ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසිලෙස සැරසුම්
පාලා ගිය වැනි බහු රූ කෝලම්
මෙ බස් තම නුවණින් ම විමසා
නොතිර වූ කය ගති අසන්නේ
දෙතිස් කුණුයෙන් යුතු වූ මඳකුත්
සාරනු බව නැණින් දන්නේ
මිනිස් බව ලත් තැනේ කුසලක්
නොකර උන්නොත් අපල වන්නේ
සතිස් එක්‌සිය නිරේ වැටුණොත්
එදයි අනුවණකම් දැනෙන්නේ
පෙරත් ජාතියේ පතාගත් දැන් හේතු
බලයෙන් මෙතැන්නේ
ළගත් වෙන් නොවැ සමඟ දවසැර
උන් නමුත් සෙනෙහසින්නේ
පණත් යන කල තනි වැ ගෙයි උන්
අයත් වෙන්වේ බඳින්නේ
පිනුත් කල නිති කැටුව යෙයි ගිය
තැනේ දී සැප විඳින්නේ
සාර නූ කුණු කයක් ඇරගෙන කරන
බහු නාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැර උන්
නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට
කැඳවා එමැ සඳේ
බාර ව මැ සිටුවන්ට බැරිවද පිනක්
කර ගත්තොත් සොඳේ
සරණ මුනිදුගෙ අදහ පිනකුත්
නොකර ඉන්නේ කුමට දෝ
මරණ පැමිණෙන කලට යමයා
ඇවිත් කැඳවා යන්ට දෝ
කරණ සොඳකම් දම් පිනක් කළ
කියනු නුවණින් සොඳ වෙ දෝ
කුමන අනුවණකම් ද නෑයිනි අඬනු
සිටුවා ගන්ට දෝ
අඬාලා කම්පා වැ උන්නත් ඉතින්
දැක්‌මෙක් නොවන්නේ
තනාලා සිත පිණක් නොකරම
කුමට උපයා තබන්නේ
දමාලා යන නරක කුණු කය
කුමට දෝ සැප විඳින්නේ
දිනා ලා මොක්‌පුරට යන්නට මකී
මේ බණ අසන්නේ
සිටින ඇමිණි ගෙන මේ සසර බිළියේ
විඳින මෙ සැප ජරයෙන් තැළි තැළියේ
දකින නැටුම් වැනි විදුලිය එළියේ
මෙ දැන නොකර කුසලට කම්මැළියේ
දන් පින් බැරි දේ කැයි නොසිතන්නේ
අන් කළ පින් අනුමෝදන් වන්නේ
උන් කළ පින් සරි පින ලැබ ගන්නේ
ඉන් වද සඟමොක් සැප සාදන්නේ
සයට වේද රස මුසු බත් කන්නේ
ගඳ ට වේද ඇග සුවඳ කරන්නේ
ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ
ඉන්වද සඟ මොක් සැප සාදන්නේ
මානෙත් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය
දානෙන් සීලෙන් නොකරොත් දරුමය
පානෙන් අඳුරට ගෙන යයි කරුමය