මන් සන් තොස් කර කිම පල සෙස්‌සේ
දැන් දැන් එයි මරුවා පසු පස්‌සේ
ඉන් පින් මය කටයුතු නම් දස්‌සේ
ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නුවොත් මිස
මෙස සර අත්හැර නොයන මෙ දුක් රැස
වෙසසින් නැත අත්හරිනා උපදෙස
තැතකින් ගෙන දැමුවත් කැට නුඹ කුස
අතරක නොරඳන මෙන් මේ බිම මිස
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙස
නැත සිටිනා තැන් සතර අපා මිස
තිරව නොසිත කුණු කය මෙ තමා යේ
නොතිර බවට විදුලිය උපමා යේ
නිතර මේ කය පවකට නොනනා යේ
කරව කුසල් වීරිය නොපමා යේ
අඳුරෙහි අස් ලොම විඳිනට දුරැ දී
විදුලිය පැහැ වැරදුණ හොත් වර දී
විදුලිය වන් මේ කය ලත් තැනැ දී
සිදු නොකළොත් මතු සඟමොක් වර දී
කොතන වුවත් නැත මරු හට බාදා
විඳින මේ සැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනාදා
සැදෑහැත් තැන්හට බව දුක් නොකැමති
යහපත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන් සිල් ගුණ සිත නොනැවති
පැයකුත් අවුරුදු දහසක් විතරැති
අද අද එයි මරු පින්කැර ගන්නේ
කෙලෙසද සෙට මරු එතියි සිතන්නේ
කිකල ද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුලට කම්මැලි වන්නේ
කුමර ද කා බී නිති සැරසෙන්නේ
කොතන ද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැළිව පින් කැර ගන්නේ
එමව ද බව සයුරෙන් ගොඩ ලන්නේ
තර ව සසර සයුරෙන් තොප නොලසා
තිර ව ලබන මොක් සිරි සැප සකසා
තොර ව පවින් නිතරම මුනි බණසා
කර ව කුසල් වීරිය පසු නොබැසා