'ආනල්ඩ් ට්රොයිමිබි' නම් ඉංග්‍රීසි ජාතිකයා කෘෂිකර්මය, වෙළඳාම හා කර්මාන්ත අංශ වලින් 1760 දී පමණ ඇතිවුණු වෙනස්කම් කීපය කාර්මික විප්ලවය යනුවෙන් හඳුන්වනු ලැබේ. ක්ලපඩි හා අන්වින් යන ඉතිහාසඥයින් කර්මාන්ත අංශයෙන් හදිසි වෙනස් වීමක් ඇති නොවුණු බවත්, 1760 ට පෙරත් 1830 ට පසුත් කාර්මික විප්ලවයක් ගැන කථා කළ හැකි බවත් ප්‍රකාශ කරති. ට්‍රෙවලියන් පවසන අන්දමට කාර්මික විප්ලවය ක්‍රමවත් සිදුවීමක් මිස හදිසියේ ඇතිවූ වෙනස් කමක් නොවේ. කාර්මික විප්ලවය ක්‍රමවත් සිදුවීමක් මිස හදිසියේ ඇතිවූ වෙනස් කමක් නොවේ. කාර්මික විප්ලවය එංගල්තයේ මුලින්ම ඇතිවූයේ තුන්වන ජෝජ් රජතුමාගේ කාලයේය.
18 වැනි සියවසේ අගභාගය වනවිට එංගලන්තයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වූයෙන් එන ජනගහණයට සරිලන පරිදි ආහාර සැපයුමක් කිරීමට පැරණි ගොවිතැන් ක්‍රම ප්‍රමාණවත් නොවීය. තුන්වන ජෝර්ජ් රජු දවස මේ නිසා කෘෂිකාර්මික අංශයෙන් විප්ලවයක් ඇතිවීම පෙනී යන්නකි. ධනපතියන් කීප දෙනෙක් අතට ඉඩම් පත්වීම හා විශාල වතු ලෙස වගා කිරීම දක්නට ලැබේ. කෘෂිකාර්මික විප්ලවයක් ඇතිවීමට හේතු වූ කරණු සොයා බැලිය යුතුවේ. ඉඩම් අළුත් ක්‍රම අනුව වගා කිරීමට කටයුතු කළ අතර 1760 වන විට ඉඩම්වල ජලය බැස්වීමට 'එල්කින්ටන්' නැමැත්තා මාර්ගයක් සොයා ගත්තේය. මෙම ක්‍රමය නිසා ඉඩම්වල වැඩි ජලය රඳා පැවතීම ඉවත් කිරීමට හැකිවුණු අතර ඒ වෙනුවට විශාල ඉඩම්වල සතුන් ඇතිකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භවී තිබුණෙන් 'බෙ}ක්වේල්' නැමැත්තා සතුන් ඇතිකිරීම සම්බන්ධයෙන් නවීන වැඩපිළිවෙලක් ද සොයා ගත්තේය. බැටළුවන්, ගවයන් හා එළුවන්ගේ තත්ත්වය දියුණු කිරීමටත්, සතුන් ඇතිකිරීම සම්බන්ධයෙන් යහපත් ක්‍රමයක් අනුගමනය කිරීමටත් මින් හැකිවිය.
භෝග මාරු කිරීමේ ක්රමයක්ද අලුතින් සොයාගනු ලැබිණි. මධ්‍ය යුගයේදී හැම ගොවියාම වර්ෂයක් පාසා එක් බිම් කැබැල්ලක් පාළුවට හැරියේය. ඒ නැතිවුණු සරුව නැවතත් ඇතිවනු සඳහාය. මෙසේ හැම වර්ෂයකදීම කුඹුරු වලින් 1/2 හෝ 1/3 අපතේ ගියේය. එහෙත් භෝග මාරු කිරීමේ ක්‍රමය සොයාගත් පසු කිසිම බිමක් පාළුවට හැරීමට උවමනාවක් නොවීය. එක් භෝගයක් වැවීමෙන් නැතිවී ගිය සාරය වෙනත් භෝගයක් වැවීමෙන්, යළිත් බිමෙහි ඇතිවන පරිදි එකම බිම් කැබැල්ලෙහි විවිධ වර්ගයේ භෝග වවන ලද්දේය. එම බිම්වල ටර්නිප්, බාර්ලි, තිරිඟු වැනි ධාන්‍ය වගාකිරීම කරනු ලැබිණි. මෙම භෝග මාරු කිරීමේ ක්‍රමය හඳුන්වාදීමේ ගෞරවය 'ටවුන්සෙන්ට' හිමිවේ. අර්තාපල්, ටර්නිප් වැනි ද්‍රව්‍ය මෙම ක්‍රමය අනුව වැඩිපුර වගා කිරීමට හැකිවිය. එමෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය අලුත් යන්ත්‍ර උපකරණ 'ජෙට්රෝටල්' විසින් නිපදවනු ලැබිණි. ඔහු අශ්වයින් විසින් අද්ඳින ලද නගුල් පෝරුවක් සහ ඩ්ර]ල් යන්ත්‍රයක් නිපදවීය. ඩ්ර]ල් යන්ත්‍රය නිසා භෝග වර්ග මනාව සංවිධානාත්මකව වගා කළ හැකිවිය. නිතර නිතර පස ගැඹුරට හෑරීමෙන් පසේ සාරවත් බව ඇතිකර ගතහැකි බව ජෙට්රෝටල් පෙන්වා දුන්නේය. ෆේ යන ඉතිහාසඥයා පවසන පරිදි කෘෂිකර්ම ඉතිහාසයේ වැදගත්ම තැනැත්තා ජෙට්රෝටල් වේ. ඇත්ත වශයෙන්ම කෘෂිකර්මය අතින් විප්ලවයක් ඇතිවීම නිසා 18 වන සියවසේ මැද භාගයේදී ඇතිවූ කාර්මික දියුණුව කාර්මික වෙනස්වීම් ඒ නිසාම සිදුවී යයි ප්‍රකාශ කළ හැකිය.
එහෙත් කෘෂිකර්මයෙහි ඇතිවූ සෑම විපර්යාසයක්ම දුප්පතාගේ වාසියට සිටියේ නැත. පුරාණ කාලයේදී සෑම පවුලකටම ඉඩම් කැබැල්ලක් තිබුණේය. ගව දෙනක් දෙදෙනෙක් සිටියේය. කෑම හිඟයක්ද නොවීය. සියල්ලන්ටම කිරි ලබාගත හැකිවිය. එහෙත් අලුත් ක්‍රම පහළ වූ විට, වැඩියෙන් වත් පොහොසත්කම් ඇති අය වගාකළ හැකි ඉඩකඩම් සියල්ලක්ම මිලදී ගත්තෝය. ගමේ හරකුන් කවන පොදු ඕවිටි පෞද්ගලික ඉඩම් හැටියට ධනවතුන් විසින් කොටුකර ගන්නා ලද්දෙන් දුප්පතුන්ට හරකුන් කවන්නට හෝ ගොවිතැන් කරන්නට ඉඩම් නැතිවී ගියේය. ගම්බද ජනයා අතිශයින්ම දිළිඳු වූහ. තේ වතු කාරයාට වාසියක් කරමින් දුප්පතා කිරි වෙනුවට තේ බොන්නට පටන් ගත්තෙත් මේ වකවානුවේය. 1760 සිට 1850 අතර තුර කාලයේදී මෙසේ ඉඩම් අක්කර 70,00000 ක් ධනවතුන් විසින් තමන් සන්තක කරගන්නා ලද්දෙන්, දුප්පතුන්ට නගරයට ගොස් ජීවිකාව සොයා ගන්නට හෝ පිටරට වලට යන්නට සිදුවිය. ගෝල්ඩ්ස්මිත් කවියාගේ 'ඩිසර්ටඩ් විලේජ්' හෙවත් පාළුගම නැමැති කාව්‍යයෙන් කියවෙන්නේ පුරාණ කාලයේදී ඉංග්‍රීසි ගම්බද ජීවිතයෙහි පැවති සෞන්දර්යයක් කෘෂිකර්ම විපර්යාසයෙන් ඉක්බිති ඇතිවූ දුක්ඛිත තත්ත්වයත්ය.
මේ ඉඩම් කොටුකිරීමේ ක්‍රමය නිසා රැකියා හිඟ පිරිසක් එංගලන්තයේ බිහිවිය. බ්‍රිතාන්‍ය විදේශීය වෙළඳාම මේ වන විට දියුණුවූ නිසා අවශ්‍ය ප්රාග්ධනය බ්‍රිතාන්‍ය ධනපතීන් අත නොඅඩුව පැවතුණි. මේ මුදල් යොදවා ඔව්හු කර්මාන්ත කර්මාන්ත පටන් ගත්හ. යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් මහත් විපර්යාසය ඇතිවූයේ රෙදිපිළි කර්මාන්තයේය. පැරණි කාලයෙහි සෑම ගෙදරකම නූල් කටින රෝදයක් තිබුණේය. ගෙදර ස්ත්‍රීහු තම පවුලට අවශ්‍ය රෙදි වියා ගත්තෝය. එහෙත් යන්ත්‍ර පාවිච්චිය ඇතිවූ විට මේ තත්ත්වය සහමුළින්ම පෙරළී ගියේය. නූල් කටින අත් රෝදයෙන් කරකැවුණේ එකම එක ඉද්දකි. නූල් එතුණේ ඒ එක ඉද්දෙහිය. 1733 දී ජෝන් කේ ෆලයින් ශට්ල් නම් යන්ත්‍රය නිපදවීය. 1767 දී ජේම්ස් හා ග්රිවිස් නම් තැනැත්තා 'ස්පිනින් ජෙනී' නම් නූල් කටින යන්ත්‍රය නිපදවීය. මෙම යන්ත්‍රයෙන් පැරණි අත් රෝදයෙන් අඹරා ගත්තාට වඩා නූල් අඹරා ගන්නට හැකිවිය. 1769 දී තවත් නිශ්පාදකයෙක් එනම් රිචර්ඩ් ආක්රයිට් 'ජලරාමුව' නිපදවීය. ඔව්හු කටින රෝද කරකැවීම සඳහා ගලන ජලය උපයෝගි කොට ගත්තේය. ඉක්බිති කල් යත් යත්ම වේගයෙන් ගලායන ගඟක් අසල කර්මාන්ත ශාලාවක් පිහිටුවා ඒ මගින් තම තමන්ගේ ගෙදරවලදී ගම්මුන් රාශියක් විසින් වියනවාට වඩා විශාල රෙදි තොඟයක් වියාගන්නට හැකිවිය. 1799 දී ක්‍රොම්ප්ටන් නැමැත්තා 'මියුල්' නම් නූල් කටින යන්ත්‍රය නිපදවන ලදී. ඒ මගින් සියුම් වර්ගයේ රෙදිපිළි වියාගත හැකි වූයේය. 1784 දී එඩ්මන් කාට්රයිට් බලවේගයකින් යුක්ත 'පවර්ලූම්' යන යන්ත්‍රය නිපදවීය. ඉන්පසු ජල බලයෙන් වැඩ කරවන ඉඳි ලක්ෂ ගණනින් යුත් කර්මාන්තශාලා ඇතිවීමට මඟ පෑදුණේය. නිරන්තරයෙන් තද වැසි පැවතීම නිසා මෝලවල් වැඩ කරවන්නට ජල පහසුව ලබාගත හැකි ලැන්කෂයර් පළාත ලෝකයේ රෙදිපිළි ව්‍යාපාරයෙහි ප්‍රමුඛයා විය. වාෂ්ප බලයෙන් යන්ත්‍ර වැඩ කරවන්නට පටන් ගත් විට එම වේගය නිපදවීමට අචශ්‍ය ඉන්ධන ද්‍රව්‍ය ලැන්කෂයර් ගල් අඟුරු පතල් වලින් ලබාගත හැකි වූයේන් එම පතල් අසල තව තවත් කර්මාන්ත ශාලා පිහිටුවන ලද්දේය. මෙම කර්මාන්ත ශාලාවල වැඩ කිරීම සඳහා කම්කරුවන් වැඩි පිරිසක් ලබා ගැනුමටද එවකට රැකියා හිඟය නිසා පුළුවන් විය.
යන්ත්‍රයෙහි අණසක යථා පැවැත්වෙන්නට වූයේ ගලායන ජලය වෙනුවට අන්කිසි අමුතු බලවේගයක් සොයා ගැනීමෙන් පසුවයි. යාන්ත්‍රික බලය නිපදවා ගැනීම සඳහා වාෂ්පවේග උපයෝගි කර ගැනීම මිනිස් ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවකි. චලනය සඳහා වාෂ්ප වේගය උපයෝගි කරගත හැකි බව පළමුවෙන්ම වටහා ගන්නා ලද්දේ ග්‍රීකයන් විසිනැයි අනුමානයෙන් කියත හැකිය. හීරෝ නැමැති ග්‍රීකයෙක් ඇත්තෙන්ම වාෂ්ප යන්ත්‍රයක් නිපදවීය. ඒ මගින් රෝදයක් කරකන ලද්දේය. වාෂ්ප පොම්ප යන්ත්‍ර බොහෝ කලක පටන් ගල් අඟුරු පතල් වල පාවිච්චි කරන ලද්දේය. පළමු වරට මේ වර්ගයේ පොම්ප එන්ජිමක් සාදන ලද්දේ 1705 දී නිවි කොවන් විසිනි.ජේම්ස් වොට් මෙහි අඩුපාඩු තැන් හරිගස්සා එය වඩාත් ප්‍රයෝජනවත් වන ලෙස සකස් කළේය. පතල් වලින් වතුර පොම්ප කිරීමටත්, ලෝපස් කකාරවන උදුන්වල වාතය පොම්ප කිරීමටත් වොට්ගේ එන්ජිම බෙහෙවින් පාවිච්චි කරන ලදී. ඔහු විසින් නිපදවූ "ධූමයන්ත්ර" මිනිස් ඉතිහාසයේ විශිෂ්ඨතම නිපදවීම යයි ෆේ නම් ඉතිහාසඥයා පවසයි.
1814 දී මුද්‍රණ යන්ත්‍ර වැඩ කරවීම සඳහා වාෂ්ප වේගය පාවිච්චි කරන ලද්දේය. ඊටත් පසු වාෂ්ප එන්ජිම ගොඩබිමින් හා දියෙන් බඩු එහා මෙහා ගෙන යාමට යොදා ගත්තේය. යකඩ සහ වානේ බෙහෙවින් නිපදවනතාක් බහුල ලෙස යන්ත්‍ර සෑදීම කරන්නට නොහැකි වූයේය. බොහෝ ඈත අතීතයේ පටන් සුළු සුළු වශයෙන් යකඩ පාවිච්චි කරන ලද්දේය. ලෝපස කකාරවා ගැනීම සඳහා අවශ්‍ය උෂ්ණය ලබාගන්නා ලද්දේ දර පිළිස්සීමෙනි. 18 වන සියවසේ මුල් භාගයේදී ඉන්ධන බලය ලබා ගැනීමට ලී අඟුරට වඩා හොද ද්‍රව්‍යයක් සොයාගන්නා ලද්දේය. 'කෝක්' නැමති එම ද්‍රව්‍ය සොයා ගන්නා ලද්දේ 'ඒබ්‍රහම් ඩාවි' නැමැත්තාය. ගල් අඟුරුවල ඇති තෙල් හා වෙනත් ද්‍රව්‍ය ඉවත්කර ගත් විට ලැබෙන්නේ කෝක් නැමති මේ ද්‍රව්‍යයයි. හුදු අංගාරය වූ බැවින් එය වහා ගිනිගෙන අධික උෂ්ණත්වයකින් යුක්තව දැවෙන්නේය. ලෝපස් කකාරවන උදුන්වල කෝක් පාවිච්චි වෙන්නට වු විට යකඩ සාදන්නට හැකිවිය. ලෝපස් කකාරවන උදුනද ස්මිටන් විසින් වඩාත් හොදින් සකස් කරන ලදී. උදුනෙන් පිටවන හැඩි යකඩවල අපිරිසිදු ද්‍රව්‍යය ඉවත්කොට උසස් වර්ගයේ වානේ සෑදීමට ක්‍රමයක් 1784 දී හෙන්රි කෝට් විසින් සොයා ගන්නා ලදී. 1787 වන විට ෂෙපිල්ඩ්හි වානේ කම්හල් විස්සක් පමණ ඇතිවිය. වානේ සෑදීම හේතුකොට ගෙන වානේ ආයුධ හා මෙවලම් පාවිච්චිය බහුල විය. ඉන්පසු මේ ආයුධ මගින්ම වඩවඩා හොද යන්ත්‍ර සූත්‍ර සාදා ගන්නට හැකිවිය.
"ලෝකෝමෝට්චි" එන්ජිම හෙවත් ජංගම එන්ජිම නිපදවීමෙන් පසු දුම්රිය මගින් බඩු ගෙනයාමද බහුල විය. ඩක්කු හා ට්‍රක් මගින් ගල් අඟුරු එහා මෙහා ගෙනයාම සඳහා ගල් අඟුරු පතල් අසල රේල්පීලි යෙදූ පාරවල් පාවිච්චි කරන ලදී. මේ වාහන එක්කෝ අශ්වයින් විසින් ඇදගෙන යන ලදී. නැතහොත් මිනිසුන් විසින් තල්ලු කරන ලදී. ස්ටීවන්සන් විසින් නිපදවන ලද ජංගම එන්ජිමේ ආධාරයෙන් බඩු හෝ මගීන් ගෙන යන මුළු දුම්රියක්ම (එකට ඈදූ කෝච්චි පෙට්ටි ගණනක්ම) රේල්පීලි මත ඇදගෙන යත හැකිවිය. මේ එන්ජිම නිසා හැම අන්දමේම රථවාහන ගමන පෙරට වඩා බොහෝ සෙයින් ශීඝ්‍ර විය.
කර්මාන්තශාලාවලට අවශ්‍ය ප්රාග්ධනය ලබා ගැනීමට එංගලන්තයේ බැංකු සේවයක් ආරම්භ විය. මේ අනුව බලන විට කාර්මික විප්ලවය නිසා එංගලන්තය තිබූ පැරණි රටාවෙන් ඉවත්වී නව ශිෂ්ටාචාරයකට එළඹී බවත්, කර්මාන්තශාලා අධිකවීම නිසා ඒවා නිපදවන ද්‍රව්‍ය ලෝකයේ දස දෙස අලෙවිවීමත් නිසා වාණිජ ඒකාධිකාරිත්වය ලබා ගැනීමත්, එංගලන්තයේ කාර්මික නගර බිහිවීමත්, කර්මාන්ත නගර ඇතුළත ඉදිරි යුගයේදී දේශපාලඥයින්ට ප්‍රශ්න ගණනාවකටම මුහුණ පෑමට සිදුවීමත් පැහැදිලිවම පෙනෙන කරුණකි. කාරමික විප්ලවය ගෙන බලන විට එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද දක්නට හැකිය. 1760-1830 දක්වා පමණක් යුගය කාර්මික විප්ලවයට සීමා කළ නොහැකි අතර 1760 ට පෙරත් 1830 ට පසුත් අදත් කර්මාන්ත වෙනස්වීම සම්බන්ධයෙන් කථාකළ හැකි බව කිව හැකිය.
18 වැනි සියවසේ අගභාගය වනවිට එංගලන්තයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වූයෙන් එන ජනගහණයට සරිලන පරිදි ආහාර සැපයුමක් කිරීමට පැරණි ගොවිතැන් ක්‍රම ප්‍රමාණවත් නොවීය. තුන්වන ජෝර්ජ් රජු දවස මේ නිසා කෘෂිකාර්මික අංශයෙන් විප්ලවයක් ඇතිවීම පෙනී යන්නකි. ධනපතියන් කීප දෙනෙක් අතට ඉඩම් පත්වීම හා විශාල වතු ලෙස වගා කිරීම දක්නට ලැබේ. කෘෂිකාර්මික විප්ලවයක් ඇතිවීමට හේතු වූ කරණු සොයා බැලිය යුතුවේ. ඉඩම් අළුත් ක්‍රම අනුව වගා කිරීමට කටයුතු කළ අතර 1760 වන විට ඉඩම්වල ජලය බැස්වීමට 'එල්කින්ටන්' නැමැත්තා මාර්ගයක් සොයා ගත්තේය. මෙම ක්‍රමය නිසා ඉඩම්වල වැඩි ජලය රඳා පැවතීම ඉවත් කිරීමට හැකිවුණු අතර ඒ වෙනුවට විශාල ඉඩම්වල සතුන් ඇතිකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භවී තිබුණෙන් 'බෙ}ක්වේල්' නැමැත්තා සතුන් ඇතිකිරීම සම්බන්ධයෙන් නවීන වැඩපිළිවෙලක් ද සොයා ගත්ත