගොඩටා

පර සතුරන් එති එති යන බසටා
ඇර අඹු දරුවන් යන තොප වලටා
ගොර ජර මරු එනු එනු දැක වෙතටා
පර මා දව ඉඳිනේ ඇයි පිනටා

ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ
ලඟ ඔරුවට ගොඩ නො නැගෙන ලෙසිනේ
සඟ මොක්‌ දෙන බණ අදහා නොගනේ
දුග තිය වැද තොප කිම දුක්‌ විඳිනේ

සිල්ප නැටුම් සේවාකම් පෑ තද
අල්ප දෙයක්‌ උදෙසා විඳිනා වද
සිල්ප හදා රැක්‌කොතින් තතු ලෙද
කල්ප දහස්‌ සුර සිරි විඳිනේ වද ?

උන්නත් නැගී සිටිනට බැරි සීරුව
සිටියත් ඉඳිනට බල නැති වාරුව
ජරපත් වූ කළ නොතිබෙයි මේරුව
කරතොත් කරගන් දන් පින් සීරුව

මුන් හැම අඹුදරුවන් උපදින්නේ
පින් බලයෙන් බෝතල් පවතින්නේ
උන් කළ පින්මය උන් රඳවන්නේ
ඉන් සිත ලොබමය තොප පවතින්නේ

සීල ගුණේ පිහිටා ගෙන නොයිඳේ
ආලය කර රකිනා තොප නිබඳේ
බාල පියබූ දරුවෝ නම් මෙසඳේ
බාල කලට කෙළිනා උතු වලඳේ

(c) Shilpa Sayura Foundation 2006-2017