ධනය හිමිකම හා උගත්කම පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතියක් බිහිවිය. ඊට 1833 දී ක්‍රියාත්මක කළ අාණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හේතුවිය.
එතුළින්,
1. ස්වදේශිකයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දී අාණ්ඩුවේ තනතුරැ දැරීමට අවස්ථා සලසා දීම.
2. එමඟින් සමාජයේ ප්‍රභූ පිරිසක් බිහිවීම හා ඔවුන්ගෙන් දේශීය සභ්‍යත්වය හා සංස්කෘතියට බලපෑම් එල්ල වීම.
මේ වන විට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රට තුළ මිෂනාරි පාසල් විශාල සංඛ්‍යාවක් ආරම්භ වී තිබුණු අතර මෙමඟින් උසස් යැයි සම්මත මුලාදෑනි පංතියට අමතරව පහත් යැයි සම්මත කුලවල ධනවතුන්ට ද ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා රජයේ ඉහළ තනතුරැ වලට පත්වීමට අවස්ථාව සැලසිණි. මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ වෙනත් වෘත්තීන්හි නියැලි පිරිස ද 19 සියවසේ මැද භාගයේ දී ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතියක් ලෙස සංවිධානය වීමය.
යුරෝපීය සිරිත් අනුගමනය කළ මොවුහු ව්‍යාපාරික කටයුතු වලින් ධනය උපයාගත්හ. මොවුන් කළ ව්‍යාපාරයන් අතර,
1. අරක්කු, රේන්ද මිලදී ගැනීම.
2. වතු වගාවට අවශ්‍ය සේවා සැපයීම හා ප්‍රවාහන පහසුකම් සැපයීම.
3. කැළෑ එළි පෙහෙළි කිරීම හා ගොඩනැඟිලි ඉඳිකිරීම. ප්‍රධාන විය.
මිනිරන් කර්මාන්තයෙන් ද විශාල ධනයක් උපයා ගත් මොවුහු 20 වන සියවසේ මුල් දශකයේ සිටම ශ්‍රී ලංකාවේ මහා පරිමානයේ පොල් වගාකරැවන් වූවෝ මෙන්ම ඉඩම් හිමි වැවිලි කරැවෝ වූහ.
එපරිද්දෙන් ධනය උපයාගත් මොවුහූ තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දුන්හ. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද ඔවුන් මේවන විට ඉංග්‍රීසින් ක්‍රියාත්මක කළ ආර්ථික කටයුතු වලින් ද ප්‍රතිඵල නෙළා ඉංග්‍රීසි උගත් ස්වදේශිකයන්ගෙන් යුක්ත මධ්‍යම පංතියක් බිහි කළෝය.
නමුත් මෙම ඉංග්‍රීසි උගත් දේශීය මධ්‍යම පංතියට දේශපාලන බලයක් නොවීය. බ්‍රිතාන්‍යයන් විසින්ම පාලන කටයුතු හෙබවීය. නමුත් බටහිර පන්නයට හැඩගැසුනු මෙපිරිස අලුත් සමාජ බලවේගයක් වෙමින් දේශපාලන බලය ලබාගැනීමේ ව්‍යාපාරයක නිරත වූ අතර, පසු කාලයේ ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ ව්‍යාපාරවලට ද සේන්දු වූහ.